Home දේශිය පුවත් නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුර ගැන දැන් ඇසෙන අලුත්ම ආරංචියක්...

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුර ගැන දැන් ඇසෙන අලුත්ම ආරංචියක් මෙන්න

0
108

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී කේබල් මගින් ක්‍රියාත්මක වන ඩක්කුවක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා දහතුන් නමක් අනතුරට ලක්ව තිබේ. මෙම ශෝචනීය සිදුවීමෙන් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වූ බව පන්සියගම පොලිසිය තහවුරු කළේය. අනතුර ඊයේ (සැප්. 24) රාත්‍රී කාලයේදී සිදුව ඇත.

 

අනතුරට පත් සියලුම භික්ෂූන් වහන්සේලා වහාම කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් සත් නමක් රෝහලට රැගෙන එන විටත් අපවත්වී සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ සෙසු භික්ෂූන් වහන්සේලා මේ වන විට කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අපවත්වූ භික්ෂූන් වහන්සේලා අතර ශ්‍රී ලාංකික, රුමේනියානු, රුසියානු සහ ඉන්දියානු ජාතික හිමිවරුන් වන බවට හඳුනාගෙන ඇත. උන්වහන්සේලා වයස අවුරුදු 27ත් 47ත් අතර පසුවූවන් බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් සියලුම භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලාංකික ජාතිකයන් බවට තහවුරු වී තිබේ.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Previous articleමේ ගෙවෙන්නේ ඒ දෙන්නාගේ සොඳුරුම දවස්.. අංජලී , දිනිත දෙන්නාගේ ලස්සන ම ලස්සන මතක ගොන්න..
Next articleකොන් කිරීම විභාග පීඩනය මැද හෝමාගම රාජපක්ෂ විද්‍යාලයේ ’11-T’ දුබලයන්ගේ පන්තියේ රුචිකාට අත්වූ ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights