Home සුව අරණ දත් මුල් දියවීම වලක්වා ගන්න මෙන්න බෙහෙත..

දත් මුල් දියවීම වලක්වා ගන්න මෙන්න බෙහෙත..

0
2665

 

අද මේ අත්බෙහෙත් හා ඇතැම් කෙම් ක්‍රම ඉතා විරලව භාවිත කෙරෙන බැවින් මේ දැනුම සමාජ ගතවීම ඉතාමත් සුර්ලභය. අද සෞඛ්‍ය පිටුව තුළින් අප මෙසේ දැන් දැන් ජන සමාජයෙන් වැළලී යන දන්ත රෝග සඳහා යොදාගත හැකි සරල අත්බෙහෙත සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරනුයේ මෙයින් අත්දුටු ප්‍රතිඵල ලද පසු ඔබෙන් මෙය ඔබේ පරම්පරාවේ ඊළඟ පුරුක් වෙතද ව්‍යාප්ත වනු ඇතැයි යන අදහසිනි. දත් රෝග වලදී අප පළමුවෙන්ම දත සවි වී පවතින දත් මුල නැති නම් දතේ වීදුරු මස හා ආශ්‍රිත කොටස පිළිබඳ මුලින්ම විමසා සිටිමු. දත් මුල් දියවීම යන්නෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී සැළකිල්ලට ගන්නා මෙම තත්ත්වයේදී දත් සවි වී ඇති ස්ථානයේ විදුරුමස ක්ෂය වී යාම නිසා දතේ මුල පෑදී දත් දිගුව විකෘතිව පෙනෙන්නට ඉඩ ඇත.

මෙවන් අවස්ථාවක අරළු, පිල මුල්, පුවක් මුල්, ලුණුවරණ පොතු, මූණ මල් පොතු, අළු කෙසෙල් අල, දත් කැටියා මුල්, යනාදී ඖෂධ වර්ග තම්බා එම වතුරට සීනක්කාරං දමා කට සේදීම තුළින් ඔබට මතුව ඇති ඒ ගැටලුව මුළුමණින්ම නවතා ගත හැකිය. මෙම මුඛ කැලතුම් දියරය භාවිතාකිරීම පහසු මෙන්ම කිසිම ආකාරයක රසායණික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් බියක් සැකක් නොමැතිව භාවිත කළ හැකිය. විදුරු මස දත් සඳහා කොතරම් මෙහෙයක් ඉටු කරනවාද යන්න පැවසුවහොත් දත දරා සිටින විදුරු මස පළමුව නිරෝගීව පවත්වා ගන්නට කටයුතු නොකරන්නේ නම් මහත් ගැටලුවක් මතුවනු ඇත.

මේ සඳහා කදිම ඖෂධයකි කටරොළු කොළ. එයටම ලුණවිල ද එක් කර තම්බා කට සේදීමෙන් මෙන්ම අමු නෙල්ලි කොටා එයින් මිරිකා ගත් යුෂයට වෙනිවැල් කුඩු දමා ඊටම කහ කුඩුද එක් කර කට සෝදන්න. එමෙන්ම සාමාන්‍ය බුලත්විටෙන් බැහැරව ඖෂධීය ද්‍රව්‍ය යෙදූ බුලත් විටක් සැපීම බුලත් සපන්නට ඇබ්බැහියක් ඇති අයට වඩාත් සුදුසුය. බොහෝ දෙනෙකුට විදුරු මස සම්බන්ධයෙන් ඇතිවන තවත් තත්ත්වයකි ඌෂ්ණ බිබිලි නැතහොත් ව්‍යවහාරයේ පවතින ලෙස පණු ගෙඩි යනුවෙන් හඳුන්වන ගෙඩි ඇතිවීම. මේ වැනි තත්ත්වකදි අක්‍රපට්ටා, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වැල්මී කුඩු කර දෙහි ඉස්මෙන් අනා නෙල්ලි ගෙඩියක පමණ කොටසක් ගෙන දත මුද තැබිය යුතුය. මෙසේ කිරිමෙන් දත මුල ඇති වී ඇති පණුගෙඩිය වහා පිපිරි ඉවත්ව යයි. මේ හැරෙන්නට ශෝතහරලේපය, දන්ත මංජරී චූර්ණය, ඉරිමේදාධීතෙල් ආලේපයෙන්, පිටතින් ගෑමෙන් එයින් ඇති වී තිබෙන ඉදිමීම සමනය වෙන අතර වේදනා අඩු වෙයි. රත් හඳුන් කුඩු දෙහි අඹුලෙන් අනා එය ගෑමෙන්ද මෙම ගැටලුව විසඳාගත හැකිය.

දත්වලින් ලේ ගැලීම් ඇතිවීම දත් සම්බන්ධයෙන් ඇති විය හැකි තවත් ගැටලුවකි. අරළු බුළු නෙල්ලි සීනක්කාරං දමා තම්බා කට සේදීමත්, කෝමාරිකා මද මුං ඇට තම්බා කට සේදීමත්, ඖෂධීය චූර්ණයකින් දත් මැදීමත්, මුඛ සේදුම් දියරයක් යොදා ගෙන මුඛය හොඳින් සේදීමත් කළ යුතුය. තග තලතෙල්, කොහොඹ තෙල්, සර්ව විෂාදී ආදී තෙල් යොදා දත මුල පිරිමැදීමත්, කට සේදීමත්, දත්වලින් ලේ ගලන විට එය නවතා ගන්නට බෙහෙවින්ම උපකාර වේ.

 

Previous articleරටම ආදරේ කරන රංගන ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍ර රත්නය නැවතත් කරළියට… රටක් කතා කරන විඩියෝවක් නිසා බුකිය කැළඹෙයි…!
Next articleරසිකයින්ගේ මුවඟට සිනහවක් එක්කළ ප්‍රවීණ රංගන ශිල්පීයෙක් වූ ඔහු දිවි රඟමඩලින් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights