දකුණෙන් කොළඹට ඇවිත් තේ අලෙවි කිරීමේ කුඩා කඩයකින් පටන් අරන් අද රටම දන්න බ්‍රෑන්ඩ් එකක් තැබූ මැලිබන් මුදලාලි ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න

දකුණෙන් කොළඹට ඇවිත් තේ අලෙවි කිරීමේ කුඩා කඩයකින් පටන් අරන් අද රටම දන්න බ්‍රෑන්ඩ් එකක් තැබූ මැලිබන් මුදලාලි ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න

තම ජීවිතය ජය ගැනීමේ අරමුණින් දකුණු පළාතේ සිට කොළඹ කරා පැමිණෙන අගුළුගහ ගමගේ හින්නිඅප්පුහාමි තරුණයා පිටකොටුවේ ඉතාමත්ම කුඩා තේ අලෙවි කිරිමේ කුඩා කඩයක් ආරම්භ කරනවා. වසර කිහිපයක දැඩි උත්සාහය හා කැපකිරීම මත 1935 දී ඔහුට හැකියාවක් ලැබෙනවා පිටකොටුවේ මැලිබන් වීදියේ දී ඔහුගේම හෝටලයක් ආරම්භ කිරීමට. මේ අතරතුර ඔහුගේ සහෝදරයන් දෙදෙනාත් මෙම ව්‍යාපාරයට එකතු වනවා. තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ අරමුණෙන් හින්නිඅප්පුහාමි මහතා කොටහේන ප්‍රදේශයේ බේකරියක් ද ආරම්භ කරනවා. පාන් වර්ග බනිස් වර්ග සහ විවිධ රසකැවිලි වර්ග වර්ග ආදිය ඔහුගේ අතින් ම මෙම බේකරිය තුළදී නිෂ්පාදනය කෙරෙනවා.

මෙම නිෂ්පාදන සඳහා ඇතිවන අධික ඉල්ලුම හේතුවෙන් ඔහු තීරණය කරනවා යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් රසකැවිලි බිස්කට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට. ඒ අනුව 1954 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම බිස්කට් කර්මාන්ත ශාලාව මැලිබන් යන ව්‍යාපාර නාමය යටතේ ඔහු ආරම්භ කරනවා.
ආහාර වල ඇති ගුණත්වය නිසාම මැලිබන් නිෂ්පාදන ජනතාව අතර ඉතාමත් ඉක්මනින්ම ජනප්‍රියතාවයට පත්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1960 දී මැලිබන් කර්මාන්තශාලාව වඩා වැඩි ඉඩකඩක් යටතේ රත්මලාන ප්‍රදේශයට ගෙන එනු ලබනවා. ඔහුගේ මෙම කර්මාන්ත ශාලාව පිහිටි ස්ථානය වර්තමානය වනවිට මැලිබන්හන්දිය යන නමින්ද හඳුන්වනු ලබනවා. ආහාර වල ගුණත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අර්ධ ස්වයංක්‍රීය නිෂ්පාදන යන්ත්‍ර හඳුන්වාදෙමින් ඔහු මැලිබන් නිෂ්පාදන ආයතනය දියුණුවෙන් දියුණුවට රැගෙන යනවා. ඔහු තමන්ගේ ව්‍යාපාර දැක්ම ලෙස තෝරාගන්නේ ඉතාමත්ම ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදනයක් ජනතාවට ලබාදීම.

80 දශකයේ අගභාගය බවට පත්වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ විශ්වාසවන්තම වෙළඳ නාමයක් ලෙස මැලිබන් ඉදිරියට පැමිණෙනවා. තම නිෂ්පාදන ශ්‍රී ලාංකික වෙළඳපොළට පමණක් නොව අන්තර්ජාතික වෙළෙඳ පොළ කරා යොමු කිරීමට ද ඔහු අඩිතාලම සකස් කරනවා. ඒ වගේම ව්‍යාපාර වලින් උපයන ධනය ජනතාවගේ සුබසිද්ධිය සඳහා ද යෙදවීමට හෝ පසුබට වන්නේ නැහැ. එදා දකුණු පළාතේ සිට තම ජීවිතය ජය ගැනීමේ අරමුණින් කොළඹට පැමිණි හින්නිඅප්පුහාමි තරුණයා මුළු ශ්‍රී ලංකාව තුළම “මැලිබන් මුදලාලි” යන නාමයෙන් ජනාදරයට පත් වනවා.

වර්තමානය වන විට මැලිබන් නිෂ්පාදන ආයතනය මසකට මිලියන 25ක පමණ බිස්කට් පැකට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඒ වගේම කිරිපිටි ආදී ක්ෂේත්‍ර කිහිපයක් යටතේ තම නිෂ්පාදන විවිධාංගීකරණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. මැලිබන් නිෂ්පාදන මේ වනවිට මහද්වීප පහක රටවල් 35 කට අධික ප්‍රමාණයකට අපනයනය කරනවා. මේ වන විට ඔවුන් ශ්‍රී ලාංකිකයින් 1250 කට පමණ තම ආයතනය තුල රැකියා ලබාදීමට ද සමත් වී තිබෙනවා.
Samantha Bandara මහතාගේ පිටුවෙන්
___________________
,
උපුටා ගැනීමක්.

 

Local Gossip