Home ක්‍රීඩා පුවත් ඔහුගේ ඒ සමාව අයැදීම ක්‍රීඩාවේ විනයත්, ඔහුගේත් මහත්මාගුණය පෙන්වන කාරණයක් වුණා… ලෝකයක...

ඔහුගේ ඒ සමාව අයැදීම ක්‍රීඩාවේ විනයත්, ඔහුගේත් මහත්මාගුණය පෙන්වන කාරණයක් වුණා… ලෝකයක අවදානය දිනාගත් ඒ සිදුවීම මෙන්න..

0
265

මේ කියන්න යන්නේ ලෝකයක අවදානය දිනාගත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.

ජපානයේ සුපිරි වොලිබෝල් ක්‍රීඩක යුජි නිෂිඩා (Yuji Nishida) විසින් සිදුකළ අපූරු සමාව අයැදීමක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා.

කෝබේ (Kobe) නගරයේ පැවැති තරගයක් අතරතුර සිදුවූ මෙම සිදුවීම මේ වන විට X (ට්විටර්) ජාලය ඔස්සේ මිලියන 8.5කට අධික පිරිසක් නරඹා තිබීම විශේෂත්වයක්.

බටහිර ජපානයේ කෝබේ නගරයේ පැවැති වොලිබෝල් තරගයක් අතරතුර, 26 හැවිරිදි නිෂිඩා විසින් එල්ල කරන ලද වේගවත් පන්දුවක් නොසිතූ මොහොතක පිටියේ සිටි කාන්තා විනිසුරුවරියකගේ හිසෙහි වැදුණා.

පන්දුවේ වේගය කොතරම්ද යත්, එය විනිසුරුවරියව මොහොතකට තිගැස්මට පත් කිරීමට සමත් වුණා.

මෙම අතපසුවීම සිදු වූ සැණින් නිෂිඩා තරගය අමතක කර ඇය වෙත දිව ගියේ ඉමහත් කණගාටුවෙන්.

නිෂිඩා ඇය අසලට දිව ගොස් සිදුකළ දේ කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. ඔහු ඇය ඉදිරියේ දණින් වැටී (Slid down), හිස පහත් කර ඉතාමත් ගෞරවනීය සහ බැගෑපත් අයුරින් සමාව අයැද සිටියා.

ජපන් සංස්කෘතියට අනුව හිස නමා ආචාර කිරීම සාමාන්‍ය දෙයක් වුවත්, නිෂිඩා එහිදී දැක්වූ අතිශය විනීත සහ හැඟීම්බර ප්‍රතිචාරය බොහෝ දෙනෙකුගේ හදවත් දිනා ගැනීමට සමත් වුණා.

 

Previous articleඇයගේ මව සොයා රාජ්‍ය බුද්ධි සේවයත් වැඩ අරඹයි.. මාධ්‍යවේදිනියකගේ අතුරුදන් වූ මව ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න..
Next articleනිය අලංකරණය ගැන සැලකිලිමත්වන ඔබ, ඒ පසුපස සැඟවුණු භයානක අවදානම ගැන දැන සිටියාද..?
error: Content is protected !!
Verified by MonsterInsights