Home දේශිය පුවත් මෙන්න කලුබෝවිල රෝහලේ කෙරුවාව “රජයේ රෝහල් කියන්නේ අපිරිසිදුයි කියන කතාව… අපිම...

මෙන්න කලුබෝවිල රෝහලේ කෙරුවාව “රජයේ රෝහල් කියන්නේ අපිරිසිදුයි කියන කතාව… අපිම හදාගත්ත ලේඛලයක්ද ?

0
376

මා අද දින දකුණු කොළඹ ශික්‍ෂණ රෝ හලට, එනම් අප කවුරුත් දන්නා කළුබෝවිල ඉස් පිරිතාලයට ගියේ රෝ ගියකු ඇතුල් කිරීමටය. රජයේ රෝහ ලකට යාමේදී මුලින්ම සිහියට නැගෙන ඩිටෝල් මිශ්‍ර, ඉස්පිරිතාල වලට අවේනික වූ කාටත් හුරු ඉස් පිරිතාල ගඳ, රස්තියාදුව සහ අපිරිසිදු පරිසරය විඳීමට හිත හදාගත් මම රෝ හලට ඇතුල් වුනෙමි.

එහි කිසිම ඉස් පිරිතාල ගඳක් හෝ වෙනත් කිසිම ගඳක් නැත. ඇත්තේ සාමාන්‍ය පරිසරයකි. රෝ හල අති පිරිසිදුය. බිත්ති වල කඩතොළු සහ සිමෙන්ති පොලොව තැනින් තැන කැඩී තිබුනත් සේවකයින්ට රෝ හල පිරිසිදුව තබා ගැනීමට යම් කිසි දෙයක් කල හැකිද ඒ සියල්ල අකුරටම කර තිබුණි. රෝ හලේ කිසිම තැනක ටොපි කොලයක් හෝ නොතිබීම ගැන මම පුදුම වුනෙමි.

අපට යාමට වුයේ විකලාංග වාට්ටුවටය. වාට්ටු අංකය 20ය. එහි ගිය මට මා මේ ඉන්නේ සංවර්ධිත රටක රෝහ ලකදැයි සැක සිතුනි. ලංකාවේ රජයේ රෝ හල් වලට සහ බොහෝ පුද්ගලික රෝහ ල් වලට මා ගොස් ඇති අතර ඒ කිසිම රෝහ ලක මා මෙවැනි පිළිවෙලක් නම් දැක නැත.

එම වාට්ටුවට ඇතුල් වන කොරිඩෝවේ බිත්තියේ දකුණු පස වීදුරු කුටීරයක ප්‍රදර්ශනය කර තිබුනේ පාද වල සහ අත් වල විශාලම අ ස්ථි කිහිපයකි. එය ඇතුලතින් ලයිට් දමා අලංකාර ලෙස සකසා තිබුණි. එහිම දකුණු පස තිබුනේ හිටගෙන පොත් පත් බැලිය හැකි පුස්තකාල වල මෙන් සකසා තිබූ උස මේසයක් වන අතර එහි සඟරා සහ පත්තර කිහිපයක් විය. එතනම ඉදිරියෙන් තිබුනේ බුදු පිළිමයක් වන අතර එයට යටින් කුඩා දිය ඇල්ලක් සකසා අලංකාර කර තිබුණි . එය පසුවනවාත් සමඟ දුටුවේ පිරිසිදු අලංකාර මාළු ටැංකියකි.

බිත්ති වල ලේබල් විශාල ප්‍රමාණයක් පිළිවෙලට අලවා තිබුණි. බොහෝ ලේබල් රෝ ගීන්ට දෙන උපදෙස්ය. වාට්ටුවට ඇතුල් වූ පසු දකුණු පැත්තේ තිබුනේ කුඩා පුස්තකාලයකි. එහි රෝ ගීන්ට පොත් නිකුත් කරන්නේ සවස 4 සිට 5 දක්වා බව දැන්වීම් කර තිබුණි. එහි එක් පසෙක තිබුනේ විශාල white බෝඩ් එකකි. එහි තිබුනේ එම වාට්ටුවට අදාල තොරතුරු පිළිඹඳ ලොකු පින්තූරයයි (big picture). එනම් එහි වම් පස ගිය වසරට අදාළ තොරතුරු වන මාසික ඔපරේෂන් ගණන, ඇතුල්වූ රෝ ගීන් ගණන, පිටවූ රෝ ගීන් ගණන, මර ණයට පත්වූ රෝ ගීන් ගණන වැනි තොරතුරුය. දකුණු පස තිබුනේ දිනපතා තොරතුරුය.

