Home දේශිය පුවත් 2027 වසරේ සිට මෙන්න වෙනසක් ! පාසල් සිසුන්ට ලැබෙන අලුත්ම ආරංචිය

2027 වසරේ සිට මෙන්න වෙනසක් ! පාසල් සිසුන්ට ලැබෙන අලුත්ම ආරංචිය

0
417

 

 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරමින් 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා.

පසුගියදා (01) ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව අගමැතිනිය මේ බව සඳහන් කළා.

දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නවීන වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් ඉදි කිරීමට නියමිතයි. පොතේ දැනුමට විතරක් සීමා නොවී, වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

අලුත් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහාම සිදු කිරීමට පියවර ගන්නා බවත් ඇය අවධාරණය කළා.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වූ අගමැතිනිය, පළාත් පාසල්වල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසුවා. පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි ඇය එහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

Previous articleලොවක් කතාවුණු විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා මුල්ම වතාවට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටී..
Next article”නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ….” ඔහු තැබූ ආදරණිය සටහන
error: Content is protected !!
Verified by MonsterInsights