එංගලන්ත ජාතිකයකු සිය දියණිය සමඟ ඇගේ 34 වන උපන්දිනය සැමරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇල්ල රොක් කදුවැටියේ සංචාරය කරමින් සිටියදි හදිසියේ ඇද වැටී මිය ගිය බව ඇල්ල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඕක්පාහේ පදිංචිව සිටි බ්‍රේර්ට් මැක්ලන් (63) (Brett Maclean) නමැති එංගලන්ත ජාතික සංචාරකයායි.
මොහු සිය දියණිය වන නතාලි ඈන්ගේ 34 වන උපන්දිනය සැමරීමට ඉකුත් 16 වන දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුව එම ඔවුන් මාතර වැලිගම ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා.
පසුව ඉකුත් (23) වන දින ඇල්ල සංචාරක පුරවරයට පැමිණ ඇති මොවුන් දෙදෙනා සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මොවුන් දෙදෙනා ඉකුත් (25) වැනිදා ඇල්ල රොක් කදුවැටියේ සංචාරය කිරීමට ගොස් සිටියදි හදිසියේම මරණකරු කඳු මුදුණෙන් ඇද වැටී තිබුණා.
ඔහුව බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී මිය ගොස් ඇති බව ද ඇල්ල පොලිසිය පැවසුවා.
