Home දේශිය පුවත් අම්මගේ අතින් අල්ලන්, අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු..” ආදරය පුරවාගත් ඇගෙන්...

අම්මගේ අතින් අල්ලන්, අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු..” ආදරය පුරවාගත් ඇගෙන් පුංචි දෝණිට සුබපැතුමක්..

0
77

දරුවෝ කියන්නේ මවුපියන්ට සම්පතක්.. ඇයත් පුංචි දියණිය ඕජි නිසා ඇගේ ජීවිතය අලුත් කරගත්ත අම්මා කෙනෙක්..

චූටි දෝනි දවසින් දවස ටික ටික ලොකු වෙනවා.. ඇය ලස්සනට හැදෙනව දකිනවා තරම් සතුටක් නිරෝෂිත තව නැතිව ඇති.. ළඟදි දවසක නිරෝෂා තලගල ආදරණීය කලා ශිල්පිනියගේ සිඟිති දියණියගේ උපන්දිනය පැවැත්වුණා..

ඒ ලස්සන දවස වර්ණවත් කරන්න, චූටි මැණිකගෙ ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණා..

ඒ විතරක් නෙවෙයි ආදරණීය අම්මා කෙනෙක් වුණු නිරෝෂා, ඇය වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරන්නත් අමතක කරලාා නැහැ..

මගේ ඕජී මැනික..
අම්ම්ගේ ලෝකයට
ඔයා ආපු දවසේ ඉදන්
මගේ ජීවිතයම සම්පූර්ණ වුණා…
මතකයි මගේ පන,
අම්මගේ,
පපුව උඩට මැනිකව දෙද්දි
ආපු හද ගැස්ම..
තාමත් ඒ ලේ සුවද දැනෙනව මට…
අවුරුදු 06ක් වුණා
පොළොවේ පය ගහලා ඔයත් යන්න පටන් ගත්තා
ඔයා දැන් දඟකාර ලස්සන මලක්..
ඔයාගේ කෝලම්,හුරතල් ,ඔක්කොම බලාගෙන
අම්මි ඒවා විදිනවා.. දවසින් දවස ඔයා වෙනස් වෙනවා..
හුරතලේ වෙනස් වෙද්දි ලෝබයි..
ගොඩක් දුර යන්න ඕන මැණික…
අම්මගේ අතින් අල්ලන්
අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු..
කාටවත් බරක් නොවී..
ආදරෙයි මුලූ ලෝකෙටම වඩා..
බුදුසරණයි මගේ දෝනිට…..
හැමෝටම ආදරණීය
ගුණගරුක යහපත් දරුවෙක්ම වේවා..

Previous articleනින්දෙන් දකින හීනවලට මේ තරම් තේරුමක් තියෙයි කියලා ඔයාලා දැන සිටියාද ? එහෙනම් බලන්නකෝ ඔයාලත් මේ හීන දැකලා තියෙනවාද කියලා…
Next articleමිනිසාමයි ලොව දෙවියන් වන්නේ..” – බොදු බැතිගීයෙන් රටක් සැනසූ ඒ ආදරණීය හඬ වෙනුවෙන් ඔහු තැබූ සංවේදී සටහන
error: Content is protected !!
Verified by MonsterInsights