Home දේශිය පුවත් “අයියෝ..ලොරිය ඇල්ලුවා කොල්ලා..1990 ට කතා කරන්න. අයියෝ මගේ කෙල්ල යට කෙරුවා…” අම්මා...

“අයියෝ..ලොරිය ඇල්ලුවා කොල්ලා..1990 ට කතා කරන්න. අයියෝ මගේ කෙල්ල යට කෙරුවා…” අම්මා බලන් ඉද්දීම පන්නල තරුණියක් ටිපර් එකට යටවෙයි.

0
695

 

 

පන්නල, කන්දනේගෙදර ප්‍රදේශයම අද උඩුයටිකුරු වුණේ ඇස් පනාපිටම සිද්ධ වුණ අදහාගත නොහැකි ටිපර් රථ අනතුරක් නිසයි.

ඉතාමත් වේගයෙන් ආපු ටිපර් රථයක් පාර අයිනේ හිටපු තරුණියක්ව යට කරගෙන යන දර්ශන ජංගම දුරකථන කැමරාවක සටහන් වෙලා තිබුණේ කාගේත් ඇඟ කිලිපොලා යන විදිහටයි.

අනතුර සිද්ධ වුණ වෙලාවේ ඒ අසලම හිටපු ඒ අහිංසක තරුණියගේ මවගේ විලාපය කාගේත් හදවත් කීරිගස්වන සුළුයි.

“අයියෝ……ලොරිය ඇල්ලුවා කොල්ලා…. 1990 ට කතා කරන්න. අයියෝ මගේ කෙල්ල යට කෙරුවා…මගේ කෙල්ල, මූ යට කෙරුවා. ගෙටම අල්ලලා…”

කියමින් ඇය මොරගාපු හැටි දකිද්දී ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළක් උනනවා නොඅනුමානයි. තමන්ගේ දෑස් ඉදිරිපිටම තමන්ගේ දරුවා වාහනයකට යටවෙනවා දැකීම තරම් අම්මා කෙනෙක්ට තවත් වේදනාවක් තිබේද?

මේ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාමාන්‍ය රිය අනතුරකට වඩා එහා ගිය යම් සැකයක් මේ සම්බන්ධයෙන් දැන් මතුවෙලා තියෙන්නේ ටිපර් රථය ආපු වේගය සහ එය පාලනය කරගන්න උත්සාහ නොකරපු නිසයි.

පොලිසිය දැන් විමර්ශන පවත්වන්නේ මේක අත්වැරදීමකින් වුණ අනතුරක්ද, නැත්නම් පෞද්ගලික තරහක් පිරිමහන්න සිතාමතාම කළ අනතුරක්ද කියන එක ගැනයි.

ටිපර් රථය පාරෙන් ඉවතට පැනලා ගෙටම අල්ලලා තරුණියව යට කරන ආකාරය කැමරාවක පැහැදිලිව පේන්න තියෙනවා. මේ සිද්ධියත් එක්ක මුළු පන්නල ප්‍රදේශයම දැඩි උණුසුම්කාරී තත්ත්වයකයි පවතින්නේ.

වීඩියෝ දර්ශනය මෙතනින්

Previous articleසිනමාවේ ‘සරාගී සලකුණ’ දිවි මඬලට සමු දෙයි. අසමසම සුන්දරත්වයකින් ලොවක් වසඟ කළ නිළියක් ඇය
Next articleකරපිංචා කොළේ විසි කරන්න කලින් දෙපාරක් හිතන්න.. ඔබ මේ විසි කරන්නේ කොලෙස්ටරෝල් දිය කරන දිව ඔසුවක් කියලා දන්නවද?
error: Content is protected !!
Verified by MonsterInsights