Home සයුරෙන් එහා පුවත් ලොවක් කළඹමින් තම සහෝදරියට කුස දුන් ආදරණීය සහෝදරියකගේ අපූරු කතාවක් මෙන්න

ලොවක් කළඹමින් තම සහෝදරියට කුස දුන් ආදරණීය සහෝදරියකගේ අපූරු කතාවක් මෙන්න

0
91

බ්‍රිතාන්‍යයේ සිදුකළ පළමු සාර්ථක ගර්භාෂ බද්ධයෙන් පසු උපන් පළමු දැරිය පිළිබඳව වාර්තාවී තිබෙනවා.

සිය වැඩිමහල් සහෝදරිය විසින් පරිත්‍යාග කළ ගර්භාෂයක් බද්ධ කළ කාන්තාවක් මෙම සාර්ථක දරු උපත සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

36 හැවිරිදි ග්‍රෙස් ඩේවිඩ්සන් නැමැති බ්‍රිතාන්‍ය කාන්තාව උපත ලබා ඇත්තේ ක්‍රියාකාරී ගර්භාෂයක් නොමැතිවයි.

ඇය විසින් 2023 වසරේදී සිය සහෝදරිය වන ඒමීගේ ගර්භාෂය සැත්කමක් මගින් ලබාගත් අතර එය එක්සත් රාජධානියේ සිදුවු පළමු සාර්ථික ගර්භාෂ බද්ධ කිරීමයි .

එම සැත්කමෙන් වසර දෙකකට පසු මෙම වසරේ පෙබරවාරි මසදී ග්‍රෙස් ඇයගේ පළමු දරුවා බිහිකළ අතර ඇය ගැහැණු දරුවෙක් වනවා.

ග්‍රේස් විසින් මෙලොවට බිහි කළ කුඩා දියණියගේ පළමු නම ලෙස ඒමි යන නම තබා ඇත්තේ ඇයගේ සහෝදරිය සිහිවීමටයි.

ඇයගේ දෙවැනි නම ලෙස ඉසබෙල් යනුවෙන් නම් කර තිබෙන්නේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ වෛද්‍යවරිය සිහිවීමටයි.

මෙම සැත්කම සඳහා පවුම් 30,000ක මුදලක් වැය වී ඇති අතර 30කට අධික වෛද්‍ය කණ්ඩායමක් පැය 17ක් මුළුල්ලේ එම සැත්කම සිදු කර තිබෙනවා.

මේ වන විට ඒමි බ්‍රිතාන්‍ය පුරා ප්‍රචලිත වී ඇත්තේ එරට සිදුකළ පළමු ගර්භාෂ බද්ධයකින් පසු උපත ලැබු දරුවා ලෙසයි.

ලොව පළමු ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ 2014 වසරේදී ස්වීඩනයේ වන අතර එතැන් සිට ලොව පුරා එවැනි සැත්කම් 135කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතත් ඒ හරහා සාර්ථක අයුරින් උපත ලබා ඇත්තේ දරුවන් 65ක් පමණයි.

Previous articleඑයා ඔයාගේ හොඳම යහළුවට වඩා ලෝබයි. ලෝකේ ඉන්න මසුරුම ගැහැණිය මෙන්න. කොච්චර ලෝබද කියනවා නම් ජීවිත කාලෙම එකම ඇදුම ඇදලා…
Next articleඇත්තටම මාර දුකක් ඒක… රටක් ආදරේ කරන රංගන ශිල්පී විශ්ව කොඩිකාර මේ දුක් වෙන්නේ කවුරු ගැනද ?
error: Content is protected !!
Verified by MonsterInsights