Home සයුරෙන් එහා පුවත් විවාහයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියට සිදු කල අහස පොලොව නුහුලන...

විවාහයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියට සිදු කල අහස පොලොව නුහුලන ඛේදනීය ඉරණම මෙන්න.

0
110

මේ කියන්න යන්නේ හිතාගන්නවත් බැරි කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාව්නගර්හිදී විවාහ වීමට නියමිතව සිටි 22 හැවිරිදි තරුණියක්, ආහාර සහ මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, යකඩ පයිප්පයකින් පහරදී ඇගේ මනාලයා විසින්ම දරුණු ලෙස ඝාතනය කර තිබෙනවා.

මියගිය සෝනි රතෝඩ් (Soni Rathod) නම් 22 හැවිරිදි මෙම තරුණියව ඝාතනය කර ඇත්තේ ඇය විවාහා වීමට සිටි 26 හැවිරිදි සජන් බරෙයියා නම් පුද්ගලයා විසින්.

මෙම ඛේදජනක සිදුවීම විවාහ චාරිත්‍ර ආරම්භ වීමට පැය කිහිපයකට පෙර, ප්‍රභූදාස් විල ප්‍රදේශයේ ටෙක්රි චෝක් අසලදී සිදුව තිබෙනවා.

විවාහය පැවැත්වෙන දිනයේ උදෑසන ඔවුන් දෙදෙනා අතර ආහාර සහ මුදල් සම්බන්ධයෙන් ආරවුලක් හටගත් බවත්, එය ඉතා ඉක්මනින් දරුණු ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෝපයට පත් සජන්, යකඩ පයිප්පයක් ගෙන සෝනිගේ හිසට සහ සිරුරට නැවත නැවතත් පහර දී ඇති අතර, ඇගේ හිස බිත්තියක තදින් හැප්පවීමට ද කටයුතු කර තිබෙනවා.

පහරදීමෙන් පසු සජන් බරෙයියා වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ගංගාජාලියා පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු, පොලිස් කණ්ඩායම් වහාම සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

නගර නියෝජ්‍ය පොලිස් අධිකාරී ආර්. ආර්. සින්ධාල් පැවසුවේ, “මනාලයා අද උදෑසන මනාලියගේ නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් අතර ආරවුලක් ඇති වී ඇති බවයි.

මෙම ආරවුල අතරතුර සජන්ගේ කෝපය පාලනය කර ගැනීමට නොහැකි වී යකඩ පයිප්පයකින් ඇයට බරපතල තුවාල සිදු කර තිබෙනවා.

පසුව ඇය බිත්තියට තල්ලු කිරීමෙන් හිසට බරපතල තුවාල සිදු වී මියගොස් ඇති බවයි පොලිස් අධිකාරිවරයා පවසා සිටියේ.

පොලිසිය මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබෙනවා.

Previous articleසීනී කෑවොත් දියවැඩියාව විතරක් නෙමෙයි මේ භයානක ලෙඩෙත් හැදෙනවලු… සීනි බෝතලේ සැඟව සිටින පි.ළිකා මා.රයා මෙන්න
Next articleඇය සැමියාව හොඳින් තේරුම් ගත් කාන්තාවක්.. ඔහුගේ ආසාව වෙනුවෙන් තමන් වගේම නිමැවුණු බෝනික්කෙකු සැමියාට තෑගි කළ බිරිඳක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights