Home Uncategorized නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දෙන...

නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දෙන මුරුංගා සුප් හදන හැටි මෙන්න …

0
58

නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දෙන මුරුංගා .

ඔන්න අද කියලා දෙන්න හදන්නෙ මුරුංගා වලින් හදන රසම රස සුප් එකක්… එ වගේම මේ සුප් එක හුඟාක් ගුණයි…

මුරුංගාවලින් සකසන මේ සුප් එක නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දෙනවා …

ඉතිං අද බලමු කොහොමද හදන්නේ කියලා…

මේ සුප් එකට තරමක කෑලි කපාගත් පොතු ඉවත් කළ මුරුංගා කෝප්ප 2ක්,

බටර් මේස හැඳි 1ක්,

සිහින්ව ලියාගත් ලූනු ගෙඩි 1/2ක්,

පොඩියට කපාගත් අල ගෙඩි 1/2ක්,

පොල් කිරි කෝප්ප 1/2ක් සහ

රස අනුව ලුණු අවශ්‍ය වෙනවා ..

හරි දැන් බලමු කොහොමද හදන්නේ කියලා…

ප්‍රෙෂර් කුකර් එකට කිරි හැර ඉහත සියල්ලම දමා වතුර කෝප්ප 2ක් දාලා විසිල් 3ක් යනකල් තම්බාගන්න.

අනතුරුව මේ මිශ්‍රණයට කිරි දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න. ඝනකම් වැඩි නම් තව වතුර එක් කරන්න.

පෙරාගත්ත සුප් එක වෙනම භාජනයකට දාලා ළිපේ තියලා මඳගින්නෙ විනාඩි 3ක් පිසගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරලා ළිපෙන් බාගන්න.

හදලා බලන්නකෝ ….

 

Previous articleදියවැඩියාව සහ කොලෙස්ටරෝල් නසන හොඳම බෙහෙත. ගෙදරදීම කරලා බලන්න. ප්‍රථිපල නිසැකයි !
Next articleඔයාටත් දියවැඩියාවද කියලා මුලින්ම දැනගන්නේ මෙහෙමයි!
error: Content is protected !!
Verified by MonsterInsights