Home Uncategorized ගෙදර තියෙන මදුරු කරදරේට මුලුතැන්ගෙයිම තියෙන සරල විසඳුම මෙන්න.

ගෙදර තියෙන මදුරු කරදරේට මුලුතැන්ගෙයිම තියෙන සරල විසඳුම මෙන්න.

0
2053

මේ දවස්වල මදුරුවන්ගෙන් බෝවන රෝග නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා..

මේ කියන්න යන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න ඔබට නිවසේදීම හදාගන්න පුළුවන් තවත් එක සරල විසඳුමක් ගැනයි..

මේකට අවශ්‍ය වෙන්නේ ඔබේ මුළුතැන්ගෙයි තියන පොඩි පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් විතරයි..

කරාබුනැටි මේස හැන්දක්, සුදු විනාකිරි ½ ලීටර, ඉසිය හැකි බෝතලයක්..

මේ අමුද්‍රව්‍ය තුනෙන් මේ දියරවර්ගය සාදා ගන්නේ මෙන්න මෙහෙමයි..

1. බෝතලය තුළ කරාබුනැටි දමන්න.
2. එයට සුදු විනාකිරි එකතු කරන්න.
3. බෝතලය හොඳින් වසා, තදින් සොලවන්න.

භාවිතය කිරීමට සුදුසු වේලාවන්..
රාත්‍රී නින්දට පෙර නිවසේ,
කාමර කෙළවර.
ජනෙල්/දොරවල් වටා.
අඳුරු/තෙත් තැන්වලට ඉසින්න.

ගොඩක් දෙනෙක් මෙහෙම දියරයක් සාදා ගන්නකොට හිතන දෙයක් තමයි මේක ගෙදර භාවිත කරන්න, කුඩා දරුවන්ට ගුණදායකද කියන එක.. මෙය 100% සොබාවික නිසා දරුවන්ට සහ සුරතල් සතුන්ට කිසිඳු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.. ඒ වගේම මෙය පරිසර හිතකාමියි..

කරාබුනැටි තුළ තියෙන eugenol නමැති තෙල් මදුරුවන්ට විශ සහිතයි.. ඒ වගේම සුදු විනාකිරි ආම්ලිකයි… ඒ ගඳට කෘමීන් එන්නෙත් නැහැ… ඉතින් ඔබත් මේ ක්‍රමවේදය අත්හදා බලන්න..

අන්තර්ජාලය ඇසුරෙන්.

Previous articleහිසකෙස් ගැලවී යාම සුව කරන අස්ථි ශක්තිමත් කරන දිව ඔසුවක් මෙන්න.
Next article‘මගේ අම්මා අවුරුදු 33කට කලින් මට දුන්නු ඒ වළලු” – පැංචියෝ තුන්දෙනෙක්ටම අම්මා වුණු පුංචි පැංචිගෙන් ආදරණීය කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights