Home Uncategorized තවත් දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට පලාපල මෙන්න..

තවත් දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට පලාපල මෙන්න..

0
11

 

 

එළඹෙන අලුත් අවුරුදු කාලයේ ඔබේ ලග්නයට කොහොමද කියලා දැනගන්න ඔබත් කැමතියිද..?

මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි. ඉතින් ඔබත් කැමතියිද අලුත් අවුරුද්දට කලින් මේ කියන්න යන කාරණාව ගැන දැනගන්න..

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ පුණ්‍යස්ථානගත වීම ශුභයි. සසර පින්මත වසර ගත කිරීමේ ශක්තිය මතු කරයි.

රැකියා ස්ථානවල නිලතල උසස්වීම් ආදිය ලබයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජය ගෙන දෙයි. සමහරවිට ස්ථාන මාරුවීම් යෙදේ

ගෘහ ජීවිතය ශුභයි. අඹු දරුවන් අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඇසුරින් දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සුහදතාව වර්ධන කටයුතු යෙදේ. අවිවාහකයින්ට ශුභයි. මංගල සීනු නාද වන වසරකි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. නව නිර්මාණ ඉදිරිපත් කරයි. විදෙස්ගත වීම් සඳහා ශුභයි. විදෙස් ගමන් විදෙස් රැකියා ලාභ ලබයි. භූමිය පිළිබඳ ක්‍රියා කරන්නන්ට භුමි ලාභ සම්පත් ගෙන දෙයි.

ආගමික වතාවත්වල නියැළේ නම ඥානි මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාද යෙදේ. පදිංචියේ වෙනසකට හේතුයි නව නිවාස ලාභ ලබයි.

උඳුරා බාධ මූල රෝග භගන්දර වැනි බඩවැල් ආශ්‍රිත රෝග ඇති වෙයි. හමේ රෝග කුෂ්ඨ රෝග ලේ දුෂිත රෝග මතු කරයි වසරේ පවතින බාධා ඉවත් වීම සඳහා ශ්‍රමණ බමුණන් ගරු කිරීම දාන මානාදී කුශල කර්ම වල යෙදීම ස්කන්ද කුමාර දෙවිඳුට පූජා පවත්වා සෙන් ලබා ගැනීම මැනවි.

වෘෂභ

ලග්නාධිපති වැයස්ථාන ගත මෙම වසර ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. ජීවිතයේ වෙනසකට හේතුයි.

තනතුරු ලාභ ලබන රැකියා ස්ථානයෙහි පැවති සතුරු බාධා ඉවත් වෙයි. නම තත්ත්වයේ උසස් වීම් ලබයි. තැන්පත් ධනය වර්ධනය කරයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජය දෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර සුහදතා වර්ධනය සිදු වෙයි. ඉඩ කඩම් නිවාස ලාභ ලැබීම් ඇති වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නමුත් බාහිර අලංකාරයට රැවටීම ශුභ නොවේ. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන් අරමුණු ජය ගනී. පෙනෙන මෙන් නොපෙනෙන්නෙ සතුරු බලපෑම් මත සිත් චංචල වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභදායක වසරකි. තම අරමුණු ජයගනී. තුරඟ තරග ජය ලබයි. අන් අයගෙන් උදව් උපකාර ලබයි. සෞන්දර්ය කලාවන්හි නියැළෙන අයට ජනප්‍රසාදය ලබයි. තම නිර්මාණ ඇරඹීමට ශුභයි.

ආගමික වතාවන් ගරු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික පුද පූජාවන්හි ගරු කරයි. උත්සව සාද වැනි දේවල් වලද යෙදේ. අලංකාරය සඳහා වැය පස ඉහළ යයි.

සිරස් ගත රෝග නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. සෙම් රෝග පෙනහලු රෝග ඇඳුම හනිය වැනි රෝග මතු කරයි. ජලයෙන් ප්‍රවේශම මැනවි.

පවතින බාධා පීඩා ජය ගැනීමට ආගමික වනාවන් වල ඉඩ ලන් හැමවිට නිරත වීම සහ දාන මානාදි ක්‍රියාකාරකම් වල යෙදීම, සුරතල් සතුන් නිදහස් කර ගැනීම. සමන් දෙවිඳු ඉන්ද්‍ර දෙවිඳු උදෙසා පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම මැනවි.

මිථුන

ලග්නාධිපති කර්මස්ථාන ගත වූ මෙම වසර ශුභා ශුභ ඵල දෙයි. තරමක් වැය පස ඉහළ යන වසරකි.

රැකී රක්ෂා සාමාන්‍ය ලෙසින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. රැකියා ලාභ ලබයි. අවිවාහක අයට ශුභයි. මංගල යෝග උදා කරයි. ප්‍රේම සබඳතා විවාහයක් දක්වා ගමන් කරයි. නව නිවාස ලබන තෙක් පදිංචි ස්ථානවල මාරුවීමක් හෝ සිදු වේ.

යාන වාහන ලාභ ගෙන දෙයි. නමුත් රැවටිලි වලට හසු වීමට ඉඩ තිබේ. බුද්ධිමත්ව තීරණ ගැනීම මැනවි. භූමි ලාභ සම්පත් දෙන වසරක් වන අතර පෙනෙන මෙන්ම නොපෙනෙන සතුරු බලපෑම් නිසා ප්‍රවේශම් ද මැනවි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභ වසරකි.

ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මික නිවුනු දිවියකට හේතු දේ. ඇසුරු කරන්නන් නිසා නරමක් ම්‍යාසට වද දෙන ප්‍රශ්න මතු කරයි. එවැනි ක්‍රියාකාරකම් වද්දී බුද්ධිමත් වීම මැනවි.

හදිසි රෝග අන්‍ය වශ්‍ය ශල්‍ය කර්ම වැනි දේවලට හේතුයි.

මුත්‍රා ආසාදන මේහ රෝග ආදියට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. විශේෂයෙන් ආහාර පාන වලින් ප්‍රවේශම මැනවි.

පවතින බාධා ජය ගැනීම සඳහා ශ්‍රමණ බමුණන් ගරු කිරීම, දාන ශීලාදී ගුණ දහම් වල යෙදීම මරණයට කැප වූ සතුන් සඳහා අභය දානය දීම, මහා විශ්ණු දෙවිඳු උදෙසා පුද පූජා පවත්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

කටක

ලග්නාධිපති බාධකස්ථාන ගත ගත කරන මෙම වසර ආරම්භය ශුභා ශුභ මිශ්‍ර ඵල දායකයි. මහන්සියේ තරමට ප්‍රතිඵල දනවන අතර ක්ෂණික ලාභ දෙයි.

රැකියාවේ නව ප්‍රබෝධයක් මත ශුභවාදී වෙනසකට හේතුයි. රැකියා බලාපොරොත්තුවන්නන්ගේ අදහස් සඵල වෙයි. දෙස් විදෙස් ගමන් යෙදෙන වසරකි. තැන්පත් ධනය වර්ධනය වේ.

ගෘහ ජීවිතය යහපන්ය. අඹු සැමි සුහදනාව වර්ධනය වේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම් සැකසේ නව නිවාස ලාභයට හේතුයි. හදිසි ධන ලාභ වලට හේතුයි. වැය පස ද තරමක් බහුල වසරකි. බුද්ධිමත් ලෙස ලැබෙන ධනය හසුරුවා ගැනීමද මැනවි. ප්‍රීති උත්සව හාද වැනි දේවල් නිතර යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභවාදී ඵල ලැබේ. බුද්ධි වර්ධනය වෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. මහජන ප්‍රසාදයට පන් වෙයි. භූමිලාභ මතු කරයි. භූමීය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි.

දහමට ලැදිව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සිතේ ප්‍රීතිය ඇතිව කල් ගෙවන කාලයකි.

සෙම් කෝප රෝගාබාධ මතු කරයි. හමේ රෝග කුෂ්ඨ රෝගාදිය මතු කරයි. ආහාර විෂවීම් ජීර්ණ මාර්ග පද්ධතියේ රෝග, ගලගණ්ඩ රෝග මතු කරයි.

පවතින පීඩා දුරු කර ගැනීම පිණිස භ්‍රමණ බමුණන්ට ගරු කිරීම පුද පුජා පැවැත්වීම මැකව අසරණ වැඩිහිටියන් වෙනුවෙන් උදව් උපකාර කිරීම, සත්පත්තිනි දෙවඟනට පිං දී ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

සිංහ

ලග්නාධිපති බාධකස්ථාන ගත ගත කරන මෙම වසර ආරම්භය ශුභා ශුභ මිශ්‍ර ඵල දායකයි. මහන්සියේ තරමට ප්‍රතිඵල දනවන අතර ක්ෂණික ලාභ දෙයි.

රැකියාවේ නව ප්‍රබෝධයක් මත ශුභවාදී වෙනසකට හේතුයි. රැකියා බලාපොරොත්තුවන්නන්ගේ අදහස් සඵල වෙයි. දෙස් විදෙස් ගමන් යෙදෙන වසරකි. තැන්පත් ධනය වර්ධනය වේ.

ගෘහ ජීවිතය යහපන්ය. අඹු සැමි සුහදනාව වර්ධනය වේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම් සැකසේ නව නිවාස ලාභයට හේතුයි. හදිසි ධන ලාභ වලට හේතුයි. වැය පස ද තරමක් බහුල වසරකි. බුද්ධිමත් ලෙස ලැබෙන ධනය හසුරුවා ගැනීමද මැනවි. ප්‍රීති උත්සව හාද වැනි දේවල් නිතර යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභවාදී ඵල ලැබේ. බුද්ධි වර්ධනය වෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. මහජන ප්‍රසාදයට පන් වෙයි. භූමිලාභ මතු කරයි. භූමීය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි.

දහමට ලැදිව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සිතේ ප්‍රීතිය ඇතිව කල් ගෙවන කාලයකි.

සෙම් කෝප රෝගාබාධ මතු කරයි. හමේ රෝග කුෂ්ඨ රෝගාදිය මතු කරයි. ආහාර විෂවීම් ජීර්ණ මාර්ග පද්ධතියේ රෝග, ගලගණ්ඩ රෝග මතු කරයි.

පවතින පීඩා දුරු කර ගැනීම පිණිස භ්‍රමණ බමුණන්ට ගරු කිරීම පුද පුජා පැවැත්වීම මැකව අසරණ වැඩිහිටියන් වෙනුවෙන් උදව් උපකාර කිරීම, සත්පත්තිනි දෙවඟනට පිං දී ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

කන්‍යා

ලග්නාධිපති කාලස්ථාන ගත වීම ශුභඵල දීමකි. නරමක් තමන් ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ සතුරන් දමනය වෙයි.

රැකි රක්ෂාවෙන් දියුණුව ද ප්‍රසිද්ධියද ලබයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජයයි. නම අභිමතකරුණු ජය ගනී. තැන්පත් ධනය වර්ධනය වන වසරකි. නරමක් උත්සව සාද නිතර යෙදේ

ගෘහ ජිවිතය ශුභයි. අඹු සැමියන් අතර පැවති බාධා ඉවත් වෙයි. නව නිර්මාණ කරණයට ශුභයි. විද්වතුන් ගුණවතුන් ඇසුරට පන් වෙයි. හදිසි ධන ලාභ ලබයි. විවාහ යෝග ගෙන දෙන වසරකි. යාන වාහන ලාභ ලබයි. විදෙස් ගමන් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. නොයෙක් නොයෙක් දේ ඉගෙනීමට අවස්ථා සැලසේ නම අරමුණු ජය ගනී. සතුරන් දමනය වෙයි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. ඉවසීමෙන් තීරණ ගතයුතු අතර න්‍යාගශීලී ගනි පිහිටයි. තමා නමින් නව ව්‍යාපාර ඇරඹීමට ද මෙම වසර ශුභයි.

දෙමාපියන්ට ගරුකරන අතර දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවන සැලසුම් ක්‍රියා කරයි. අන් අයගෙන් උදව් උපකාර ද ලබන වසරකි. නරමක් වෙහෙසව ක්‍රියා කිරීමට ද සිදු වේ. භූමි ලාභද දෙන අතර භූමිය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි

තරමක් සෙම් බහුල රෝග, කුෂ්ඨ විෂර්ෂ ආදිය සෑදේ බඩවැල් ආශ්‍රිත රෝග, බහන්දර මූල රෝග මතු කරයි කෑමෙන් වීමෙන් ප්‍රවේශම මැනවි.

දශාඵල අනුව පැවති බාධක ඉවන් කර ගැනීම සඳහා දාන ශීල ආදි ගුණ දහම් වලට යොමු වීම, අසරණ වුවන් වෙනුවෙන් උදව් කිරීම, ශ්‍රී මහා විෂ්ණු දෙවිඳුට පිංදි පුද පූජා පවත්වා සරණ ලැබීම.

තුලා

ලග්නාධිපති කාලස්ථාන ස්ථානයේ ගමන් කරන අතර ශුභඵල ගෙන දෙන වසරකි. තම අරමුණු සැලසුම් ජයගනී. රැකි රක්ෂා ස්ථානවල මූලික වෙයි. රැකියා බලාපොරොත්තු වූවන්ට එය ලැබේ නමුත් සතුරු බල පෑම් එල්ල වෙයි. ඉවසීමෙන් කටයුතු වල යෙදීම මැනව. හදිසි ලාභ ලැබීම් වලට ද හේතුයි.

ගෘහ ජීවිතය නරමක් ශුභවාදීව ගෙවේ. සැක සංකා මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ සෘජු ගුණයේ පිහිටා කටයුතුවල යෙදීම හොඳයි. තම ඇසුරු කරන්නන් නිසා නමට කැළැල් මතු කරයි. එබැවින් ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය. උත්සව සාද වැනි දේවල් ද නිතර නිතර යෙදේ. ඉඩ කඩම් ලාභ ලබයි. නව නිවාස සෑදීමට හේතුයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල දායකයි. නව නිර්මාණ කරණයට ශුභයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ශුභයි. දෙස් විදෙස් ගමන් යෙදේ. නම ඥානි මිත්‍රාදීන්ගේ අවශ්‍යනා මනද ක්‍රියා කිරීමට සිදු වෙයි භූමි ලාභ ගෙන දෙන වසරකි. භූමිය සම්බන්ධ ක්‍රියාවන්හි යෙදෙන්නන්ට ජයගෙන දෙයි ආගමානු ක්‍රියා කලාපයන් ගරු කරයි. දහමට අනුව කටයුතු වල යෙදේ. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බල පෑම් එල්ල වෙයි. රැවටිලි වලට හසු වීමට ඉඩ ඇති බැවින් දුර දිග බලා ක්‍රියා කළ යුතුයි. සන්ධි රෝග මතු වෙයි. තුනවිද රෝග වකුගඩු ආශ්‍රිත රෝග මතු කරයි. ආහාර විෂවීමෙන් ඇතිවන රෝග වලට ද හේතුයි. ඉවසීම මැනවි

පවතින පීඩා ජය ගැනීමට ආගමානුකූලව ක්‍රියාවේ යෙදිය යුතු අතර අපගෙන් ගෙවී යන කුසල කර්ම නැවත මතුකර ගැනීමට උත්සාහ නොදරයි. එබැවින් බුද්ධිමත්ව ධර්මානුකූලව ක්‍රියා කරයි. සමන් දෙවිඳුට පූජා පවත්වා ආශිර්වාද ඉල්ලා සිටීම මැනවී.

වෘශ්චික

ලග්නාධිපති කීර්ති ස්ථානයේ ගමන් ගන්නා අතර එළඹෙන නව වසර ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදු වන වසරකි.

රැකී රක්ෂා ස්ථානවල තිබූ බාධා ඉවන් වෙයි. නව රැකියා ලාභ ලබයි.

රැකියා ස්ථාන මාරු වීමට හේතුයි. ආර්ථික පීඩා තරමක් මග හැරේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභදායක වෙයි. තනතුරු ලාභ ද ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර බාධා ඉවන් වෙයි. පැවති සතුරු බලවේග ද ඉවත් වෙයි. සෘජු ගුණයේ පිහිටා කටයුතු වල යෙදිය යුතුය. පදිංචියේ වෙනසකට හේතුයි. නව නිවාස ලාභ ලබයි. ඇසුරින් දුරස්ථ දොති මිත්‍රාදීන් සමීප කරවන ක්‍රියා යෙදේ මංගල සාද යෙදේ අවිවාහකයින්ට මංගල සීනු නාද වෙයි.

අධ්‍යාපනික කටයුතුවල යෙදෙන්නන්ට මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. සෞන්දර්ය කලාවන්හි යෙදෙන්නන්ට ශුභයි. භූමි ලාභ සම්පත් ගෙන දෙන අතර පොළොව සම්බන්ධ කටයුතු වල යෙදෙන්නන්ට ඒ සඳහා යොමුවීම යහපනී. දෙස් විදෙස් ගමනේ යෙදේ.

ආගමික ක්‍රියාකාරකම් කෙරෙහිද යොමුවේ. හදිසි බාධා මතු කරයි. නව වැඩ ඇරඹීම ද උපදෙස් මතම ක්‍රියා කිරීම මැනවි. තමනට සමාජයෙන් වරින් වර පීඩා මතු කරයි.

හදිසි රෝග කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි. ශල්‍ය කර්ම කරවන රෝග ද මතු කරයි. අර්ශස්, භගන්දර වැනි බඩවැල් ආශ්‍රිත රෝග මතු කරදි

පවතින පීඩා සඳහා ආගමික වතාවන් ගරු කිරීම, ශ්‍රමණ බමුණන් උදෙසා පුද පුජා පැවැත්වීම, සිර කර ඇති සතුන් නිදහස් කිරීම වැනි දේවල්දය හාපති ස්කන්ධ කුමාර දේව පූජා පවත්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ඉල්ලා සිටින්න.

ධනු

ලග්නාධිපති කලස්ථාන ගත වීම ශුභයි. සෘජුව ක්‍රියා කරන වසරකි. නම නත්ත්වයේ උසස්වීම ඇතිවන අතර පරාර්ථකාමී ගති ඉස්මතු කරයි.

රැකියා ලාභ ලැබීම් ඇති වෙයි. පවතින රැකියාහි උසස්වීම් තනතුරු ලාභ ලබයි. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. තැන්පත් ධනය හදිසි ධන ලාභ ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. බලාපොරොත්තු සහගත දේ ජයගනී. අවිවාහකයින්ට මංගල සීනු නාද වෙයි. නම වටිනාකම ප්‍රදර්ශනය වන වසරකි. නව නිවාස ලාභ ලැබීම් යෙදේ. නව නිවාස ඉදි කිරීම් යෙදේ. දෙස් විදෙස් සංචාර යෙදේ. යාන වාහන ලාභ ද ලබයි. නමුත් සතුරු බලපෑම් මත වරින් වර සින් චංචල වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන් උත්සාහ විය යුතුය. උනන්දුවේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. තාක්ෂණික ක්‍රියාකාරකම් වලන් ජයග්‍රහණ ලබයි. නම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. උත්සව සාද වරින් වර යෙදේ. පොදු සේවා කටයුතු වලදී මූලිකව ක්‍රියා කරයි.

දහමට ලැදිව ක්‍රියා කරන වසරකි. බොහෝ පිතකොට කුසල් මතු කර ගැනීමේ ක්‍රියාවලියෙහි යෙදේ නම මූලිකත්වයෙන් පොදු සේවා කටයුතු සමාජ සත්කාරක කටයුතු යෙදේ.

පවතින බාධා ගුවන් කර ගැනීම සඳහා ආගමික වතාවන් ගරු කිරීම මැනවි දාන ශිලාදී ගුණධර්මවල යෙදිය යුතුය ඊශ්වර දෙවි ප්‍රධානව පූජා පවත්වා දෙවියන් උදෙසා සිං අනුමෝදන් කර ආශිර්වාද පාර්ථනා කිරීම මැනවි.

මකර

ලග්නාධිපති කීර්ති ස්ථාන ගනව ලැබූ නව වසර තරමක් ශුභඵල ගෙන දෙන වසරකි. නව නැම්මක් ඇති කරවන වසරක් බවට පත් වෙයි.

රැකියා ලාභ ලබයි. ව්‍යාපාර වලින් ද ජය ගෙන දෙයි. විවිධ ක්‍රමවලින් ධනය උපයන වසරකි. නමුත් වැය පස ද විවිධාකාරයෙන් ඇති වෙයි.

ගෘහ ජිවිතය ශුභයි. ආවේගශීලීව ක්‍රියාකරන වව්‍යරකි. සිතට ප්‍රීතිය ගෙන දෙයි. එවැනි ක්‍රියාවල යෙදේ. නමුන් යටපත්ව නිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. ඥානි මිත්‍රාදීන් අතර කීර්ති ප්‍රසාදය ලබයි. අවිවාහකයින්ට ශුභයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. රැවටිලි වලට ද හසු වීමට ඉඩ ඇති බැවින් ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් කළ යුතුය.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ජය ගැනීමට තරමක් කැප කිරීම් කිරීමට සිදු වෙයි. නව නිර්මාණ කරණයට ශුභයි. විවිධාකාර උත්සව සාද වැනි දේවල් යෙදේ භූමිම්ලාභ භුමි සම්පත් ගෙන දෙන වසරකි. ලාභ මෙන්ම වැය පස ද බොහොම ඉහළ යයි.

ආගර්මක කටයුතු වලට ද ගරු කරයි. දහමට යොමුව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ කෙරෙහි යොමු වෙයි. හදිසි තීරණ මන ක්‍රියා කිරීම ශුභ නොවේ.

අම්ල පිත්ත රෝග බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. භගන්දර මූල රෝග මතු කරයි. ආහාර විෂවීම් වලට හේතුයි.

පවනික පීඩා හරණයට දහමට ලැදිව ක්‍රියා කිරීම දාන මානාදි පරිත්‍යාගකාරී කටයුතු වල යෙදීම මැනවී මරණයට කැප වූ සතෙකු නිදහස් කිරීම, මහා විෂ්ණු දෙවිට පූජා සවන්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

කුම්භ

ලග්නාධිපති අයස්ථාන ගතව සිටීම මෙම වසර ශුභයි. තම අරමුණු ජය ගනී. ධනය, බලය වර්ධනයට හේතු දේ.

රැකියා ලාභ ලබයි. ඇති රැකියා ස්ථාවර වෙයි. තනතුරු ලබයි. ව්‍යාපාරවල පැහැදිලි මතයක් දියුණුවක් ඇති වේ. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජිවිතය ශුභයි. තරමක් අරමුණු ජය ගනී. තම ඥාතීන් අතර වටිනාකම ප්‍රබල වෙයි. පරෝපකාරීව ක්‍රියා කරයි. අවිවාහක වූවන්ට මංගල සීනු නාද වෙයි. තමනට වගකීම් බහුල වෙයි. විදෙස් රැකියා ලාභ ලබයි. නව නිවාස ලාභ ලබයි හෝ නිවාස ඉදි කරයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. අවබෝධයෙන් ක්‍රියා කිරීමේ ශක්තිය ඇති වෙයි. නව නිර්මාණ ද බිහි කිරීමේ තත්ත්වය ඇති වෙයි. භූමි ලාභ සම්පන් හදිසි ලාභ ගෙන දෙන වසරකි. ඒ වාගේම වැය පස ද ඉහළ යයි. එබැවින් විය පැහැදම් දුරදිග බලා කළ යුතුය. දහමට ලැදි වේ. අධ්‍යාත්මක කටයුතු වලට යොමු වේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවීමේ වැඩ කටයුතු දියත් කරයි. පරාර්ථකාමීව කටයුතු කරයි. නම ඥානීන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙස වෙයි.

