සුබඵල රැසක් උදාකර දෙන අගෝස්තු මාසය ඔබට කොහොමද..? මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..#

සුබඵල රැසක් උදාකර දෙන අගෝස්තු මාසය ඔබට කොහොමද..? මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..#

 

උදා වුණු අගෝස්තු මාසය ඔබට, ඔබේ ලග්නයට කොහොම වේවිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

මේෂ ලග්නය
ස්ථාන මාරුවීම්
මේෂ ලග්න හිමියන්ගේ අරමුණු, අපේක්ෂාවන්, ජයග්‍රහණ, බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය යහපත් සමාජ පසුබිමක් සැකසෙන මාසයක් ලෙස අගෝස්තු මාසය පෙන්වා දිය හැකිය.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය පිළිබඳ සැලකිලිමත් වීමේදී, සාමකාමී වටපිටාවක් සහිතව ජීවිතය සන්සුන් බවකින් යුතුව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබෙන බව පැවැසිය යුතුය. එලෙසම තම දූදරුවන් සම්බන්ධයෙන් ද හිතකර වාතාවරණයක් හිමිවන බව පැවැසිය හැකිය. එයට හේතුව ඔබගේ මේෂ ලග්න කේන්දරයේ සිකුරු සහ සෙනසුරු ග්‍රහගමන යහපත් නිසා බව පැවැසිය යුතුය.

රැකියාව

ආර්ථිකය පිළිබඳ සැලකිලිමත්වීමේදී පවත්නා ග්‍රහගමන අනුව යම් ආකාරයක ප්‍රමෝදවත් බවකිනන් යුතුව රැකියා කටයුතු කිරීමේ අවකාශයක් මේෂ ලග්න හිමි ඔබට හිමිවේ. රැකියා කටයුතුවලදි දුෂ්කරතාවන් බාධාවන් ඇතිවීම සමහර විට ස්ථාන මාරුවීම් වැනි දේ පවා සිදුවීමට ඉඩකඩ ඇත. එමෙන්ම වෘත්තීමය කටයුතු යම් ආකාරයක නීරස වන අන්දමේ කටයුතු ද සිදුවිය හැකියි. එනිසා ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම මඟින් රැකියා කටයුතුවල සාර්ථකත්වය සඳහා අවශ්‍ය පදනම සකස් කළ හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපනය කෙරෙහි යම් උකටලී ස්වභාවයක් මේෂ ලග්න හිමියන් කෙරෙන් දිස් වුයේ නම්, එය අභිබවා තම අධ්‍යාපනය සම්බන්ධ කටයුතු කාරණා කෙරෙහි විශේෂ උනන්දුවක්, විශේෂ සාර්ථකත්වයක් මේ මාසය තුළ ඇති කරගත හැකිය

සෞඛ්‍යය

මේ මාසය ඔබට දැඩි ලෙස ලෙඩ දුක් පීඩා ඇති කරන මාසයක් නොවන බව පැවැසිය යුතුය. සෞඛ්‍යමය තත්ත්වය අතින් යහපත් පසුබිමක්, වාතාවරණයක් ඇතිකරන බව පැවැසිය යුතුය. එයට හේතුව ඔබගේ ග්‍රහගමනේ පවතින්නා වූ යහපත් බවයි.

සුබ දින – අඟහරුවාදා, ඉරිදා

සුබ වර්ණ – රතු, කළු, තඹ

සුබ අංක – 9 , 1

වෘෂභ ලග්නය
වෘත්තීමය සාර්ථකත්වය
වෘෂභ ලග්න හිමි ඔබට අගෝස්තු මාසය යහපත් යැයි ප්‍රකාශ කිරීමට අවකාශ ඇත. ග්‍රහගමන අනුව ඔබගේ දෛනික ජීවිතයේ කටයුතුවල කිසියම් ප්‍රබෝධයක් හා සාර්ථකත්වයක් ඇතිවන බව පැවැසිය හැකිය. විශේෂයෙන්ම කලාත්මක අංශයට නැඹුරුව තමාගේ සුවිශේෂී දක්ෂතාවයන් වර්ධනය කරගත හැකි ආත්ම ශක්තියෙන් යුතුව තම ජීවිතයේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකි යහපත් කාලසීමාවක් ලෙස මේ මාසය හැඳින්විය හැකිය.

ගෘහ ජීවිතය

ගෘහ දිවිය සම්බන්ධව කතාකරන විට ද වෘෂභ ලග්න හිමි ඔබට යහපත් කාලසීමාවක් උදාවන බව පැවැසිය හැකිය. ආකූල ව්‍යාකූල භාවයෙන් තොරව සාමකාමී යුග සැපතක් ගතකරමින් ජීවිතයේ සමෘද්ධියක් ලබා ගැනීමට ඔබට හැකිවනවා ඇත. දූ දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ද ඉතාම හිතකර වාතාවරණයක් උදාවේ.

රැකියාව

වෘත්තීමය රැකියා කටයුතුවල සුවිශේෂී සාර්ථකත්වයක් දක්නට ලැබෙන කාලසීමාවක් ලෙස ද අගෝස්තු මාසය හැඳින්විය හැකිය. තමා දැඩි කැපවීමකින්, උත්සාහයෙන්, උනන්දුවෙන් ක්‍රියාකිරිම මඟින් රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිකරන්නා සේම වෘත්තීමය වශයෙන් තමාගේ දක්ෂතා වඩාත් වර්ණවත්ව පෙන්වීම උදෙසා හැකියාව හිමිවේ. රැකියා ආයතනවල වෘත්තීය ජයග්‍රහණ සඳහා මඟ පාදන කාලසීමාවක් ලෙසද මේ කාලය ඔබට සුබවාදි වේ. සිකුරුගේ ග්‍රහ ගමන අනුව ආර්ථිකමය ප්‍රගතියක් මුදල් සම්බන්ධව යහපත් තත්ත්වයක් වෘෂභ ලග්න හිමි ඔබට හිමිවන බව පැවැසිය හැකිය. අනපේක්ෂිත ආකාරයේ ලොතරැයි දිනුම් ජය ලැබීමේ අවකාශයක් ඔබට පවතී. තමාගේ වාසනාව උරගා බැලීමට ඔබට කටයුතු කළ හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු ද හිතකර අන්දමින් සිදුකර ගැනීමට වෘෂභ ලග්න හිමියන්ට අගෝස්තු මාසය වාසනාව ගෙන එනවා ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිය. විභාගවලින් ඉහළ මට්ටමේ සාමාර්ථයත්, සම්මුඛ පරීක්ණවලින් ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබට හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකීමේදී ද වෘෂභ ලග්න හිමියන්ට තම සෞඛ්‍යය පිළිබඳ සතුටු විය හැකිය. කේන්ද්‍රයේ ග්‍රහ ගමනේ සුබදායි බව එයට හේතුවයි.

සුබ දින :– සිකුරාදා, බදාදා

සුබ අංක :- 6, 5

සුබ වර්ණ :– ලා නිල්, කොළ

මිථුන ලග්නය
දිවියේ සතුට සමාදානය
මිථුන ලග්න හිමියන්ගේ අරමුණු, බලාපොරොත්තු, අපේක්ෂාවල කිසියම් ප්‍රගතියක්, සාර්ථකත්වයක් හා දියුණුවක් ඇතිවීමට හේතු භූතවන ග්‍රහ පිහිටීමක් අගෝස්තු මාසයේ දි දක්නට ලැබේ. මීට පෙර බලාපොරොත්තු වූවාට වැඩි සාර්ථකත්වයක් වැඩිසැපතක් මේ මාසය පුරා ඔබට හිමි වනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ දිවිය පිළිබඳ සැලකීමේදී යුගදිවියේ සාර්ථකත්වයට හිතකර වාතාවරණයක් ඔබගේ දෛනික කටයුතු සඳහා යෙදී තිබෙන බව පැවැසිය හැකිය. දූදරුවන් සම්බන්ධයෙන් ද ඔබට සතුටක් සන්තෝෂයත් අත්විඳීමට මේ මාසය පුරා හැකිවනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ, සාර්ථකත්වයත් තුළින් වඩ වඩාත් සතුටුවීමට අවකාශ සැලසෙනු ඇත.

රැකියාව

රැකිරක්ෂා කටයුතුවල යහපත් ප්‍රගතියක් සාර්ථකත්වයක් මිථුන ලග්න හිමියන්ට අත් දකින්නට හැකි වනු ඇත. විශේෂයෙන්ම බ්‍රහස්පතිගේ ගමන මෙයට ප්‍රධාන හේතුව වෙයි. වෘත්තියමය කටයුතුවල කැපවීමෙන් නිරතවීම මඟින් තමන්ට යහපතක් ලැබිය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සඳහා ද ඔබට අගෝස්තු මාසය යහපත් ප්‍රතිඵල උදාකරනු ඇත. ප්‍රඥාවට කාරක කුසලතාවයන්ට කාරක බ්‍රහස්පති ලග්නයේ ගමන් කරමින් 5 වැන්න දැකීම තුළින් තම අධ්‍යාපන කටයුතුවලින් වර්ණවත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මිථුන ලග්න හිමියන්ට අවස්ථාව හිමිවේ.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වයද ඔබට අයහපත් නොවන බව පැවැසිය හැකිය. සෞඛ්‍යය කාරණා සම්බන්ධව බලවත් පීඩාකාරි තත්ත්වයන් ඇති නොවේ.

සුබ දින – බදාදා, සිකුරාදා

ජය අංක – 5,6

ජය වර්ණ – දම්, කොළ, ලා නිල්

කටක ලග්නය
සෞඛ්‍ය ගැන විමසිලිමත්වන්න
පවත්නා ග්‍රහචාරය අනුව කටක ලග්න හිමි ඔබට මේ මාසය තුළ මධ්‍යස්ථ ප්‍රතිඵල උදාකරන බව පැවැසිය හැකිවේ. එයට හේතුව වන්නේ ඔබගේ කේන්දරයේ ග්‍රහ ගමනේ සුබ අසුබ මිශ්‍රව පැවැතීමය.

ගෘහ ජීවිතය

ගෘහ දිවිය පිළිබඳ සැලකීමේදී එක්තරා අන්දමක සුබ අසුබ මිශ්‍ර බවක් පෙන්නුම් කරන බව පැවැසිය යුතුය. අඹුදරුවන් අතර වාද විවාදාත්මක තත්ත්වයන් ඇතිවිය හැකි අතර මත ගැටුම්, චෝදනා එල්ල විය හැකිය. ආවේගශීලි වචන භාවිතය ද ඇතිවිය හැකිය. ඉතාම ඉවසිලිවන්තව ක්‍රියාත්මක වීම තුළින් ගෘහ දිවියේ සතුට සමාදානය සමබරව පවත්වාගෙන යා හැකිය. දූ දරුවන් සම්බන්ධව ද මධ්‍යස්ථ බවක් දක්නට ලැබෙයි. ඔවුන්ට තම තමන්ගේ අධ්‍යාපන කටයුතු හා අනාගත කටයුතු සමබරව පවත්වාගෙන යාමට අවකාශ සැලසෙනු ඇත.

රැකියාව

වෘත්තීය කටයුතු සම්බන්ධව ගත් කල මේ මාසය මධ්‍යස්ථ පල ලබාදෙන මාසයක් බව කිව යුතුය. උත්සාහයෙන්, උනන්දුවෙන් ක්‍රියාකිරීම තුළින් වෘත්තීයමට කටයුතුවල කිසියම් අයුරක සාර්ථකත්වයක්, අභිවෘද්ධියක් ලබා ගැනීමට අවකාශ සලසා ගත හැකිය.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු කටක ලග්න හිමියන් වඩාත් සැලකිල්ලෙන් යුතුව තම අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. එම කටයුතුවල ප්‍රගතියක් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ආයාසයෙන් කටයුතු කළ යුතු වේ.

සෞඛ්‍යය

කටක ලග්න හිමියන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සැලකීමේදී වෙනදාට වඩා පරෙස්සම් සහගතව තම සෞඛ්‍යය කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් වේ. මුත්‍රා සම්බන්ධ ආබාධ, මුත්‍රාශය සම්බන්ධ ලෙඩ රෝග, වැටීම් තැලීම් වැනි පීඩා ගෙන දීමේ ප්‍රවනතාවයක් ඇත. එනිසා තමාගේ එදිනෙදා කටයුතුවලදී විමසිලිමත්ව, ඉවසිලිමත්ව කටයුතු කළ යුතුවේ. එමඟින් අනතුරුවලින් ආරක්ෂා විය හැකිය. ශරීරයේ යම් යම් වෛරස් තත්ත්වයන් ද මතුවිය හැකිය.

ජය අංකය – 2, 7

ජය වර්ණය – සුදු, ක්‍රීම් වර්ණය

සුබ දින- සඳුදා, බ්‍රහස්පතින්දා

සිංහ ලග්නය
අපේක්ෂා මල්ඵල ගැන්වේ
මේ මාසය සිංහ ලග්න හිමි ඔබට වඩාත් සුබ ප්‍රතිඵලයක් අත්පත් වන මාසයක් බව පැවැසිය හැකිය. එයට හේතුව ඔබගේ ලග්නාධිපති ලග්නයේ ගමන් කිරීම ඇරැඹීමයි. ඒ අනුව සිංහ ලග්න හිමියන්ට තමාගේ අරමුණු, අපේක්ෂා වඩවඩාත් සාර්ථක කර ගැනීමට තමාගේ වෘත්තීමය කටයුතුවල, සමාජීය කටයුතුවල, අපේක්ෂාවන් මල්ඵල ගන්වා ගැනීමට මෙය ඉතාම ඵලදායි සරුසාර මාසයක් බව පෙන්වාදිය හැකිය.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු ඉහළ මට්ටමේ සුබදායක බවකින් යුතුව ඉටුකර ගැනීමට හැකිවන බව ප්‍රකාශ කරන්නට හැකියාවක් නොමැත. හත්වැන්නේ රාහු ගමන් කිරීම එයට හේතුවයි. ගෘහ දිවියේ කටයුතුවලදී සමබරතාවය බිදෙන ආකාරයෙන් මත ගැටුම් ප්‍රශ්න, ගැටලු මතුවන අවකාශයක් ඇතිවිය හැකිය.

එනිසා ගෘහදිවියේ කටයුතුවලදී තමා නිශ්ශබ්දව ආවේගශීලි නොවී දැඩි කර්කෂ වචන භාවිත නොකර, නිවී සැනසිල්ලේ ජීවත්විය යුතු වේ. එසේ නොවුනහොත් ගැටලු මතුවිය හැකිය.

රැකියාව

ග්‍රහගමන අනුව වෘත්තීය කටයුතු කෙරෙහි යම් ආකාරයක බාධාකාරි තත්ත්වයත් මතුවීමට ඉඩකඩ පවතී. ඒරාෂ්ටක තත්ත්වයත් පවතින බැවිනි. එනිසා ඉතාම ඉවසිලිවන්තව, ඥානවන්තව, බුද්ධිමත්ව ක්‍රියාකිරීම තුළින් රැකියාමය කටයුතුවල ගැටලු ඇති නොකර ගනිමින් කටයුතු කළ හැකිය.

අධ්‍යාපනය

ග්‍රහ ගමන අනුව අධ්‍යාපන කටයුතුවල නියැලෙන සිංහ ලග්න හිමියන්ට ඒ සම්බන්ධව යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව, තරඟ විභාග ජය, ලකුණු ලබා ගැනීමේ හැකියාව විෂයානුබද්ධ දැනුම ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. ඒ අනුව ඔබට අධ්‍යාපනය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් පවතින බව පැවැසිය හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සැලකීමේදී සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබෙන වාතාවරණයක් ඇති වන බව පැවැසිය යුතුය. කේතුගේ ග්‍රහ ගමන මත සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කිසියම් ආකාරයක සුපරික්ෂාකාරි බවකින්ද යුතුව ඔබ කටයුතු කළ යුතුය. බඩවැල් සම්බන්ධ ආබාධ, අර්ශස් වැනි රෝගී තත්ත්ව සෙම් කෝප වීම වැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී.

ජය අංක – 1 ,9

ජය වර්ණ – තඹ, රන්වන්, රතු

සුබ දින – සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා

කන්‍යා ලග්නය
ආර්ථිකමය සාර්ථකත්වයක්
පවත්නා ග්‍රහ ගමන මත කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතයේ සමෘද්ධියක් සාර්ථකත්වයක් ඇතිකරන මාසයක් ලෙස අගෝස්තු මාසය හැඳින්විය හැකිය.

ගෘහ ජීවිතය

සුබ අසුබ මිශ්‍ර ගෘහ සැපතක් කන්‍යා ලග්න හිමියන්ට උදාව පවතින බව කිව යුතුව ඇත. සෙනසුරු හත්වැන්නේ ගමන් කිරීම එයට හේතුවයි. එනිසා ගෘහ කටයුතු මධ්‍යස්ථ ස්වභාවයකින්, සමබරව පවත්වාගෙන යාමට අවකාශ හිමිවේ. දූ දරුවන් සම්බන්ධයෙන්ද අයහපත් නොවන බව පැවැසිය යුතුය.

දරුවන්ගේ අධ්‍යාපනමය කටයුතු, දරුවන්ගෛ් වෘත්තීමය කටයුතු, සම්මුඛ පරීක්ෂණ වැනි කටයුතු, මඟින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශයක් පවතී.

රැකියාව

රැකියා කටයුතු ධනය පිළිබඳ සැලකීමේදී මේ මාසය යහපත් මධ්‍යස්ථ ඵලදායී මාසයක් බව පැවැසිය හැකිය. බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන මත ආර්ථිකමය සාර්ථකත්වයක් ලැබීමට මේ අනුව කන්‍යා ලග්න හිමියන්ට හැකියාව ඇත. මේ අතර ඔබගේ වියදම් පක්ෂයේද යම් වැඩිවීමෙන් දක්නට ලැබේ. එනිසා සුපරික්ෂාකාරිව කටයුතු කිරීමට වගබලා ගත යුතුය.

අධ්‍යාපනය

පවත්නා ග්‍රහචාරය අනුව අධ්‍යාපන කටයුතු සඳහා හිතකර වාතාවරණයක් පවතින බව පැවැසිය හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකීමේදී ද මේ මාසය මධ්‍යස්ථඵල දායක බව කිව යුතුය. අසනීප, ආබාධ, පීඩාවන්ට සුළු සුළු අවකාශ පැවතිය ද රාහු 6 වැන්නේ ගමන් කිරීම මඟින් සහනදායි තත්ත්වයක්ද ඇතිවේ. එනිසා සෞඛ්‍යය සම්බන්ධව මේ මාසය යහපත් බව පැවැසිය හැකිය.

ජය අංක – 5,6

ජය වර්ණ – දම්, ලා කොළ, නිල්

සුබ දින – බදාදා, සිකුරාදා

තුලා ලග්නය
දරුවන්ගේ දක්ෂතා ඉස්මතු වේ
තුලා ලග්නය අනුව සැලකීමේදී ඔබගේ ග්‍රහගමන අයහපත් නොවේ. ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේ ගමන් කරමින් ඔබගේ අරමුණු, අපේක්ෂා ඉටුකරමින් මෙතෙක් ඇති වූ උකටලී ස්වභාවයන් හෝ ගැටලුකාරී ස්වභාවයන් තිබුණේ නම් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත්කරමින් ඔබගේ අරමුණු අපේක්ෂා මල්ඵල ගන්වන්නට සමත්වන මාසයක් වශයෙන් අගෝස්තු මාසය ප්‍රකාශ කළ හැකිය.

ගෘහ ජීවිතය

ගෘහ දිවිය සම්බන්ධයෙන් එක්තරා අන්දමක සමබරතාවයක් පවතින බව පැවැසිය හැකිය. විශේෂයෙන්ම දූදරුවන් සම්බන්ධයෙන්ද හිතකර බවක් පෙන්නුම් කරන බව පැවැසිය හැකිය. දරුවන්ගේ දක්ෂතාවයන් වර්ණවත් වන කාලසීමාවක් ලෙස ප්‍රකාශ කළ හැකිය.

රැකියාව

ආර්ථිකමය ප්‍රගතිය ඉටුවන මාසයක් බව පැවැසිය හැකිය. විශේෂයෙන්ම, යෝග කාරක සෙනසුරුගේ ග්‍රහ ගමනත්, ලග්නාධිපතිගේ ග්‍රහ ගමනත් අනුව, ආර්ථිකමය වශයෙන් විශාල ප්‍රගතියක් තුලා ලග්න හිමි ඔබට හිමිවනු ඇත. ආදායම් මාර්ග වඩ වඩා දියුණුවක් ලැබීමත්, සරුසාරවීමත් යන වඩාත් හොඳ ප්‍රතිඵල ඔබට හිමිවේ. වෘත්තීමය දියුණුව සාර්ථකත්වනය මේ අනුව ඇතිවේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය සම්බන්ධයෙන් ද යහපත් ප්‍රතිඵලදායක මාසයක් බව පැවැසිය හැකිය. අධ්‍යාපනය කුසලතාවයන් වඩ වඩාත් වැඩි දියුණු වී විභාග ආදින්ගෙන් උසස් ආකාරයේ සාමාර්ථයන් ලබන්නට අවකාශ හිමිවන කාලවකවානුවක් වේ.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වයේ යහපත් බවක් දක්නට ලැබේ. මෙතෙක් කල් පැවැති රෝගාබාධ, ගැටලු පැවැතියේ නම් ඒ සඳහා සුදුසු ආකාරයේ ප්‍රතිකාර ලබා ගැනීමටත් එකී ප්‍රතිකාර මඟින් සුවපත්වීමටත් ඔබට අවකාශ හිමිවේ.

ජය අංක – 6,5,8

සුබ දින – සිකුරාදා, බදාදා, සෙනසුරාදා

සුබ වර්ණ – ලා නිල්, දම්

වෘශ්චික ලග්නය
සතුට හිමි සමයක්
අගෝස්තු මාසය වෘශ්චික ලග්න හිමියන්ට ජයග්‍රාහී මාසයක් තම අරමුණු ඉෂ්ටකරන මාසයක් සුබසිද්ධිය ඇතිකරන මාසයක් දියුණුවට මඟ පාදන මාසයක් වශයෙන් ප්‍රකාශ කළ හැකිය.

තමාගේ ජීවිතයේ සාර්ථකත්වය, අභිවෘද්ධිය දියුණුව සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් පවතී. මෙතෙක් කල් පැවැතුණු කිසියම් මන්දෝත්සාහී ගති, දුර්මුඛ ගති අහෝසි වී සක්‍රිය පුද්ගලයකු බවට පත්කකිරීමට අගෝස්තු මාසය හේතු පාදක වෙන බව පැවැසිය හැකිය.

ගෘහ ජීවිතය

වෘශ්චික ලග්න හිමි ඔබගේ ගෘහදිවිය පිළිබඳ සැලකීමේදී පැවැසිය හැක්කේ එක්තරා මට්ටමක සුබදායක බවකි. එනිසා යුගදිවිය සමබරව පවත්වාගෙන යාමේ අවකාශ ඔබට හිමි වනු ඇත. කේන්දරය පාපී ග්‍රහයන්ගෙන් පීඩා වී නොමැත.

දූ දරුවන් ගැන විමසීමේදී සුළු සුළු වශයෙන් සතුට, සන්තෝෂය ගිලිහීමට හේතු කාරණා යෙදිය හැකිය. එනිසා දූදරුවන් පිළිබඳ වැඩි සුපරික්ෂාකාරි බවක් දැක්වීම යහපත් වේ.

රැකියාව

රැකිරක්ෂා කටයුතු සඳහා යහපත් මාසයක් බව පැවැසිය හැකිය. රවි දහවැන්නට පැමිණීමත් සමඟ ඔබගේ වෘත්තීමය රැකියා කටයුතු බෙහෙවින් සාර්ථක වන බවත් යහපත් වන බවත් පැවසිය යුතුය. වෘත්තීමය වශයෙන් යම්කිසි අතෘප්තිමය භාවයක් පැවැතියේ නම් එය අහෝසි වී තෘප්තිමත් ආකාරයෙන් වෘත්තීමය තත්ත්වයක් ආර්ථිකයක් පවත්වා ගැනීමට අවකාශ සැලැසෙනු ඇත. සතුට, සන්තෝෂය හිමිවේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි සැලකිලිමත් බවත්, උනන්දුවක්,කැපවීමක් හිතට ගත් බවක් නොමැති විය හැකියි. එනිසා වෘශ්චික ලග්න හිමියන් අධ්‍යාපනයේ නියැලෙන කවරකු වුවද අධ්‍යාපන කටයුතු පිළිබඳ බෙහෙවින්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නැතහොත් එහි දුර්විපාක විදීමට සිදුවිය හැකිය.

සෞඛ්‍යය

පවත්නා ග්‍රහචාරය අනුව සෞඛ්‍යමය තත්ත්වය යහපත් බව පැවැසිය යුතුය. මෙතෙක් කල්පැවැති ලෙඩදුක්, පීඩා, අසනීප, ආබාධ සියල්ල අහෝසි වී සෞඛ්‍යමය වශයෙන් පුනරුථාපනයක් ඇතිකරන බව පැවැසිය යුතුය. ඒ අනුව ඔබට සෞඛ්‍යමය ප්‍රගතියක් ඇති කිරීමට කරුණු යෙදෙන බව පැවැසිය හැකිය.

ජය අංක – 9, 1

සුබ වර්ණ – රතු, තඹ

සුබ දින – අඟහරුවාදා, ඉරිදා බ්‍රහස්පතින්දා

ධනු ලග්නය
දිරියෙන් කටයුතු කළ යුතු කාලයක්
ධනු ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතයේ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් මේ මාසය තුළ ඇති කරන බව පැවැසිය යුතුය.

තමන්ගේ අරමුණු, අපේක්ෂා, බෙහෙවින්ම ප්‍රතිඵලදායක වන බව පැවැසිය හැකිය. තමාගේ උට්ඨානවීර්යයෙන්, කැපවීමෙන්, උනන්දුවෙන් කරනු ලබන සියලු කටයුතුවල යහපත මල්ඵල ගන්වන මාසයක් බව පැවැසිය යුතුය.

ගෘහ ජීවිතය

ගෘහදිවිය දීප්තිමත් ආකාරයෙන් යුතුව ගත කිරීමට කරුණු යෙදේ. යහපතක් සැලැසේ. ජීවිතේ අභිවෘද්ධියට මඟ පාදනු ලබයි.

දූ දරුවන්ට ද ජයග්‍රහණ ලබන වෘත්තීය දිනුම් ලබන සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සමත්වන විභාගවලින් ඉහළ සාමාර්ථයක් ලබන අවකාශයක් පවතී.

රැකියාව

ධනු ලග්න හිමියන්ගේ වෘත්තීය කටයුතු පිළිබඳව සැලකීමේදී ප්‍රකාශ කළ හැක්කේ, කුජ කේන්දරයේ 10 වැන්නේ ගමන් කිරීම හේතුවෙන් ධනු ලග්න හිමියන්ට අහිමි වූ බුක්ති විඳීමට නොහැකි වූ වරප්‍රසාද ලැබීම, වෘත්තීයමය කටයුතු දියුණුව, රැකියා කටයුතු සාර්ථකත්වය, වෘත්තීමය තත්ත්වයවැඩි දියුණු කිරීමට මඟ පාදනු ඇත. ආර්ථික වශයෙන්ද යහපත් වේ.

අධ්‍යාපනය

තම කුසලතාවයන් උද්දීපනයකර ගනිමින් අධ්‍යාපන කටයුතු වඩ වඩාත් වර්ණවත් කර ගැනීමේ අවකාශ ලැබෙන අතර විභාග ආදියෙන් සාමාර්ථය ලබා යහපත් ආකාරයේ අධ්‍යාපනික ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය

සෞඛ්‍යය තත්ත්වය යහපත් බව පැවැසිය හැකිය. සමබර සෞඛ්‍යය තත්ත්වයකින් යුක්තව කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ලෙඩ දුක් අසනීපවලින් යුතු වුණේ නම් ඒවාට සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකි වනු ඇත.

ජය අංක – 3,1

ජය වර්ණ – රන්වන්, තඹ

සුබ දින – බ්‍රහස්පතින්දා, ඉරිදා

මකර ලග්නය
ජීවිතයේ නවෝදයක්
අගෝස්තු මාසය ඔබට සුබදායක මාසයක් ලෙස සැලකිය හැකිය. ජීවිතයේ අමුතු පුනරුදයක්, ආලෝකයක්, නවෝදයක් ඇතිකිරීමේ ප්‍රවණතාවයක් ගෙන දෙන මාසයක් ලෙස මේ මාසය හැඳින්විය හැකිය.

ගෘහ ජීවිතය

ගෘහ දිවියේ කටයුතු යහපත් අන්දමින් සිදුකර ගෙන යා හැකිවේ. එයට හේතුව මෙතෙක්කල් පීඩාකාරිව සිටි අඟහරු භාග්‍යස්ථාන ගතවීමත් සමග මකර ලග්න හිමියන්ට ගෘහදිවියේ සියලුම ක්ෂේත්‍රයන්ගෙන් යහපතක් හිමි වන බව පෙනෙන්නට තිබෙන බැවිනි. තරමක් කල්පනාකාරීව ගෘහදිවියේ කටයුතු මෙහෙය විය යුතුය. සතුට, සැනසුමට හානි කරන යම් යම් දේවල් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ඉතාමත් විමසිලිමත්ව කටයුතු කළ යුතු වේ.

රැකියාව

ආර්ථික වශයෙන්ද මකර ලග්න හිමි ඔබට මේ මාසයේ යහපතක් අත්වන බව පැවසිය හැකිය. අනපේක්ෂිත ආකාරයෙන් ධන ලාභ ලැබීමේ වාසනාව ඔබට හිමිය. ලොතරැයි කටයුතුවල නියුතු වූවන්ට, මුදල් සම්බන්ධව හදිසියේ ලැබෙන දිනුම් ක්‍රම භාවිත කරන්නන්ට, කොටස් වෙළෙඳපොළට සම්බන්ධ අපට ඉතා සුබ කාලයක් බව පැවසිය යුතුය. වාර්තා ගත මට්ටමෙන් ධනය සම්බන්ධ ලාභ ලැබෙන කාල වකවානුවකි.

අධ්‍යාපනය

අධ්‍යාපනය කටයුතු සඳහා සුබදායක කාලසීමාවක් බව පැවැසිය යුතුය. කුසලතාවයන් ඔප් නවමින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අවකාශ හිමිවේ. පැවැති අඩපණ ගතිය නිමාකොට සක්‍රිය ලෙස අධ්‍යාපනය කටයුතු සිදුකිරීමට පෙළඹෙන කාලයකි.

සෞඛ්‍යය

සෞඛ්‍යය කෙරෙහි පැවැති තදබල පීඩාකාරි තත්ත්වයන්, ශල්‍යකර්ම කිරීමට සිදුවන තත්ත්වයන්, මූත්‍රා ආබාධ වැනි තත්ත්ව පසුගිය කාලයේ පැවැතියේ නම් එම ගැටලු ක්‍රම ක්‍රමයෙන් තුනී වී සෞඛ්‍යමය වශයෙන් යහපත් තත්ත්වයට පත්වීමේ අවකාශ ඇතිවේ. ඒ අනුව මකර ලග්න හිමියන්ට බෙහෙවින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකරන බව පැවැසිය හැකිය.

ජය අංකය – 8,6

සුබ වර්ණ – නිල්, සුල්

සුබ දින – සෙනසුරාදා, සිකුරාදා

කුම්භ ලග්නය
සුවිශේෂී ඵල දෙන මාසයක්
පවත්නා ග්‍රහ ගමන අනුව කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු මාසය යහපතක්, සුබසිද්ධියක්, සාර්ථකත්වයක්, අභිවෘද්ධියක් ගෙන එන වාතාවරණයක් ඇති කරන මාසයක් ලෙස හැඳින්විය හැකිය. ජීවිතයේ අමුතු අයුරින් සුළු සුළු බාධා ගැටළු ඇති වුවත් සුවිශේෂී කරුණූු කාරණා පල ඇතිකරන බව පැවැසිය යුතුය.

ගෘහ ජීවිතය

ගෘහදිවියේ කටයුතු සුබාසුබ මිශ්‍රව කරගෙන යාමට ඔබට සිදුවෙනු ඇත. ගෘහදිවියේ සමබරතාවය බිඳවැටීමට හේතු යෙදිය හැකිය. එනිසා යම් යම් ගැටලු මතුවිය හැකිය. අන්‍යෝනය වශයෙන් එකිනෙකාට චෝදනා කර ගැනීම, පරිභව කිරීම වැනි දේ සිදුවිය හැකියි. එනිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

රැකියාව

රැකියා වෘත්තීමය කටයුතු එතරම් ප්‍රශස්ත යැයි ප්‍රකාශ කළ නොහැකිය. කුම්භ ලග්න හිමියන් ගේ රැකියා කටයුතුවල ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගිය හැකිය. රැකියා කටයුතුවල දුර්වලබවක් හෝ අඩපණවීමක් හෝ අතපසුවීමක් මත වෘත්තිමය කටයුතුවල ගැටලු ප්‍රශ්න මතුවිය හැකිය. රජයේ රැකියා කරන අය මුදල් ගනුදෙනු සම්බන්ධවත් වෙනත් වෙනත් වෘත්තීන්වල නියැලෙන අය සැමවිටම අත්සන් කටයුතු කිරීමේදී කල්පනාකාරිව පරික්ෂාකාරීව කටයුතු කළ යුතුය. නැතිනම් ගැටලු මතුවිය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු යහපත්ව කරගෙන යාමේ අවකාශ ඔබට හිමිවේ. අධ්‍යාපන අංශයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශ හිමිවේ.

සෞඛ්‍යය

සෞඛ්‍යය පිළිබඳ කුම්භ ලග්න හිමියන් වඩාත් සැලකිලිමත් විය යුතුය. කුජ 8 වැන්නේ ගමන් කිරීම නිසා ශල්‍යකර්ම වැනි දේ මූත්‍රා සම්බන්ධ, මුත්‍රාශයය සම්බන්ධ රෝග ගැටලු පීඩා ඇතිවීමේ අවකාශ පවතී. ක්ෂණිකව ශල්‍යකර්ම කිරීමට සිදුවිය හැකිය.

ජය අංකය – 8,6

සුබ වර්ණ – නිල්, සුදු

සුබ දවස – සෙනසුරාදා, සිකුරාදා

මීන ලග්න
අවහිර බාධා මතින් ප්‍රගතියට
මීන ලග්න හිමියන්ට ඒරාෂ්ටකයක් පවතින චෝදනාව ඡ්‍යොතිෂ මත අනුව එල්ල කළ ද සෙනසුරුගෙන් වැඩි බලපෑමක් ඔවුනට එල්ලනොවන බව ප්‍රකාශ කළ යුතුව ඇත. කෙසේ නමුත් කල්පනාකාරීව ඉවසිලිවන්තව මේ කාලසීමාවේ ඔබ කටයුතු කළ යුතුය. පවත්නා ග්‍රහ ගමන මත පොදුවේ ගත් කල මීන ලග්න හිමියන්ට මේ මාසය යහපත් මාසයක් කිව යුතුව ඇත.

ජීවිතයේ අරමුණුූ අපේක්ෂා සාර්ථක කරන, අභිවෘද්ධිය සලසන, ජීවිතේ සතුටක් තෘප්තියක් ලබා දෙන මාසයකි. යම් යම් බාධා පීඩා ඇතිවිය හැකිය. කල්පනාකාරීව ඒවායින් මග හැරී ජීවත්විය යුතුයි.

ගෘහ ජීවිතය

ගෘහ දිවිය සම්බන්ධව සැලකීමේදීත් මධ්‍යස්ථ ප්‍රතිඵල අත්වන බව පැවැසිය යුතුය. තමාගේ සහකරුට සහකාරියට යම් යම් ආකාරයෙන් ලෙඩ දුක් පීඩා, අසනීප, ආබාධ නිසා යුගදිවියෙහි තෘප්තියට පීඩා ගෙන දෙන්නට පුළුවන, එනිසා එහි සාමකාමී බවට යම් විදියක අඩුපාඩු ඇතිවිය හැකිය. එනිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

රැකියාව

නව වැන්නාධිපතියා යහපත්ව කේන්දරයේ ගමන් කිරීම නිසාම රැකියා වෘත්තිය කටයුතුවල යහපත් බවක් ගෙන දෙන බව පැවැසිය යුතුය. වෘත්තීය කටයුතු පිළිබඳ ප්‍රගතියක් සාර්ථකත්වයක් ඇතිවේ. එයත් බාධා, ප්‍රශ්න, ගැටලු, අවහිරතා, මධ්‍යයේ මේ දේවල් ලබා ගැනීමට සිදුවන බව සිහි තබා ගත යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙයන් යහපත් තත්ත්වයක් දක්නට ලැබේ. විභාග සමත්වීම්, වැඩි ලකුණු ලැබීමේ සම්මුඛ පරීක්ෂණ මඟින් සාර්ථකත්වය ලබා ගැනීම, විදේශ ගත වීමට වීසා ලබා ගැනීම වැනි කටයුතු සඳහා යහපත් කාලසීමාවක් වේ.

සෞඛ්‍යය

සුබ අසුප මිශ්‍ර සෞඛ්‍යය තත්ත්යක් ඔබ කෙරෙහි විද්‍යමාන වන බව කිව යුතුය. වැටීම් තැලීම් අනතුරු පීඩා. හදිස්සි අනතුරු, ලේ සෙලවීම්වලින් බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය.

ජය අංක – 3, 9

ජය වර්ණ – රන්වන්, රතු

සුබ දින – බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබසෙත පුවත්පත ඇසුරෙන්..

Uncategorized