මේ කියන්න යන්නේ තවත් සුවිශේෂී වූ ග්‍රහ මාරුවක් ගැනයි.. ඔබත් මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න කැමතියිද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්..
සිකුරු ග්‍රහයා තමන් බලවත් කරන විෂ්ණු මෙන්ම සරලා නම් විපරීත රාජයෝගය උදා කරමින් ජූනි මස 29 වැනිදා ඉරිදා දහවල් 02.10ට තම ස්වක්ෂේත්‍ර රාශිය වන වෘෂභ රැසට පිවිස ජූලි 26 වැනි සෙනසුරාදා දක්වා එහි ගමන් කරයි. එය සිකුරු සුබව පිහිටි සියලු ලග්න හිමියන්ට සුබපල රැසක් උදා කිරීමට හේතු වන්නේය.
ඒ මොහොතේ සිකුරු හිමි තුලා තත්කාල ලග්නය උදාව පවතී. එහි ද අධිපති සිකුරු ග්‍රහයා තුලාවෙන් 8 වැන්න වූ වෘෂභ රැසෙහි එම යෝග උදා කරමින් තත්කාල තුලා ලග්නය රාශි දෘෂ්ටියෙන් දැකීමෙන් සිකුරු බලවත් වෙයි. එසේම 8වැන්න වූ වෘෂභ රාශියේ ගමන් ගන්නා සිකුරු සහජ පාපීන් වන, කුªජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වීම සිකුරු දුර්වල කරන ග්‍රහ බලපෑමක් ද වන්නේය. ඒ අනුව මේ සිකුරු මාරුව රටට මෙන්ම ලෝකයට ශුභ අශුභ මිශ්‍ර පලදායක තත්ත්වයකි.
සිකුරුගෙන් ලැබෙන ශුභ ඵල ලෙස සිකුරු කාරකත්වය දරන නළුනිළියන්, ගායක ගායිකාවන්, මෝස්තර නිරූපණවේදීන්, සුඛෝපභෝගී භාණ්ඩ වෙළෙඳුන් වැන්නන්ගේ ජීවන තත්ත්වය උසස්වීමට කටයුතු යෙදෙනු ඇත.
එසේම සිකුරු කාරකත්වය දරන, සුඛෝපභෝගී මෝටර් රථ, රූපවාහිනී, පරිගණක, සුවඳවිලවුන්, රෙදිපිළි, ස්මාට් ජංගම දුරකතන වැනි භාණ්ඩ වැඩිපුර මිලදී ගැනීමට ජනයා පෙලඹෙනු ඇත.
අශුභඵල විමසා බැලීමේදී සිකුරු ග්‍රහයා කුජ, ශනි, රාහු, කේතු යන පාපීන්ගේ බලපෑමට ලක්වීම වෙනදාට වඩා ලිංගික දුරාචාරයට, මත්ද්‍රව්‍ය භාවිතයට ජනයා යොමු කරවන පිහිටීමකි. විශේෂයෙන්ම ලංකා කුම්භ ලග්න කේන්දරයේ මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සිකුරු පාප දෘෂ්ටියට ලක්ව ගමන් ගැනීම මෙයට හේතු වෙයි. එබැවින් උත්පත්ති කේන්දරයෙහි සිකුරු දුර්වල පාපපීඩිත වී ඇති, ඒරාෂ්ටක අපල ඇති පාසැල් දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ මවුපියන් වෙනදාට වඩා දැඩි අවධානයකින් පසුවිය යුතු කාලයකි.
උපන් ලග්නය අනුව පලවිපාක දෙන ආකාරය විමසා බැලීමේදී උත්පත්ති කේන්දරයේ සිකුරු ග්‍රහයා පාප පීඩිතව සිකුරු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන මාලවී නම් පංච මහා පුරුෂ යෝගයක් හෝ සිකුරු ග්‍රහයා වෘෂභ රාශිගත වීමෙන් විෂ්ණුූ යෝගයක් හෝ සිකුරු ග්‍රහයා තුලා රාශි ගතවීමෙන් පියුමාකාර යෝගයක් හෝ සිකුරු තම උච්ච රාශි වන මීන රාශි ගතවීමෙන් මහෞෂධ යෝගයක් යෙදී ඇත්නම් හෝ උත්පත්ති කේන්දරයේ සිකුරු ග්‍රහයා 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක හෝ 2, 11 යන ධන ස්ථානයක නීච සතුරු අස්ත නොවී සම මිත්‍ර යනාදී බලයකින් යුතුව ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් යුතුව සිටින ජන්මීන්ට දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සහ සිකුරු ජන්ම සඳුගෙන් සිකුරුට ශුභඵල දෙන භාව වන 1, 2, 4, 5, 8, 9, 11,12 යන භාවයක මෙකී වෘෂභ රැසෙහි ගෝචරය වන සිකුරු ගමන් ගන්නේ නම් එවන් ග්‍රහචාරයක් ඇති ජන්මීන්ට සිකුරු විවිධ අංශවලින් බොහෝ ශුභඵල ගෙන දෙන්නේය.
සිකුරුගෙන් ලැබෙන ශුභ ඵල ලෙස සිකුරු කාරකත්වය දරන නළුනිළියන්, ගායක ගායිකාවන්, මෝස්තර නිරූපණවේදීන්, සුඛෝපභෝගී භාණ්ඩ වෙළෙඳුන් වැන්නන්ගේ ජීවන තත්ත්වය උසස්වීමට කටයුතු යෙදෙනු ඇත.
එසේම සිකුරු කාරකත්වය දරන, සුඛෝපභෝගී මෝටර් රථ, රූපවාහිනී, පරිගණක, සුවඳවිලවුන්, රෙදිපිළි, ස්මාට් ජංගම දුරකතන වැනි භාණ්ඩ වැඩිපුර මිලදී ගැනීමට ජනයා පෙලඹෙනු ඇත.
අශුභඵල විමසා බැලීමේදී සිකුරු ග්‍රහයා කුජ, ශනි, රාහු, කේතු යන පාපීන්ගේ බලපෑමට ලක්වීම වෙනදාට වඩා ලිංගික දුරාචාරයට, මත්ද්‍රව්‍ය භාවිතයට ජනයා යොමු කරවන පිහිටීමකි. පාසැල් දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ මවුපියන් වෙනදාට වඩා දැඩි අවධානයකින් පසුවිය යුතු කාලයකි.
සිකුරු දුර්වල වී ඇති ජන්මීන් සිකුරාදා දිනවල ශුභ වැඩකටයුතුවල යෙදිීමෙන්, ගමන් බිමන් යෑමෙන්, විනෝදවීමෙන් වැළකී පත්තිනි, ලක්ෂ්මී දේව මෑණියන් වැනි මාතාවකට පින්දී ආගමානුකූලව දවස ගත කළ යුතු වන අතර සෑම දිනකම සිකුරු හෝරාව මඟ හැර දෛනික වැඩකටයුතුවල යෙදිය යුතුය.
සිකුරු බලවත් ජන්මීන්ට සිකුරාදා දිනෙක සුදු හෝ මිශ්‍ර පැහැති වර්ණයෙන් යුතු වස්ත්‍රයකින් සැරසී සිකුරු හෝරාවෙන් ලක්ෂ්මී, පත්තිනි, දේව මෑණියන් යන දේවතාවියකට පහනක් තබා ගිනිකොන බලා ශුභ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය.
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ට දෙවැන්න වූ වෘෂභ රැසෙහි ගමන් ගන්නා සිකුරු කලාව සම්බන්ධ කටයුතුවලින් සුවඳ විලවුන්, රෙදිපිළි, සුඛෝපභෝගි භාණ්ඩ වෙළඳාමෙන් වෙනදාට වඩා තැන්පත් ධනය වර්ධනය කෙරෙන යහපත් ග්‍රහ ගමනක් වන්නේය.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියාගේ ලග්නාධිපති සිකුරු එහිම ස්වක්ෂේත්‍ර වී මාලවී යෝගය උදා කරමින් ගමන් ගැනීම ජීවිතයේ සෑම අංශයකින් දියුණුවක් ලබන, ජීවන තත්ත්වය උසස් කෙරෙන ග්‍රහ ගෝචරයක් වන්නේය.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපති වන සිකුරු 12 වැන්නේ, විෂ්ණු යෝගය උදා කරමින් ගමන් ගැනීම, වෙනදාට වඩා සැපවත් නින්දක් ලැබීමටත්, කම්සැප ලැබීමටත්, පී‍්‍රතිමත් විදේශ සංචාර ඇතිවීමටත්, වෙනදාට වඩා සැප පහසු ලෙස ජීවත්වීමට අවශ්‍ය මුදල් ලැබීමටත් හේතු වන්නේය.
කටක ලග්නය
කටක ලග්න හිමියාගේ අයස්ථානාධිපති සිකුරු එහිම ගමන් ගැනීම උත්පත්ති කේන්දරයේ සිකුරු පාප පීඩිත නැතිව, බලවත්ව පිහිටා ඇති ජන්මීන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ධන ලාභ ලැබීමටත්, විනෝදකාමී, මිතුරු මිතුරියන් ලැබීමටත් හේතුවන ග්‍රහ ගමනක් වන්නේය.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ගේ 10 වැන්නාධිපති හෙවත් කර්මස්ථානාධිපති සිකුරු මාලවි නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් එහිම ගමන් ගැනීම කලාවට සම්බන්ධ රැකියා ව්‍යාපාර කටයුතුවල මෙන්ම සැපපහසු භාණ්ඩ, වාහන සම්බන්ධ රැකියා ව්‍යාපාරවල යෙදෙන්නන්ට වෙනදාට වඩා ධනය ලැබෙන, තැන්පත් ධනය වර්ධනය වන, සතුරු ප්‍රශ්න නඩුහබවලින් ජය ලැබෙන ග්‍රහ ගමනක් වන්නේය.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියාගේ ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන සිකුරු විෂ්ණු යෝගය උදාකරමින් භාග්‍ය ස්ථානය වන 9 වැන්නේ ගමන් ගැනීම ජීවිතයේ සෑම අංශයකින්ම දියුණුව ලබන, ජීවන තත්ත්වය උසස් කෙරෙන ප්‍රබල ග්‍රහ ගමනක් වන්නේය.
තුලා ලග්නය
තුලා ලග්න හිමියාගේ ලග්නාධිපති වන සිකුරු, 8 වැන්න වූ වෘෂභ රැසෙහි ගමන් ගැනීමෙන් විෂ්ණූු මෙන්ම සරලා නම් විපරීත රාජයෝගය යෙදෙන අතර, උප්පත්ති කේන්දරයේ සිකුරු ග්‍රහයා 6,8,12 යන භාවයක යෙදී තිබුණූ තුලා ලග්න හිමියන්ගේ සරලා නම් විපරීත රාජයෝගය සක්‍රිය වීමෙන් අන්තිම කැමැති පත්‍ර මඟින් සුඛෝපභෝගි නිවාස, වාහන, මල්වතු, පලතුරු වතු හිමිවන්නේය. විවාහ වන වයසේ පසුවන තරුණයකු නම් හොඳ දෑවැද්දක් සමඟ රූමත් තරුණියක් හා විවාහවීමට භාග්‍ය උදාවන්නේය. අඹුසැමි ජීවිතයේ පී‍්‍රතිය, සතුට වර්ධනය වීමටත් තනිකඩ තරුණ තරුණියන්ට අනියම් කම්සැප ලැබීමටත් හේතු වන්නේය.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙහි 7 වැන්නෙහි සිකුරු විෂ්ණු මෙන්ම මාලවී යෝගය උදා කරමින් ගමන් ගැනීම උත්පත්ති කේන්දරයේ මාලවි යෝගයෙදී තිබුණු වෘශ්චික ලග්න තරුණ තරුණියන්ට ධනවත් රූමත් සහකරුවෙක් හෝ සහාරියක් ලැබීමට භාග්‍ය උදා කරන්නේය. ඒ හැර සුඛෝපභෝගි භාණ්ඩ වෙළෙඳාමේ යෙදෙන හවුල් ව්‍යාපාරිකයන්ට වෙනදාට වඩා තම ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබීමටත්, විශ්වාසවන්ත වෙළෙඳ හවුල්කරුවන් ලැබීමටත් හේතු වන්නේය.
