Home දේශිය පුවත් හිතේ සතුට ට කඳු තරණයට ගිය අවු. 25ක් ශ්‍රී ලාංකීය තරුණයා ඉතාලියේදී...

හිතේ සතුට ට කඳු තරණයට ගිය අවු. 25ක් ශ්‍රී ලාංකීය තරුණයා ඉතාලියේදී සිදු වූ හද කම්පා කරනවන පුවත මෙන්න..

0
153

ඉතාලියේ මිලානෝ නගරයට නුදුරින් පිහිටි කදු වැටියක් තරණය කිරීමට ගිය ශ්‍රී ලාංකික තරුණයකු එම කන්දෙන් ඇද වැටී මීට දින දෙකකට ඉහත දී මියගොස් ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මිලානෝ නගරයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වූ මතේඕ වනසිංහ නමැති තරුණයෙකි.

එම තරුණයා ඉතාලියේ මිලානෝහි පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයෙකු ද වන අතර එම රටේ පැවැති තරගවලින් අවස්ථා ගණනාවකදීම ජයග්‍රහණයන් රැසක් ලබාදී ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.

ඔහු ඇතුළු මිතුරන් පිරිසක් කන්ද තරණය කර ආපසු එමින් සිටියදී එක්වරම පය පැටලී ලිස්සා ගොස් ප්‍රපාතයට ඇද වැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි මිලානෝහි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් පැවසූහ.

මෙම තරුණයා මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙම කන්ද තරණය කර තිබෙන බවටද තොරතුරු හෙළි වී ඇතැයි එම ශ්‍රී ලාංකිකයෝ වැඩිදුරටත් පැවසූහ.

මීගමුවේ පදිංචිකරුව් වූ ප්‍රියන්ත වනසිංහ මහතාගේ සහ ඔහුගේ බිරිය වන අනුරානි මහත්මියගේ දෙවැනි පුත්‍රයා වන්නේ මතේඔ්ය.

මතේඕ තරුණයාගේ මව්පියෝ වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නෝ වෙති.

මිලානෝ පොලිසිය මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක්ද පවත්වාගෙන යයි.

උපුටා ගැනීම ලංකාදීප පත්තරෙන්

The funeral ceremony of Matteo Wanasinghe will take place at 15:00 hrs
in the afternoon
on 05 April 2026 at:
“Le Case Funerarie”
Via Corelli, 120
20124 Milano.

#gossipbro #italy #milano #MatteoWanasinghe #funeral #SriLankansInItaly

Previous articleමෙන්න නියම බොස්ලා! සුළු සේවකයින්ට iPhone 17 දුන් Wild Cookbook තරුණයාගේ අපූර්ව ආදර්ශය මෙන්න..
Next articleවිවාහයෙන් දින 39කට පසු රශ්මිකා හා විජේ තුන්දෙනෙක් වෙලාද..? ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights