Home දේශිය පුවත් පිහිනුම් තටාකයක් නිසා දිවි අහිමි වූ පුංචි මල් කැකුළක් ගැන ඇසෙන හද...

පිහිනුම් තටාකයක් නිසා දිවි අහිමි වූ පුංචි මල් කැකුළක් ගැන ඇසෙන හද සසල කරවන පුවත මෙන්න..

0
55

දරුවන් කියන්නේ හරියට මල් වගේ. වැඩිහිටියන් වෙන අපි නිරන්තරයෙන් එයාල ගැන හරි අවධානයෙන් ඉන්න ඕන. අවධානය නැතිවීම කියන්නේම දරුවන්ගේ ජිවිත වලට අනතුරක් වෙන්න පුළුවන් .

මේ කියන්න යන්නේ සීගිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණ සංවේදී පුවතක් ගැන. සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් අවුරුදු 05ක දරුවෙක් මියගොස් තිබෙනවා.
මේ දරුවා මව්පියන් එක්ක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටිය දී තමයි මේ විදියට අනතුරට පත් වෙලා තියෙන්නේ. වාර්තා වෙන ආකාරයට නම් මේ අනතුර  (08) සවස් කාලයේ සිදුව ඇති අතර එම දරුවා දළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පිහිනුම් තටාකයේ ගිලුණු දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිට තිබෙනවා. නමුත් ඔහු පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

Previous articleරාත්‍රි නින්දට යන්නට පෙර ඔබත් මේ දේවල් කරනවද ? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි.
Next articleඅම්මෝ ඒ දවස් ටික නම් අමතක වෙන්නේම නැතිවෙයි.. ආදරයෙන් බැඳුණු අංජලී – දිනිත පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ… Photos
error: Content is protected !!
Verified by MonsterInsights