ධනු ලග්නය
ධනු ලග්න හිමියාගේ 6 – 11 අධිපති සිකුරු ග්‍රහයා උපචය භාවයක් වන 6 වැන්නෙහි විෂ්ණු යෝගය මෙන්ම හර්ෂ නම් විපරීත රාජයෝගය උදාකිරීම, හර්ෂා විපරීත යෝගය උත්පත්ති කේන්දරයේ 6,8,12 යන භාවයක යෙදී තිබුණූ ධනු ලග්න හිමියන්ට සතුරු ප්‍රශ්න නඩුහබවලින් ජය ලැබෙන ග්‍රහ ගමනකි. ඒ හැර විසිතුරු මසුන් ඇති කිරීම, සුරතල් සතුන් සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙන ධනු ලග්න හිමියන්ට වෙනදාට වඩා ලාභ ලැබීමට මෙකී ග්‍රහ ගමන හේතු වන්නේය.
මකර ලග්නය
මකර ලග්නයට සුබ වූ යෝගකාරක ග්‍රහයා වන සිකුරු 5 වැන්නේ විෂ්ණු යෝගය උදා කරමින් ගමන් ගැනීම ක්‍රීඩා, කලාව සම්බන්ධ කටයුතුවලින්, කලාවට සම්බන්ධ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන, සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධ රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කෙරෙන ග්‍රහ ගමනක් වන්නේය.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ 4 – 9 අධිපති යෝගකාරක සිකුරු ි මාලවි මෙන්ම විෂ්ණු යෝගය උදාකරමින් ගමන් ගැනීම උත්පත්ති කේන්දරයෙහි එකී යෝග යෙදී තිබුණු දැනට සිකුරු මහ දශා අන්තර් දශා ලබා ඇති කුම්භ ලග්න හිමියන්ට සුඛෝපභෝගී යානවාහන, ගේදොර, මල්වතු, පලතුරු වතු හිමිවන ස්වකීය මෑණියන් සහ මව් පාර්ශ්වයේ ඥාතීන් නිසා වෙනදාට වඩා ජීවිතය සැපවත් සහ උසස්වන ග්‍රහ ගමනක් වන්නේය.
මීන ලග්නය
මීන ලග්නයෙහි 3 – 8 අධිපති සිකුරු ග්‍රහයා 3 වැන්නෙහි විෂ්ණු යෝගය උදාකරමින් ගමන් ගැනීම, එම යෝගය උත්පත්ති කේන්දරයෙහි යෙදී තිබුණු මීන ලග්න කලාකරුවන්ගේ කුසලතා වර්ධනය වීමටත්, සම්මාන ලැබීමටත්, ජීවන තත්ත්වය උසස්වීමටත් හේතු වන්නේය. ජංගම රෙදිපිළි, සුවඳ විලවුන්, රසකැවිලි සිසිල්බීම, අරුමෝසම් භාණ්ඩ, අලෙවි කරන වෙළෙඳුන්ට ස්වකීය වෙළෙඳ කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබීමට සිකුරුගේ ගමන හේතු වන්නේය.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..









