Home සයුරෙන් එහා පුවත් කිසිම සීමාවකින් නොසැලී ලොවක් ආදරේ කල චරිතයක් වූ මිස්ටර් බීන් ගැන ඇසෙන...

කිසිම සීමාවකින් නොසැලී ලොවක් ආදරේ කල චරිතයක් වූ මිස්ටර් බීන් ගැන ඇසෙන කතාව මෙන්න

0
139

රෝවන් ඇට්කින්සන් එහෙමත් නැත්නම් මුළු ලෝකයම දන්න Mr. Bean කියන්නේ ගොඩාක් බාධක සහ අභියෝග මැද බ්‍රිතාන්‍යයේ කලාව සහ විද්‍යාව වෙනුවෙන් පිරිනමන උසස්ම ගෞරවය ලැබූ පුද්ගලයෙකි. රෝවන් 1955දී එංගලන්තයේදී උපත ලැබූ අතර ඔහුට කුඩා කල සිටම කථන අපහසුතා තිබු නිසා සන්නිවේදනය කිරීම අපහසු කාර්යයක් වුනා. නමුත් රෝවන්ගේ දෙමව්පියන් කුඩා කල සිටම රෝවන්ට පුරුදු කලේ කිසිදු දෙයක් පහසුවෙන් අත් නොහරින ලෙසයි එමෙන්ම රෝවන් සතුව තිබු අධිෂ්ඨානය ඔහුව තවත් ශක්තිමත් කළේය.

කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂතා දැක්වූ රෝවන් විදුලි ඉංජිනේරු උපාධිය නිමා කොට විශාරද උපාධිය ද නිමා කලේ ඔහුගේ පෙනුම සහ කථන අපහසුතා සඳහා සිසුන් ඔහුට දහසකුත් තාඩන පීඩන එල්ල කරද ඒවා කිසිවක් ගණන් නොගෙනයි. ඔහු මේ කාලයේදීම කෙමෙන් කෙමෙන් රංගනය වෙත ඇළුම් කිරීමට පටන් ගත් අතර බොහෝ තිර පරීක්ෂණ වලදී ඔහුගේ පෙනුම සහ ගොත ගසමින් කතා කිරීම නිසා ප්‍රතික්ෂේප විය.

මේ කිසිවක් ගණන් නොගත් රෝවන් සිය විශාරද උපාධියෙන් පසු මුළු කාලයම රංගනය සඳහා වෙන් කල අතර එක දිගට තිර පරීක්ෂණ වලින් ප්‍රතික්ෂේප වුවද සිය උත්සාහය අත නොහැරියේය.

ඔහුගේ ප්‍රථම සාර්ථක රංගනය “Not the Nine O’Clock News” නම් විකට රුපවාහිනී කතාමාලාවේ නිරුපණය කල චරිතය වූ අතර ඒ සඳහා ඔහු BAFTA සම්මානයෙන්ද පිදුම් ලැබිය. ඉන්පසු ඔහු සහ Richard Curtis එක්ව නිර්මාණය කල Mr. Bean චරිතය අදටත් ජීවමාන අතර එම චරිතය රෝවන්ගේ ජීවිතය වෙනස් කළේය. නිහඩ චරිතයක් වූ එම චරිතය ලොව පුර ළමා වැඩිහිටි සියලු දෙනාම එකසේ වැලදගත් අතර ඉන්පසු රෝවන් ඇට්කින්ස් හට හොලිවුඩයේ දොරටු ඇරුණු අතර Jonny Englishහි ලඳ සාර්ථකත්වයෙන් පසු ඔහු ලොව පුරා තව තවත් ප්‍රචලිත විය.

රෝවන්ගේ ගමන අපට මතක් කරන්නේ කිසිම විටක අන් අය කියන කිසිම දෙකට නොසැලී තමන්ගේ සිහින වෙත යන ආකාරයයි. එමෙන්ම තමන්ගේ අධිෂ්ඨානය කිසිම විටක වෙනස් නොකරගෙන ඉදිරියටම යා යුතු ආකාරයයි. කොතරම් සිමාවන් තමන්ට තිබුනත් ඒවා බිදගෙන ඉදිරියට යන්න අවශ්‍ය වන්නේ නොසැලෙන ධෛර්ය බව රෝවන් අපට හොදින් මතක් කර දෙයි.

✍Charitha Dissanayake

Previous articleඅවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයකු ගැන ඇසෙන කතාව මෙන්න
Next articleමුත්‍රා රෝග නැත්තටම නැති කරන රණවරා ගැන ඔබ නොදත් ගුණ රැසක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights