Home දේශිය පුවත් රටක් ආදරේ කරන ගුරු තරුව දිනේෂ් මුතුගල සර් හැමෝම පුදුම කරමින් ගත්...

රටක් ආදරේ කරන ගුරු තරුව දිනේෂ් මුතුගල සර් හැමෝම පුදුම කරමින් ගත් අපූරු තීරණය මෙන්න

0
112

තමන් Popular Awards වෙතින් ඉවත් වන බවත්, ඉදිරියේදී ද සම්මාන උළෙල තුළ ගුරුවරුන් උදෙසා පවත්වන තරගවලට සිය නම නොයෙදවීමට තීරණය කර ඇති බවත් ජනප්‍රිය දේශක දිනේෂ් මුතුගල නිවේදනය කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින්.
එම සම්පූර්ණ සටහන පහතින්,

”මෙම සම්මාන උළෙලින් මා ඉවත් වීම සම්බන්ධවයි..!
ප්‍රථමයෙන්, මාව මෙම සම්මාන උළෙලට තෝරා ගැනීම පිළිබඳ එහි සංවිධායකවරුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
මෙහි මුල්ම සම්මාන උළලේ දී එහි ජනප්‍රියම ගුරුවරයා සම්මානය දිනාගන්නට ලැබීම පිළිබඳව මගේ නිහතමානී සතුට ද, ස්තුතිය ද පුදකරමි.
ගුරුවරුන් අතර සමගිය උදෙසාත්, දූ දරුවන් සහ අපට ආදරය කරන ජනතාව අතර අනවශ්‍ය තරඟයක් ඇතිවීම වැළැක්වීම උදෙසාත්, සම්මාන උළෙල තුළ ගුරුවරුන් උදෙසා පවත්වන තරඟවලට ඉදිරියේ දී මගේ නම නොයෙදවීමට තීරණය කළෙමි..!
මෙම තීරණය කිසිසේත්ම කිසිම අයෙකු හෝ සංවිධානයක් කෙරේ අමනාපයකින් ගත් තීරණයක් නොවේ. ඉහත කී හේතුව මත පමණක් පදනම් වේ.
මගේ නම මේ ලැයිස්තුවෙන් ඉවත් කරන මෙන් ඉතා ගෞරවයෙන් සංවිධායක මඩුල්ලෙන් ඉල්ලා සිටිමි.
මේ දක්වා මේ වෙනුවෙන් වචනයකින් හෝ මා හට සහයෝගය දැක්වූ සියලුදෙනාට හිස නමා ආචාර කරමි. ඔබේ ආදරයට හැමදාමත් ආදරය කරමි. ඔබට ස්තුතියි..!

– දිනේෂ් මුතුගල

Previous articleස්මෝකි ඔයාට මෙච්චර ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාලා ගියාට පස්සේ..” හැමෝම ආදරේ කරන අමල්ගෙන් සංවේදී සටහනක්..!
Next articleකවුරුත් ආදරය කරන පුංචි ඒඩ්න්ගේ උපන්දින සැමරුම මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights