Home දේශිය පුවත් අවුරුදු කුමරිය වෙන්න පිඹුරා කරේ දා ගත්ත හැඩකාර කුමාරියට වෙච්චි දේ මෙන්න.

අවුරුදු කුමරිය වෙන්න පිඹුරා කරේ දා ගත්ත හැඩකාර කුමාරියට වෙච්චි දේ මෙන්න.

0
256

අවුරුදු කුමරිය වෙන්න පිඹුරා කරේ දා ගත්ත හැඩකාර කුමාරියට වෙච්චි දේ මෙන්න.

ආරක්ෂිත සත්වයෙකු බව පැවසෙන පිඹුරෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු තරුණියක් ඇපමත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර බණ්ඩාර මහතා කරුණු දක්වමින් අධිකරණය විසින් කළ නියෝගයකට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් සැකකාරිය වනජීවී දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදුන් බව සඳහන් කළා.

සැකකාරිය නීතිය පිළිබඳව හරි හැටි නොදැන කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සඳහන් කළ නීතිඥවරයා සැකකාරිය විමර්ශන වලට සහාය ලබාදීමට සූදානම් බවත් ඒ අනුව ඇය ඇප මත මුදාහරිණ ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාරිය ඇප මත මුදාහැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත මැයි මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.

Previous articleඋපන්දිනය දවසේ කාසල් විදියේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන් සොයා ටීචර් අම්මා ගිය ගමන
Next articlePerfume බෙල්ලට ගැසීමෙන් සිදූවන බි හි සු නු බලපෑම! වෛද්‍යවරුන්ගෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
error: Content is protected !!
Verified by MonsterInsights