ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය (ජූලි 17) පෙරවරුවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කෙරුණා.
සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්රතාපවත් චරිත 36කගේ ජීවමාන ප්රමාණයේ අනුරූ එහි ප්‍රතිනිර්මාණය කර තිබේ.
සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්රයේ ස්ථාපිත කෙරුණු මෙම කෞතුකාගාරය, මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය ද වනු ඇති.
ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිළිණ කිරීමට සූදානම්.
පොත-පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොළ ඉටි රූ කෞතුකාගාරය තුළ දැන් ජීවමාන වී තිබේ.






















