Home සයුරෙන් එහා පුවත් වයස 17 දී පිටසක්වල යුවතියක් හා ලිංගිකව එක්වී දරුවන් 100ක් බිහිකළ පුද්ගලයක්...

වයස 17 දී පිටසක්වල යුවතියක් හා ලිංගිකව එක්වී දරුවන් 100ක් බිහිකළ පුද්ගලයක් පැවසු ලොවම කැළඹූ කතාව මෙන්න.

0
104

තමා ඒලියන් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහයෙන් තමන්ට දරුවන් 100 දෙනෙකු බිහි වූ බවත් ඇමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා තිබෙනවා.

ඩේලි මේල් පුවත්පත සඳහන් කරන්නේ නමින් ඩේවිඩ් හුවින් වන ඔහුට දැනට වයස අවුරුදු 79ක් වන බවයි.

ඔහු මේ බව පවසා තිබෙන්නේ ඩේලි මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

තමන් ජොර්ජීයාවේ ජීවත් වූ බවත් එම අවස්ථාවේදී තමන්ට වයස අවුරුදු 8ක් වූ බවත් ඔහු කියා සිටියා.

එම අවස්ථාවේදී ඔහුට ඒලියන් යුවතියක් සමග සම්බන්ධයක් ඇති වූ බවත් වයස අවුරුදු 17 දී ඇය සමග තමා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු ඩේලි මේල් පුවත්පතට පවසා තිබෙනවා.

ඒ අනුව තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් එම දරුවන් අදටත් එම ඒලියන් යුවතියගේ රැකවරණයේ ජීවත් වන බවත් ඩේවිඩ් හුවින් පවසනවා.

ක්‍රිසන්ට් යනුවෙන් තමා එම ඒලියන් කාන්තාව අමතන බවත් ඇය තමාව අභ්‍යවකාශයට අවස්ථා කිහිපයකදී රැගෙන ගිය බවත් ඔහු සඳහන් කළා.

එම කාන්තාව හා තමන් ආ ගිය ස්ථාන මෙම පුද්ගලයා විසින් සිතුවම් කොට ඇති අතර එම සිතුවම් සියල්ල තමාගේ නිවසේ බිත්තිවල සවිකර ඇති බව ඩේවිඩ් හුවින් කියා සිටියා.

තමා පවසන සියල්ල සත්‍ය බවත් තමන් අතර සිදුවුයේ කුමක්ද කියා තමාගේ හෘද සාක්ෂිය දන්නා බවත් එය තවත් කෙනෙකුට ඔප්පු කර පෙන්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඩේවිඩ් හුවින් ඩේලි මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී පවසාතිබෙනවා.

මොහු විසින් කියන ලද තොරතුරු එක්රැස් කරමින් ඉදිරියේ දී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට අමෙරිකාවේ සමාගමක් ඉදිරිපත් වී ඇති බවද ඩේලි මේල් පුවත්පතේ වාර්තාවේ සඳහන් වෙනවා.

Previous articleකඩුගන්නාවේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටි දැන් ඇති වූ දුක්බර ඛේදවාචකය මෙන්න.. මියගිය අය මෙන්න…
Next articleසුදු ඇදුම් වල කහට පැල්ලම් යවන්න මෙන්න ක්‍රමේ – පාසැල් යන පොඩ්ඩො ඉන්නවනම් අම්මලට ගොඩක් වැදගත් වේවි
error: Content is protected !!
Verified by MonsterInsights