Home Uncategorized ප්‍රතික්ෂේප වුණු සුපිරි බොලිවුඩ් නිළි ජැකලින්ගේ පෙත්සම ගැන ඇසෙන කතාව මෙන්න

ප්‍රතික්ෂේප වුණු සුපිරි බොලිවුඩ් නිළි ජැකලින්ගේ පෙත්සම ගැන ඇසෙන කතාව මෙන්න

0
35

සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගණනාවකදී ඇය ගැන කතාබහ නිර්මාණය වෙනවා දැනගන්න ලැබුණා..

ඊයේ මේ කතාව තවත් අලුත් වුණා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබෙනවා..

විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසිනුයි ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත්තේ..

ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා ජැකලින් සහාය දැක් වූ බව කියමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

එමෙන්ම ඇයගේ නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක කොටසක් යැයි කියනු ලබන ඇයට ඔහුගෙන් ලැබුණු තෑගි අපරාධයෙන් ලැබෙන ආදායමෙන් ගෙනදුන් බව ඇය නොදැන සිටි බවයි…

Previous articleඅප්පච්චි අද හිටියා නම් මෙහෙම එකක් ලියයි. මගේ එකීගේ පොඩි එකයි මායි ” ආදරණීය ජැක්සන් ගැන සිහි කරමින් මාදවී තැබූ සටහන
Next articleකාටත් හොර රහසේ විවාහ වුණු ඒ දෙන්නා ගිය තවත් ලස්සන ගමනක් මෙන්න.. පරණ දවස්වල සුන්දර මතක අවුස්සන නිෂී සහ තිසර.. මේ කොහෙද ගිහින් තියෙන්නේ
error: Content is protected !!
Verified by MonsterInsights