Home දේශිය පුවත් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට , අභිරහසක් ඉතිරි කරමින් සමුගෙන ගිය ඔවුන් ගැන...

එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට , අභිරහසක් ඉතිරි කරමින් සමුගෙන ගිය ඔවුන් ගැන ඇසෙන දුක්බර කතාව මෙන්න

0
79

 

මේ කියන්න හදන්නේ දුක්බර කතාවක්.. ඇත්තටම මේ දේ සිදුවුණේ කොහොමද ? සියල්ලන්ම බලන් ඉන්නේ ඒකට පිලිතුරක් ලැබෙනකම් …

අභිරහසක් ලෙස මියගිය ව්‍යාපාරිකයෙකුගේ, ඔහුගේ බිරිඳගේ සහ පුතෙකුගේ සිරුරු මෝටර් රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

ඒ අසල්වැසි ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයෙන්.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙනුනද සියලු පැති විමර්ශනය කරන බවයි.

ටෙප්ලා බානූර් මාර්ගයේ පාළු ගම්මානයක මාර්ගයක නවතා තිබියදී මොවුන් තිදෙනගේ සිරුරු සමග මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දේපළ වෙළෙන්දෙකු වූ අවුරුදු 45ක් වයසැති සිං රාජ්පාල්, අවුරුදු 42ක් වූ ඔහුගේ බිරිඳ මන්දීප් කෞර් සහ ඔවුන්ගේ පුත්‍රයා වූ 15වන වියෙහි පසු වූ අභය සිං.

මළ සිරුරුවල වෙඩි වැදී තුවාල සිදු වී ඇති අතර වාහන තුළ ලේ විසිරී තිබූ බව සඳහන්.

දේපළ වෙළෙන්දාගේ සිරුර රියදුරු අසුනේ, ඔහුගේ බිරිඳ ඉදිරිපස මගී අසුනේ සහ ඔවුන්ගේ පුත්‍රයාගේ සිරුර පසුපස අසුනේ තිබී සොයාගෙන තිබෙනවා

hiru gossip

Previous articleනෝනා හරි ආසා­වෙන් ඔය ගම­නට එකතු වුණේ.. සතු­ටින් ගිය ගමන මෙහෙම කෙළ­වර වෙයි කියලා කවුද දෙයි­යනේ දන්නේ..” ඇගේ නික්ම‍යාම ඔවුන් කොහොම නම් වාවගන්න ඇතිද..?
Next articleසංජේ කපූර්ගේ අභාවයෙන් පසු කරිෂ්මා කපූර්ට ලැබෙන හිතාගන්නවත් බැරි දේවල් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights