බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තාවේ.
“අනිල් කපූර් සමඟ මුම්බායි සිට කොළඹ දක්වා පියාසර කිරීමට ලැබීම සතුටක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරා ගැනීම ගැන ඔබට ස්තූතියි!“ යනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පෝස්ටුවක් සිය සමාජ මාධ්‍ය තුළ පළ කර තිබේ.
ජනප්‍රිය අධ්‍යක්ෂක හන්සාල් මේතාගේ නවතම චිත්‍රපටයක දර්ශනවලට පෙනී සිටීම සදහා මෙලෙස ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය සිනමා වෙබ් අඩවියක් වාර්තා කර තිබුණි. ඒ අනුව මුම්බායිවල මෙන්ම ශ්‍රී ලංකාව, සර්බියාව, ජෝර්ජියාව යන රටවල අදාළ දර්ශන රූගත කිරීම් සිදු කෙරෙනු ඇතැයි සදහන් වේ.











