Home Uncategorized ගෙදර බුදු පිළිමය තැබිය යුතු නිවැරදි දිශාව මෙන්න! වැරදි දිශාවට තැබුවොත් වෙන්නේ...

ගෙදර බුදු පිළිමය තැබිය යුතු නිවැරදි දිශාව මෙන්න! වැරදි දිශාවට තැබුවොත් වෙන්නේ මෙහෙමයි. අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්

0
4854

ගොඩක් දෙනෙක් නිවසේ බුදුන් වඳිනවා, පහන පත්තු කරනවා. හැබැයි මේ කරන හැමදේම නිවැරදිද?

බුදු පිළිමය නිදන කාමරේ තියන්න හොඳ නැද්ද? පහන පත්තු කරලා නිවන එක පවක්ද? මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු අද අපි අරන් ආවා…

පුළුවන් නම් බුදු පිළිමය නැගෙනහිර දිශාවට මුහුණ ලා තැබිය යුතුයි. බැරිම නම් උතුර දිශාවත් සුදුසුයි. ඒ දෙකම බැරි නම් විතරක් දකුණ දිශාව තෝරාගන්න.

බුදු පිළිමය නිදන කාමරේ තැබීම සුදුසු නැහැ. විශේෂයෙන්ම තමන් නිදාගන්නා ඇඳ බුදු පිළිමයට පේනවා නම් ඒක ලොකු අගෞරවයක්! එහෙම තියෙනවා නම් ඒක වහාම වෙනස් කරන්න.

සමහරු කියනවා නියමිත වෙලාවට පහන පත්තු නොකළොත් යක්ෂයෝ ප්‍රේතයෝ එනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්! බුදුන් උදෙසා පූජා කරන පහනකට අත තියන්න අමනුෂ්‍යයෝ බයයි. ඒ නිසා ඕනෑම වෙලාවක පහන පත්තු කරන්න පුළුවන්. හැබැයි පහන පිරිසිදුව තියෙන්න ඕන.

දන්නේ නැතිව ඇති, මේ පිරිත් නිවැරදිව කිව්වොත් ඔයාගේ ජීවිතේම වෙනස් වෙනවා…

ලස්සන වෙන්න ඕනද? ‘වට්ටක පිරිත’ සජ්ඣායනා කරලා වතුර බොන්න. හමේ රෝග, ලප කැළැල් නැති වෙලා ශරීරය වර්ණවත් වෙනවලු! සල්ලි ප්‍රශ්නද? ‘රතන සූත්‍රය’ නිතර කියන්න. මිල මුදල් බාධක දුරු වෙලා කෑම බීම සුලභ වෙනවා. දෙවියන්ගේ රැකවරණයට ‘කරණීය මෙත්ත සූත්‍රය’ කියද්දී දෙවිවරු ඒකට සවන් දෙන්න එනවලු.

අමනුෂ්‍ය දෝස වලට ගෙදර ‘තුන් සූත්‍රය’ කියන්න එපා කියන්නේ මිථ්‍යාවක්. තුන් සූත්‍රය තරම් ආරක්ෂාවක් තවත් නැහැ. ‘දස මාර පිරිත’ කියන එකත් භූත දෝස වලට හොඳම විසඳුමක්.

සුවඳ දුම් ගොඩක් එක පාර පත්තු කරන්න එපා. ජීවමාන බුදුන් වැඩ සිටිනවා වගේ හිතලා මධ්‍යස්ථව සුවඳ දුම් පූජා කරන්න. පිරිත් පටිගත කරලා ප්ලේ කරනවට වඩා තමන්ම ශබ්ද නගලා කියන එක තමයි ප්‍රතිඵල දෙන්නේ.

Previous article“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු – දේශානි ආදර කතාව ආයෙත් අලුත්වෙලාද..? ස්නේහයේ නගරයේදී ආයෙත් ඒ දෙන්නා එක්වෙයි..
Next article“ඇලේ දොලේ ගහේ වැලේ මල් එනවා.. මගේ පුතේ නුඹ ඇවිදින් හිනැහෙනවා..” කාගේත් හුරතලේ පුංචි කෛලාෂ්ගේ පළමු උපන්දින සාදයේ අපූරුව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights