Home දේශිය පුවත් භාතියට දැන් කොහොමද ? හැමෝම බලාගෙන ඉන්න භාතිය ගැන දැන් ඇසෙන කතාව...

භාතියට දැන් කොහොමද ? හැමෝම බලාගෙන ඉන්න භාතිය ගැන දැන් ඇසෙන කතාව මෙන්න

0
79

භාතියට වැඩිපුර කැල්සියම් ලබාදීමට නියම වෙයි

51 වන දිනටද අද දින භාතිය ඇත් රජුට ප්‍රතිකාර සිදු වූ අතර අද දිනද ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබුවේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය තරිදු මහතා සහ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයෙ වෛද්‍ය ඉසුරු මහතා විසිනි.

ඊයේ දින පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක් දංගොල්ල මහතා භාතිය නිරීක්ෂණය කිරීමට පැමිනි අතර එහිදී ඇත් රජුගේ ඉදිරිපස පාදයේ යටිපතුල ගැලවී යාම හේතුවෙන් , ඇතුට කැල්සියම් වැඩි වශයෙන් ලබාදෙන ලෙස නිර්දේශ කොට ඇත.

එමෙන්ම ඇතුගෙ රුධිර වාර්තා, පෙරට සාපේක්ෂව තරමක් හොද අතර , ඇතුගේ ඉදිරිපස පාදයේ මාංශපේෂි දියවීම පෙරට සාපෙක්ශව යම්තාක් මට්ටමකින් වැඩි වී ඇත. ඇතු වලිගය, පාදය සහ හිස සොලවන අතර එය වඩාත් සුවදායි තත්ත්වයක් වනු ඇත.

එමෙන්ම ඇතු එක දිගටම වම් පැත්තටම වැටී සිටින අතර එම තත්වය නොසුදුසු අතර මහාචාර්යතුමාගෙ නිර්දේශ අනුව භාතිය අනිත් පැත්තට හරවා ටික දිනක් තබාම , නැවත නැගිට්ටවීමක් සිදු කිරීමට අපේක්ෂා කරනු ඇත.

ඇතු ආහාර හොදින් ගන්නා අතර, තවමත් සොඩයෙන් ආහාර ගැනීමට නොහැක. ඇතුගේ ස්නායු පද්ධතිය තුල කිසියම් රෝගී තත්ත්වයක් පවතිනු ඇත. ඒ හේතුවෙන් , ඇතු නැගිට්ටවූවත්, ඔහුට ඉදිරිපස පාද දෙකම භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එම පාද දෙකෙන්, වම් පාදය පෙර පරිදීම ආබාධිත අතර දකුණු පාදයෙහිද යටිපතුල ගැලවී ඇත.

දිවා රාත්‍රී නොබලා ඇත් රජු වෙනුවෙන් කැපවෙන මහව වනජීවි නිලධාරීන් ජයසුන්දර මහතා ප්‍රමුඛ වනජීවි නිලධාරීන්ට Protect Elephants World Global Association ගෞරවනීය ස්තූතිය පුද කරන අතර, ඇත් රජුට ප්‍රතිකාර කරන මහාචාර්ය අශෝක් දංගොල්ල මහතාටත්, වෛද්‍ය තරිදු මහතාටත්, වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාටත්, වෛද්‍ය ඉසුරු මහතාටත්, ගල්ගමුව වනජීවි නිලධාරීන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏

 

📷 belongs to its first respective owners .

Previous articleසීනි පාලනය කරන ගෑස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කරන මේ විශ්මිත පානයේ ඇති හිතාගන්නවත් බැරි ගුණ මෙන්න
Next articleමානසික සුවයක් ලබන්න නිවරැදිව භාවනා කරන ක්‍රම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights