Home දේශිය පුවත් නොසිතූ නිමේෂයක තරුණ ජීවිතයක් උදුරාගත් මාරක අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න..

නොසිතූ නිමේෂයක තරුණ ජීවිතයක් උදුරාගත් මාරක අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න..

0
78

ඔහුගේ ජීවිතයට මේ වගේ ඉරණමක් අත්වුණේ කාගේ වරදින්ද..?

මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන කඳුළු කතාවයි.

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ චීනවරාය යුද හමුදා කඳවුර ආසන්නයේදී ඊයේ (09) පස්වරුවේ සිදුවූ ලොරි රථ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව චීනවරාය පොලිසිය පවසනවා.

මෙම ලොරි රථය යුද හමුදා කටයුතුවලට යොදාගත් එකක් වන අතර එම ලොරිය පැදවූ යුද හමුදා කෝප්‍රල්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, තක්වා ජනපදය, පදිංචි රාජ්ගපූර් රාෂීක් (29) නමැති අයෙක්.

මියගිය අය මීට මාසයකට පමණ පෙර විවාහ වූ අයකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය කින්නියා රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

චීනවරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous articleදවසින් දවස අඩුවුණු රන්මිලට අද මොකද වුණේ..?
Next articleදින 12ක් ඔවුන් ගත කළේ කොහොමද..? අයහපත් කාළගුණය නිසා බැටකෑ තවත් ගම්මානයකට අත්වූ ඛේදනීය ඉරණම මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights