Home දේශිය පුවත් පුංචි තිරයෙන් රිදී තිරයෙන් රටක්ම ආදරේ කල සහේලිට අ.පො.ස සා. පෙළින් ලැබුණු...

පුංචි තිරයෙන් රිදී තිරයෙන් රටක්ම ආදරේ කල සහේලිට අ.පො.ස සා. පෙළින් ලැබුණු විශිෂ්ඨ ප්‍රතිඵලය මෙන්න

0
46

සා.පෙළ ප්‍රතිඵල ආවා. සමාජ මාධ්‍යයේ හුවමාරු වන මේ ප්‍රතිඵල සටහන් අතර,

හරි අපූරු ප්‍රතිඵලයක් අපේ ඇස ගැටුණා.
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, සම්මානනීය ළමා නිළි සහේලි සදිත්මා සතරසිංහගේ.
සහේලිගෙ ප්‍රතිඵලය A සාමාර්ථ අටක් සහ එක් B සාමාර්ථයකින් යුක්තයි.
ඒ කියන්නෙ ඈ විශිෂ්ට ප්‍රතිඵලයක් අත්කරගෙන.
සහේලිගෙ මේ ප්‍රතිඵලය විශේෂ වෙන්නෙ, ඇය කලාව තුළ සාර්ථක ගමනක් යන ගමන් ලැබූ ජයග්‍රහණයක් වීම නිසාවෙන්.

සහේලි සදිත්මා කලාවට එන්නෙ හරිම පොඩි වයසකදි. ඒ වෙළෙඳ දැන්වීම්වලින්. පොඩි වයසකින් කලාවට ආවට මොකද, ඇගෙන් කිසිම ආගන්තුක බවක් නම් එදත් දක්නට ලැබුණේ නෑ.
‘බන්ධනය’ කියන්නෙ ඊට කදිම උදාහරණයක්. බන්ධනයේ ඈ රඟපෑවේ සුමනා නම් දැරියගේ චරිතයට. ඒක සරල චරිතයක් නෙවෙයි.

එතකොට සහේලි 2 වැනි වසරේ.
බන්ධනයට අමතරව දේදුනු ආකාසේ, සුජාතා, තාරා, සී රජ, සකූගේ කතාව ආදී නිර්මාණවලින් සහේලි නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා.

ඈ රංගන කාර්යය තුළ කෙතරම් සාර්ථක ද කියනවා නම්, සහේලි මේ වෙද්දි සම්මානනීය ළමා නිළියක්.
රංගනය තුළ එවන් දස්කම් පාන ගමනුයි, සහේලි මේ විදියට අධ්‍යාපනය තුළිනුත් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නෙ.

ගොඩක් දෙමාපියන්, දරුවන්ව අධ්‍යාපනයෙන් ඉස්සරහට යවන්න ඕනි නිසාම,,, ඔවුන්ගේ කලාවට ඇති කැමැත්ත සහ ඊට යොමුවෙන්න තියන ඉඩකඩ සීමා කරනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම අහිමි කරලා දානවා.
ඒක කෙතරම් අපරාදයක් ද කියලා ඔවුන්ට නොතේරෙන තරම්.

එවන් දෙමාපියන්ට සහේලිත්, සහේලිගේ දෙමාපියනුත් කදිම පාඩමක් කියලා දීලා තියෙනවා.
අධ්‍යාපනය වගේම කලාවත් සමබර කරගෙන ඉස්සරහට යන මන්තරේ ඔවුන් හරියට ම හඳුනගෙන තිබුණා.
සහේලි කලාවට එන්නෙ පුංචිගෙ අතින් අල්ලගෙන කිව්වොත් හරියටම හරි. ඈ ධනංජි තාරුකා. පුංචි වගේම දූත් කලාවේ හරි ලස්සන ගමනක් යනවා…..

channel e

Previous articleමානසික සුවයක් ලබන්න නිවරැදිව භාවනා කරන ක්‍රම මෙන්න
Next articleඋසස්පෙළට ආට්ස් කරල කැම්පස් ගිහින් ලෝකෙ හොඳම ඉංජිනේරු නිපැයුමට සම්මානයක් ලැබුන කිව්වොත්, ඒකත් ටෙස්ලා සමාගමේ කණ්ඩායමක් පරදවලා..? අදහාගත නොහැකි ඓතිහාසික ජයක් වාර්තා කල ශ්‍රී ලාංකීය දිරිය දියණියක් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights