Home දේශිය පුවත් පොල් ගෙඩියක් නිසා වෙන්නප්පුවම හඬවමින් අහිමි වූ දෙහැවිරිදි මල් කැකුළක් ගැන ඇසෙන...

පොල් ගෙඩියක් නිසා වෙන්නප්පුවම හඬවමින් අහිමි වූ දෙහැවිරිදි මල් කැකුළක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න

0
36

වෙන්නප්පුව ප්‍රදේශයේදී පොල් ගෙඩියක් හිස මතට කඩා වැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙහැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දරුවා සිය දෙමාපියන් සේවය කරන ස්ථානයේ රැඳී සිට ඇත. ඔහුගේ දෙමාපියන් වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පොල් මට්ටා කැබලි කරන ස්ථානයක සේවයේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ.පොලීසිය පැවසුවේ මියගිය දරුවා අසල් වැසි නිවසක සෙල්ලම් කරමින් සිට නැවත නිවසට එමින් සිටින අතර යාබද නිවසක පොල් ගසක ගෙඩියක් තාප්පයක් මතට වැටී දරුවා ගේ හිසේ වැදී ඇති බවයි.

 

අනතුරින් සිහිසුන්ව බරපතල තුවාල ලැබූ දරුවා පළමුව මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ. පසුව, ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පසුදා උදෑසන එම දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය සිය පුතුගේ අවසන් කටයුතු සිදුකර ගැනීම සඳහා වත්කමක් පවා නොමැති අසරණ තත්ත්වයකට මෙම දෙමාපියන් පත්ව සිටින බව වාර්තා වේ. එබැවින්, දරුවාගේ අවසන් කටයුතු කොළඹ ජාතික රෝහල මගින් සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

Previous articleනුවර පෙරහැරේ ජනපති අතින් විශේෂ ඇගයමකට ලක්වූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වූ ග්‍රාම නිලධාරිනියක් ගැන ඇසෙන කතාව මෙන්න
Next article” මමයි.. මගේ රෝස මලයි ” එයා නම් ඇත්තටම පුංචි රෝස මලක් තමයි නේද?
error: Content is protected !!
Verified by MonsterInsights