Home සයුරෙන් එහා පුවත් අවුරුදු 60 පෙනි පෙනී ඉන්න , සල්මාන් ඛාන් දරුවන් ගැන දකින හීන...

අවුරුදු 60 පෙනි පෙනී ඉන්න , සල්මාන් ඛාන් දරුවන් ගැන දකින හීන ගැන ඇසෙන කතාව මෙන්න…

0
60

 

 

ආදරණීය මිනිසකු වූ නලින් ප්‍රදීප් උඩුවෙල අද සවස 5.00 ට මත්තේගොඩ ආදාහනාගාරයේදී අවසන් ගමන් යනවා. නලින් අවසන් වරට රඟපෑවේත්, ‘ආදරණීය මිනිසෙක්’ටෙලි නාට්‍යයේ. ගයනා සුදර්ශණි තමයි ඔහු සමග අවසන්වරට රඟපෑ නිළිය. මේ ටෙලි නාට්‍යයට හා නලින්ගේ හිතවත්කම ගැන ඇයට තිබෙන්නේ සංවේදී මතක ගොන්නක්.

“ 2019 අවුරුද්දේ මේ ටෙලි නාට්‍යය කරන්න හිටියේ මමයි, සහනුයි එකතුවෙලා. ඒත් ඒ කාළේ ආපු කොරෝනා උවදුරත් එක්ක මේ නාට්‍යය කරන වැඩේ කල් ගියා.
ඔහොම ඉද්දි එක දවසක් නලින් මට කතා කරල ‘ලස්සන ටෙලි නාට්‍ය කතාවක් තියෙනවා කියල ආරංචි වුණා, ඒක කරන්නේ නැත්නම් මට දෙන්නකෝ, කියලා ඉල්ලීමක් කළා. ඇත්තටම නලින්ට ඒක කරන්න නිෂ්පාදකවරයකුත් ඒ වෙද්දි ඉන්නවා කිව්ව නිසා අපි ඉතින් ඒ පිටපත දුන්නා. ඒ අනුව සහන් රඟපාන්න හිටි චරිතය අපේ කැමැත්තෙන්ම නලින්ට බාර වුණා. අපි ඉතින් ෂුටිං පටන් ගත්තා. ශිවා අය්යා තමයි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. පිටපත ලිව්වේ සුනන්ද අය්යා.

ඔය කාළේ නලින් දර්ශන තලයේදි මට හැම මොහොතකම වගේ කිව්වා, මගේ තුනටියයි, කණයි ටිකක් රිදෙනවා කියලා. නලින් ඒ රිදිල්ලට හේතුව හැටියට අනුමාන කළේ, කලින් සිදුවෙලා තිබුණ රිය අනතුර. මේ අනතුර නිසා වෙන්න ඇති කියල තමයි නිතරම කිව්වේ. නමුත් මට හිතෙනවා කණ ආශ්‍රිතවම මුලදි ආපු පිලිකා රෝගී තත්ත්යේ මුලික ලක්ෂණද එදා එහෙම පහළ වුණේ කියලා.

කොහොම හරි අපි පළමු වටයේ ෂුටිං ඉවර කරල දෙවන වටයේ ෂුටිං පටන් ගන්න ඉද්දි තමයි ඔහු දරුණු විදියට රෝගී වුණේ. ඔය කාළේ ටෙලි නාට්‍යය ගැන කතා කරන්න තිබුණ රූපවාහිනී වැඩ සටහනකට ඔහු ආවෙත් අපේක්ෂා රෝහලේ සිටියෙදි. වෛද්‍ය අවසරය මත ටික වෙලාවකට ඇවිත් තමයි ආපහු ගියේ.

ඊට පස්සේ තමයි තත්ත්වය නරක අතට හැරුණේ. හැබැයි මම සති තුනකට කළින් මහරගම රෝහලටත් නලින්ව බලන්න ගියා.එදත් කිව්වේ ‘දෙවන වටයේ ෂුටිංවලට එනවා ගයනා..’ කියලා. ඒත් එන්න බැරි වුණා. යන්නම ගියා. අපි බලන් හිටියා නලින් සනිප වෙලා ඒවී කියලා. ඒත් අන්තිමට කතා නොකරම යන්න ගියා.”
ගයනා එසේ කීවේ දුක්මුසු හඬකින්.

“ඔහු ඇත්තටම හරිම හොද මනුස්සයෙක්. එහෙම කෙනෙක් තමයි අපිට අහිමි වුණේ..”

Previous articleඅවසන් ගමන් ගිය නලින් අවසන් වරට ගයනා සුදර්ශණිට කිව්වේ මොනවද.?
Next articleජීවන අංකයට අනුව ඔබේ අනාගතය සහ ලක්ෂණ ගැන හෙළිවන රහස් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights