අපි කවුරුත් ආදරේ කරන ප්‍රවීන රංගන ශිල්පිනී රූපා පතිරණ මහත්මිය හදිසි අනතුරකට මුහුණ පෑම හේතුවෙන් කුරුණෑගල ශික්ශණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ පිළිබඳව ඇගේ දියණිය ෆේස්බුක් සටහනක් මඟින් දැනුවත් කර තිබෙනවා.
අපි රූපා පතිරණ මහත්මියට ඉක්මණ් සුවය ප්‍රාර්තනා කරනවා !
මේ ඇගේ දියණිය තැබූ ෆේස්බුක් සටහන
අම්මා ගැන විමසන අයට
පසුගියදා නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරේදී මහව දී හදිසි අනතුරකට මුහුණ පෑමට අම්මාට සිදුවුණා. එහිදී හැකි ඉක්මනින් ඇයව රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා.
ඇය මේ වෙනකොට කුරුණෑගල මහ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා හැකි ඉක්මනින් ඇයට ශල්‍යකර්මයක් කිරීමට. ඒ සඳහා අපි පවුලේ අය සහ සමීපතමයින් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.
මේ මොහොතේ අප සමඟ සිටින් රෝහල් කාර්‍ය මණ්ඩලයට, අම්මාට ආදරය කරන හිතවතුන්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන්, කලා ශිල්පීන්, ඥාතීන් සහ සමීපතමයන් සියලු දෙනාට බෙහෙවින් ම ස්තුතියි.
ඔබේ ආශිර්වාදය සහ ඉක්මන් සුව ප්‍රාර්ථනා සමඟ ඇය හැකි ඉක්මනින් නැවතත් රංගන කටයුතුවල නියැළේවි. මේ මොහොතේ අපේ ප්‍රාර්ථනය ඇයගේ සුවපත් වීමයි. ඒ වෙනුවෙන් ඇයට සුවය ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා !.
වැඩි විස්තර පසුවට ඔබ සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මීට
– දියණිය –
