Home දේශිය පුවත් දෙපා වාරු අහිමි වුවත් දෛවයට අභියෝග කල පුංචි වෛද්‍යවරයා වෙනුවෙන්...

දෙපා වාරු අහිමි වුවත් දෛවයට අභියෝග කල පුංචි වෛද්‍යවරයා වෙනුවෙන් සටන් කල මවගේ සංවේදී කතාව මෙන්න..

0
146

දෙපා වාරු අහිමි වුවද, හිතේ ශක්තියෙන් ලොවක් ජය ගත් පුංචි වීරයෙක් ❤️😇

“​ කුඩා අවදියේදී මුහුණ දුන් අවාසනාවන්ත රිය අනතුරකින් පියා අහිමි වී, තමාගේ දෙපාවාරු ද අහිමි වූවත්, දෛවයට අභියෝග කළ ” සචිත් ගිම්හාන ” නම් ඒ අසහාය ශක්තියට අපේ ප්‍රණාමය!

​මෙම ජයග්‍රහණය පිටුපස ඇති සැබෑවම කතාව වන්නේ, පියා අහිමි වූ තැන සිට තම දරුවාගේ හීන වෙනුවෙන් තනිවම සටන් කළ දිරිය මවගේ කැප කිරීමයි. දරුවා රෝද පුටුවක තබාගෙන, පියෙකුගෙත් මවකගෙත් යන දෙදෙනාගේම ආදරයත් ශක්තියත් දෙමින් ඇය විඳි අප්‍රමාණ දුක් ගැහැට අද මේ ජයග්‍රහණය හමුවේ මල් පල දරා ඇත.

ඇය සචිත්ගේ දෙපාවාරු වෙමින්, ඔහුගේ සෙවනැල්ල වෙමින් ආ ඒ දුෂ්කර ගමන දරුවෙකුට ලෝකයේ ලැබිය හැකි උතුම්ම ආශිර්වාදයයි.​

මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සචිත් මෙවර උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3 ගෙන මාතර දිස්ත්‍රික්කයේම 9 වැනියා වෙමින් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා ඇත්තේ මුළු රටටම මහඟු ආදර්ශයක් වෙමිනි.

ශිෂ්‍යත්වය සමත් වී පසුව සාමාන්‍ය පෙළද හොදින් සමත් වූ මේ වීරයා රෝද පුටුවේ සිටිමින් ඔහු පෙන් වූ ඒ නොසැලෙන උත්සාහයත්, මවගේ අප්‍රතිහත ධෛර්යයත් අද මුළු රටේම ගෞරවයට පාත්‍ර විය යුතුමය.

​සචිත්, ඔබට වෛද්‍යවරයකු වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

Previous articleරයිගම් සම්මාන රාත්‍රියට, උමාලි සැරසී සිටි සාරිය ගැන ඇහෙන වෙනස්ම කතාව ..
Next articleශ්‍රී ලාංකීය වකුගඩු රෝග විද්‍යාවේ පියා… රටේම ගෞරවයට පාත්‍ර වූ ඔහු ගැන ඇසෙන කණගාටුදායක ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights