Home දේශිය පුවත් ශ්‍රී ලාංකීය සංගීතයේ ගීත කෝකිලාවිය නන්දා මාලනිය වෙනුවෙන් සිදු කරන්නට යන සතුටුදායක...

ශ්‍රී ලාංකීය සංගීතයේ ගීත කෝකිලාවිය නන්දා මාලනිය වෙනුවෙන් සිදු කරන්නට යන සතුටුදායක ආරංචිය මෙන්න

0
80

ගුවන්විදුලි සංස්ථාවේ 9 වැනි මැදිරිය හෙට නන්දා මාලිනියගේ නමින් නම් කෙරෙන වගයි

අගෝස්තු 21, 2025
උණුසුම් පුවත්
දේශීය පුවත්
කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය නමින් හෙට (22) පෙරවරු 8.30 ට නම් කරන බව එහි සභාපති උදිත ගයාෂාන් ගුණසේකර මහතා පවසනවා.

මෙම අවස්ථාවට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගි වීමට නියමිතයි.

එමෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කෘතහස්ත ගේය පද රචක කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණ ගී පද රචකයන් ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

ආචාර්ය නන්දා මාලිනි මැදිරිය විවෘත කිරීම මෙන්ම ඇයගේ ඡායාරූපයක් ද මෙහිදී නිරාවරණය කෙරෙනු ඇති.

මීට අමතරව ඇයට තිළිණ ප්‍රදානයක් සිදු කිරීමට ද නියමිත බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

Previous article“මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා…දියණිය සමග වෛද්‍ය විදුහලට යාමට සුදුසුකම් ලැබූ ඔවුන්ගේ කතාව…
Next article“මම මේ කසාදේ තාමත් ඉන්නේ දරුවෝ හින්දා විතරයි” ඔයාටත් මේ විදියට හිතෙනවාද?එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…
error: Content is protected !!
Verified by MonsterInsights