මා එහි දුටු විශ්මයට පත් කල දසුන නම් වාට්ටුවේ තිබූ කුණු භාජන පිළිවෙලය. වාට්ටුවේ දෙපස කුණු භාජන පේලි දෙකක් තිබුණි එක් පේලියක් ලෙ ඩුන්ට වන අතර අනික් පේලිය කාර්ය මණ්ඩලයටය . කාර්ය මණ්ඩලයට ඇති කුණු භාජන ප්‍රමාණය හයකි . එහි සෑම කුණු භාජනයකටම උඩින් පහත ආකාරයෙන් ලේබල් කර තිබුණි.

කාඩ්බෝඩ් පෙට්ටිය – තියුණු අපද්‍රව්‍ය
රතු භාජනය – වීදුරු අපද්‍රව්‍ය
කහ භාජනය – ආසාදිත අපද්‍රව්‍ය
තැඹිලි භාජනය – ප්ලාස්ටික් අපද්‍රව්‍ය
නිල් භාජනය – කඩදාසි අපද්‍රව්‍ය
නිල් ගුල් සහිත භාජනය – පොලිතීන් අපද්‍රව්‍ය

මෙහි ඇති ලස්සනම කොටස එය නොවේ. මේ හැම භාජනයකටම කුණු එලියට ගැනීමට පහසු වීමට කුණු උරයක් දමා තිබුණි. ඒ උරයද තිබුනේ එම පාටින්මය.

වාට්ටුව අති පිරිසිදුය. කිසිම දුගඳක් නැත. එම වාට්ටුවේ අපිරිසිදුවට හිටියේ ලෙඩුන් පමණි.

මෙය මට මෙම වාට්ටුවට පමණක් අදාළ දෙයක්දෝ සැක සිතී මඟ එන අතර අනිත් වාට්ටුවලට එබිකම් කලෙමි. ඒවාද එලෙසමය.

රෝ ගීන් සිය ගණනක් සමඟ ගෙවන සෑම තත්පරයක්ම සටනකි. කායික වෙහෙසට වඩා මා නසික ආතතිය ඉහළ යන එවන් වටපිටාවක, රෝ හලක් මේ තරම් පිළිවෙළකට තබා ගැනීම යනු හුදෙක් රාජකාරියක් ඉටුකිරීමක් නොවේ. එය කැපවීමක් සහ ආදරයකි. දවසේ පැය අටක සේවා මුරය පුරා රෝ ගීන්ගේ වේදනාවන් මැද සිටින මේ සේවකයින්, ඒ පීඩනය මැද වුවද මෙතරම් සුන්දරත්වයක් නිර්මාණය කර ඇත්තේ කෙසේදැයි මට නම් මහා පුදුමයකි.

කුණු බඳුනට අදාළ නිවැරදි වර්ණයේ උරය දැමීමේ සිට, බිත්ති පුවත්පත යාවත්කාලීන කිරීම දක්වා වූ ඒ සියළු වැඩකටයුතු කිසිවකුගේ අණ කිරීම් මත සිදුවන්නක් නොවිය හැක. ඔවුන් කිසිවකුගේ JD (job discription) එකේ එහෙම දේවල් නැත. එය ඔවුන්ගේ හදවතින්ම උපන් ස්වේච්ඡාමය මෙහෙවරකි. අප බොහෝ විට දකින්නේ සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජනය කරන විට හෝ යම් අතපසුවීමක් සිදු වූ විට මාධ්‍ය විසින් පෙන්වන කළු චිත්‍රය පමණි. මාධ්‍යවේදීන් මයික්‍රෝෆෝන අල්ලා රෝ ගීන් ලවා සේවකයින්ට බැනවදින දසුන් ප්‍රචාරය කළද, රෝ ගියෙකුගේ හිත සුව පිණිස මේ සේවකයින් නිහඬව කරන මේ මහා කැපවීම් කිසිදා ප්‍රධාන පුවත් බවට පත් නොවේ.

“රටක් ලස්සන කිරීමට අවශ්‍ය වන්නේ මුදල්ම නොවේ, මෙවැනි මිනිසුන්ගේ උතුම් මනුෂ්‍යත්වයයි.”

කළුබෝවිල රෝ හලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට සුළු සේවකයා දක්වා වූ මුළු කාර්ය මණ්ඩලයටම අප සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුය. මිනිසුන් විසින්ම කැ ත කරන ලද ලස්සන රටක් ඇතුළත, මිනිසුන් විසින්ම නිර්මාණය කළ මේ සුන්දර පරාදීසය අගය කළ යුතුම එකකි. මෙය හුදෙක් රෝ හල් වාට්ටුවක් නොවේ. එය ලංකාවේ අනෙකුත් සියලු ආයතන වලට මහඟු ආදර්ශයකි. ”

* ප්‍රසංග අල්විස් මුහුණුපොතේ සටහනක් *

Previous articleඅප්‍රේල් මස ඇරඹෙනවිටම සිදුවන ප්‍රබල වෙනසක්.. ඔබේ ලග්නයට කෙසේ නම් බලපාවිද..?
Next articleඅද දවසේ රන්මිලෙන් මෙන්න ඔබට තවත් වටිනා සහනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights