Home දේශිය පුවත් රටම බලාසිටි මහනුවර ඇසල පෙරහැර ගැන ඇසෙන ඒ පුවත මෙන්න

රටම බලාසිටි මහනුවර ඇසල පෙරහැර ගැන ඇසෙන ඒ පුවත මෙන්න

0
111

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසු ජුලි මස 25 වැනිදා ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව, ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වීදී සංචාරය කරන අතර, එය ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමට නියමිතයි.

ඉන්පසු අගෝස්තු 04 වැනිදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බවත්, අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Previous article“තවමත් එය සජීවී මට්ටමක පවතිනවා කියලා විශ්වාස කරනවා.. ” සියල්ලන්ගේම ඇස් මවිත කරමින් වත්තක තිබී හමුවූ දේ මෙන්න..
Next articleයුධ උණුසුම මැද ඔවුන්ට තවත් විපතක්… ඉරානයෙන් ඇසෙන ඒ කණගාටුදායක පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights