Home සයුරෙන් එහා පුවත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන මෙන්න විශේෂ ආරංචියක්..

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන මෙන්න විශේෂ ආරංචියක්..

0
41

ඔහුගේ මේ පැමිණීම බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටි කාරණයක් වුණා.. බොලිවුඩයේ කින් ඛාන්..

මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන විශේෂ කතාවයි..

සිටි ඔෆ් ඩී්‍රමිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා..

සියලු‍ පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස මෙම ව්‍යාපෘතිය සැළකෙනවා..

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට පැවතීම විශේෂත්වයක්..

ඒ අනුව එහි සමාරම්භක උත්සවයට ලබන අගෝස්තු මස 02 වනදා බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණෙනු ඇති…

Previous articleස්වාභාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ මෙන්න මෙහෙමයි..
Next articleඑලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව දැන් ලංකාවටත්… ලබාගන්නේ මෙහෙමයි !
error: Content is protected !!
Verified by MonsterInsights