අමෙරිකාවේ ටෙක්සාස්හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර ළමුන් 28 දෙනෙකු සිටින බවටයි වාර්තා වෙන්නේ.
එමෙන්ම 41 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙසේ මෙම පිරිස මියගියේ ගං ඉවුරේ ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යට වූ කර් ප්‍රාන්තයේ වීම විශේෂත්වයක්.
තවත් ගැහැණු ළමයින් දස දෙනෙකු සහ උපදේශකයෙකු තවමත් අතුරුදහන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ කලාපයේ තවත් කුණාටු අපේක්ෂා කරන අතර, දැනටමත් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රදේශයේ පවතින මඩ සහ සර්පයන් හේතුවෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා.











