Home Uncategorized උණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම නිට්ටාවටම...

උණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම නිට්ටාවටම සුව කරගන්නේ මෙහෙමයි…

0
91

උණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම ගැන පිත නිසා ඇතිවන හිසේ කැක්කුම්
මේ තත්වය එන්නෙ කාලයක් තිස්සෙ අපේ ශරීරයේ පිත් ස්වභාවය අධික වීම එක්ක.
සැර කෑම, අධික මිරිස්, තෙල් සහිත සහ විනාකිරි අච්චාරු වගෙ කෑම වර්ගත් උෂ්ණ ආහාර අධිපරිභෝජනය නිසාත්, අධික උණ්සුමට, තාපයට හිරු එලියට නිරාවරණය වීමෙන් වගෙම අධික ක්‍රෝධය වගෙ තත්ව නිසා මේක එන්න පුලුවන්
ඔලුවෙ ඇතිවන දැවිල්ල , සිසිල් ද්‍රව්‍ය පාවිච්චි කරන්න තියන කැමත්ත, පිපාසය, කරකැවිල්ල සහ විශේෂයෙන් හිසෙන් දහඩිය වැගිරීම මේ එක්ක එන්න පුලුවන්
මේ වගෙ රෝගියෙක්ගෙ ගිනි පුපුරු පිටවෙනව හා සමානව හිසෙන් රස්නෙ පිට වෙනවා දැනෙනවා, ඒ වගෙම මේ තත්වය ඇස් වලින් නාසයෙන් ත් දැනෙන්න පුලුවන්. නොසංසිදෙන පිපාසය , උණ නැතුවත් ඇගට උණ වගෙ දැනෙන එක හිස් කබලේ රස්නය, බොහෝ විට රාත්‍රි කාලයෙදි මේ අපහසුතා මග ඇරීම කියන එක වෙන්න පුලුවන් දෙයක්
මේ වගෙ හිස කැක්කුම් ස්වභාවයදි ඒක කොයි වගෙද කියලා මේ වගෙ අදුනගන්න එක ගොඩක් වැදගත්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙදි පිත්තජ ශිරෝ රෝග කියන ගණයට මේ හිසරුජා තත්ව ඇතුලත් කරනවා. මේ තත්වෙදි තාවකාලික ව සිසිල්දේවල් පරිභෝජනය, ඒ වගෙම ස්නානය වගෙ දේවල්වලින් සුවයක් ලබාගන්න පුලුවන් . නමුත් රෝගියාගෙන් රෝගියාට මේ තත්ව වෙනස් වෙන්න පුලුවන් නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර පද්ධතියක් විදියට තමා අපි ප්‍රතිකාරය කරන්නෙ.
ආලේපන, තෙල් ගැල්වුම් , ශිරෝ වස්ති ක්‍රම , අවශ්‍ය නම් නස්‍ය කර්ම මේ වගෙ ක්‍රම එක්ක ශරීර අභ්‍යන්තරයට ඖෂධ වර්ග ලබාදීම වෛද්‍ය නිර්දේශ යටතෙ සිදුකරනවා. මේ තත්වෙදි රෝගියාගෙ සෙම් තත්වය වැඩි නොවෙන්න ප්‍රතිකාර කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාරෙන් ම ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම කරන්න ඕන.
ඉතින් මේ වගෙ රෝග තත්වයක් තියනවා නම් ඒක කල් යන්න නොදී සුවකරගන්න එකෙන් දිගුකාලීනව වේදනා විදින එකෙන් වලකින්න පුලුවන් කම තියනවා..
ඔබ සැම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

copied..

Previous articleබත් ඩිංගක් කනකොට හොදිත් දාගෙන කන්න කියන්නේ මෙන්න මේ නිසා.
Next articleරුසියාවට භූ කම්පනයක්..! මුහුදු රළ අඩි 13ක් උසයි..! ජපානයටත් අන.තුරු ඇගවීම්… උදෙන්ම ඇසෙන හද කම්පා වෙන පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights