ආපදාවට ලක් වූ අපේ රටේ මිනිසුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන පුදුම හිතෙන ආපදා සහන පැකේජය මෙන්න.

ආපදාවට ලක් වූ අපේ රටේ මිනිසුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන පුදුම හිතෙන ආපදා සහන පැකේජය මෙන්න.

සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.

4. ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නට වැඩිනම් 50,000)

5. විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

6. විනාස වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

7. ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

8. ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

9. විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්

10. ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

11. හානිවී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

12. පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.

13. ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ලබාදෙනව

14. අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

15. මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි

Local Gossip