රත්නපුරයෙන් හමුවූ අමිල මිණිකැට දහස් ගණනක එකතුවෙන් සෑදුනු මැණික් පුටුවේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.
එය ලබන 7 වනදා නාගදීප විහාරස්ථානයට භාරදීමට නියමිත බවයි එහි සංවිධායකයින් පවසන්නේ.
වසර 2,500කට පසු දකුණෙන් උතුරට පිදෙන සාම තෑග්ගක් ලෙස මෙම මැණික් පුටුවේ වැඩ ආරම්භ වූයේ 2017 වසරේදීයි.
කොරෝනා හේතුවෙන් වසර 3ක් අතපසුවී වසර 7කට පසු එහි වැඩ අවසන් කර තිබෙනවා.
රත්නපුර මිණිදන පදනමේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලීන්ගේ මැණික් කැට පරිත්‍යාගයෙන් මෙය නිර්මාණය කළ බවයි මිණිදන පදනමේ සභාපති කපිල අතුරලියගම මහතා පවසනනේ.
රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල පරිශ්‍රයේ මෙම මැණික් පුටුව තැන්පත් කර තිබෙනවා.
එය සගසතු කිරීම ලබන 7 වනදා උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිතයි.