සෙම කෝප රෝග, ලේ දුෂිත රෝග, හමේ රෝග මතු කරයි. රක්ත හීනතාවට හේතුයි. මුත්‍රා රෝග මේහ රෝගාදිය මතු කරයි. පවතින බාධා දුරුකර ගැනීමට දාන ශීලාදී ගුණදම්වල නිරත වෙයි. ලේ දන්දීම් මරණයට කැප සතුන් නිදහස් කිරීමෙන් මහ විෂ්ණු සදෙව් වෙනුවෙන් පූජා පවත්වා ළිං අනුමෝදන් කර ආශිර්වාද ඵල ලබා ගැනීම මැනවී.

මීන

ලග්නාධිපති භාග්‍යස්ථාන ගතව එළඹී වසර ශුභයි. උනන්දුවෙන් ක්‍රියා කළ යුතු අතර සතුරු බලපෑම් එල්ල වේ.

රැකි රක්ෂා ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. තම ව්‍යාපාරවල ද බාධා ඉවත් වෙයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජයදේ. හදිසි ධන සම්පත් ලාභ ද ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. නම අරමුණු දියත් කර ගැනීමේ ශක්තිය මතු කරයි. අන්සතු දේපළ උරුමයට හේතුයි. නිවාස අලුත්වැඩියා හෝ නව නිවාස ඉදිකිරීමට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අටිවාහකයින්ට මංගල සීනු නාද වේ.නම ළඟම හිතවතුන්ගෙන් උදව් උපකාර ලබයි. නව ව්‍යාපාර ඇරඹීමට ද ශුභයි.

අධ්‍යාපනික කටයුතු තුළින් ජය ගනී. නමුත් තරමක් වෙහෙසව ක්‍රියා කළ යුතුයි. නරග තුරඟ ජය ගනී. ඇසුරේදී තරමක් ප්‍රවේශම මැනටි. නමට කැළල් ඇතිවන හේතු මතු කරයි. සංස්කෘතික කටයුතු වලත් ප්‍රසාදයට පත් වෙයි. මහ පොළොවෙන් වස්තු ලාභ දෙයි. ඒ පිළිබඳ වෙහෙසෙන්නන්ට ශුභයි. පෙනෙන්නෙ මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට ද හේතුයි. සිත් වංචල කරවයි.

දහමට ලැදිව ක්‍රියා කරයි නම් ළඟම ඥාතීන් ද දහමට යොමු කරවයි. අධ්‍යාත්මික ගුණ දහම් අරඹයි. පෙරදු සේවය මෙරජ සත්කාරක ක්‍රියාවෙහි යෙදේ.

තරමක් සෙඛ්‍ය තත්ත්වය දුර්වල වෙයි. ලේ දූෂිත රෝග මුත්‍රා ආසාදන මතු කරයි. සෙම් කෝප රෝග ද මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි.

පවතින දෝෂ සමනයට පහත පූජා විධි අනුගමනය මැනවි දාහ, ශිලාදී ගුණ දහම් වල යෙදීම, ශ්‍රමණ බමුණන් හරු කිරීම පුද පූජා පැවැත්වීම, ගණ දෙවි, ඊශ්වර දෙවි පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනය මැනවී.

දිවයින පුවත්පත ඇසුරෙන්…

Previous articleඅභියෝගවලට අභියෝග කළ ආදරණීය තරුණියක් නොසිතූ මොහොතක දිවියෙන් සමුගනී.. ඇයගේ නික්මයාම ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights