Home දේශිය පුවත් එන්න බෑ කියපු ශාරුක් ඛාන් වෙනුවට ලංකාවට එන සුපිරි බොලිවුඩ් තරුව මෙන්න

එන්න බෑ කියපු ශාරුක් ඛාන් වෙනුවට ලංකාවට එන සුපිරි බොලිවුඩ් තරුව මෙන්න

0
70

City of Dreams නැමැති මෙරට නවතම සාප්පු සංකීර්ණය විවෘත කිරීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශාරුක් ඛාන්ගේ පැමිණීම සිදු නොවන බවට ඊට පසුව නිල වශයෙන්ම දැනුම් දුන්නා.

දැන් ආරංචි වන පරිදි, මේ අවස්ථාවට පැමිණෙන්නට තවත් ජනප්‍රිය බොලිවුඩ් නලුවෙකු සූදානමින් සිටිනවා.
ඒ Krishh, Super 30, Koi Mil Gaya වැනි චිත්‍රපට තුළින් ඔබ ආදරය කළ ජනකාන්ත ඉන්දීය සිනමා නලුවෙකු වන රිතික් රෝශන්!!!

‍රිතික් රෝශන් එළඹෙන අගෝස්තු 02 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර කොළඹ අලුතින්ම ඉදි වූ මෙම සාප්පු සංකීර්ණය ඔහුගේ සුරතින් විවෘත කිරීමටත් නියමිතයි.

 

Previous article“දෙන්නම බේරගන්න හස්බන්ඩ් පැන්නා… තනියම බැරි නිසා මාත් පැන්නා” – වියානා ඇලට වැටුණු පෙම්වතා බේරාගත් ඔවූන් කියන කතාව.
Next articleඔයාටත් කොලෙස්ටරෝල්ද ? ලෙඩේ වැඩි වෙන්න කලින් හරියටම දැනගන්නේ මෙහෙමයි !
error: Content is protected !!
Verified by MonsterInsights