Home Uncategorized කාලි මෑණියන්ගේ බල මහිමයෙන් පොලු තිබ්බ ලක්ෂ 18 සතියකින් අතටම ගෙන්වා දුන්න...

කාලි මෑණියන්ගේ බල මහිමයෙන් පොලු තිබ්බ ලක්ෂ 18 සතියකින් අතටම ගෙන්වා දුන්න හැටි..

0
1590

කාලි මෑණියන් ඉතා ගරු ගාම්භීර තේජස් සහිත යක්ෂ සේනාධිපතිනියක් ලෙස කාලි බැතිමත්හු විශ්වාස කරති. ඒ උත්තමාවිය මහා කාලි ලෙස බැතිමතුන් අතර හැඳින්වේ.
කාලි අම්මාගෙන් වරම් ලබා කාලි මාතාව කෙළින්ම නියෝජනය කරන යක්ෂ සේනාධිපතිනියන් ලෙස “කාලි හත් තට්ටුව” සැලකේ.

01. භද්‍ර කාලි
02. මහා භද්‍ර කාලි
03. පේන කාලි
04. වඳුරු කාලි (හනුමා පත්‍ර කාලි)
05. ඊරි කාලි
06. සොහොන් කාලි
07. ගිනි කාලි

ලෙස එකී කාලි හත් තට්ටුව හැඳින්වේ. මේ හත් තට්ටුවට අමතරව දූත පිරිස ලෙසටද කටයුතු කරන යක්ෂණීහුද වහන්සේලාද සිටිති.
යක්ෂ සේනාධිපතිනියන් මෙන්ම යක්ෂ නිල දූතිකාවන්ද පිරිවරා සිටින මහා කාලි මෑණියන්ට විවිධ ජාතිකයෝ මෙන්ම විවිධ ලබ්ධිකයෝද එකසේ ගෞරවයෙන් පුද පූජා පවත්වති. කාලි ඇදහීම අනාදිමත් කාලයක් දක්වා විහිදෙන බවට සාක්කි දරන ජනශ්‍රැති, දේව කතා ඕනෑ තරම් ඇත.

තවද උම්මග්ග ජාතක කතා පුවතේ එන කාලි යක්ෂණී දමනයේදී අප මහා බෝසතාණන් වහන්සේ ඉදිරියේ පරාජය වන කාලි යක්ෂණියන්, කාලි මෑණියන් අතරත් ඇත්තේ වෙනත් සම්බන්ධයක් බවට කාලි මාතා අදහන බෞද්ධ බැතිමත්හු විශ්වාස කරති. ශ්‍රී ලංකාවේද විවිධ බැතිමතුන් අතර කාලි වන්දනාවට ලැබෙන්නේ වැදගත් තැනකි. බාරහාර වීමටත්, තම දුක් ගැනවිලි කියා පෑමටත් කාලි මාතා කෝවිල්වලට ඇදී එන සුවිශාල බැතිමතුන්ගේ පැමිණීම මෙයට දෙස් දෙයි. එමෙන්ම කාලි මාතා වන්දනාවද පරිස්සමෙන් කළ යුතු බව කියැවේ. අවංක, පිරිසුදු චේතනාවෙන් කෙරෙන පැමිණිලිවලට මෑණියන්ගේ පිහිට ලැබෙනවා සේම බොරු කරන අයට මෑණියන්ගෙන් දඬුවම් ලැබෙන බවටද බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. අනෙක කාලි මාතාවට කෙරෙන පුද පූජා නිසි ආකාරයෙන් ඉටුවිය යුතුය. ඒ පුද පූජාවලට නිවැරැදි ක්‍රමයක් තිබේ. කාලි මෑණියන්ට පහන් දල්වන විට එය සුපරික්ෂාකාරීව ඉටු විය යුතු බවට බැතිමතුන් අතර පවතින විශ්වාසයකි.

ඉන්දියාවේ ඇතැම් දේව කතා ග්‍රන්ථවලට අනුව ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය කෙරෙහි ඇත්තේ දැඩි බිය ගෙනදෙන ස්වරූපයකි. ඇත්තෙන්ම සත්‍යය එසේ නොවේ. කාලි මාතා කෝවිල්වල සාමිවරුන් පවසන පරිදි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය නමස්කාර කිරීමෙන් බැතිමතුන්ට බොහෝ ප්‍රතිඵල ලැබිය හැකිය. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය සිතුවම් කොට ඇති විලාසය දකින බොහෝ බැතිමතුන් බියට පත්වෙන බව සාමිවරු පවසති. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවියගේ යථා ස්වරූපය අධ්‍යයනය කිරීමෙන් ඒ බිය පුස්සක් වන බව ඔවුහු කියති. ඒ පිළිබඳව බැතිමතුන් දැනුවත් වී නොතිබීම ආභාග්‍යයක් බව ඔවුන්ගේ මතයයි. ප්‍රත්‍යාන්ගිරා දේවිය යැයි නම් කෙරෙන විටම බැතිමතුන් දක්වන්නේ ඉමහත් බියකි. ඔවුන්ට මතක් වන්නේ රෞද්‍ර විලාසයෙන් සිටින දේව සිතුවමකි. අතර්ව වේදයත් ප්‍රත්‍යාන්ගිරා දේවියත් අතර සම්බන්ධතාවක් ඇත. අතර්ව වේදය යක්ෂ ආත්ම හා නපුර පිළිබිඹු කරන බවට හින්දූන් අතර විශ්වාසයකි. ඉන්දීය සිනමා නිර්මාණවලින්ද මේ බව හුවා දක්වා ඇත.

සාමිවරුන් පවසන පරිදි එය වැරැදි මතයකි. ඔවුන් පවසන්නේ යථාර්ථය එය නොවන බවය. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අවස්ථාව පාර්වතියගේ එක් ස්වරූපයකි. පාර්වතිය මහා ශිවගේ භාර්යාව ලෙස සැලකේ. ශිව හා පාර්වතිය සැමගේ නමස්කාරයට බඳුන් වන දෙවි දේවතාවියන් දෙදෙනෙකි. පාර්වතියගේම එක් අවස්ථාවක් වන ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවියට බිය වීමට කිසිදු කරුණක් නැත. බිය, නපුර, යක්ෂ බැල්ම, යක්ෂ දෝෂ, ඇස්වහ, කටවහ, අනවින, හූනියම් දමනය කර බැතිමතුන්ට කඩිනමින් සහනය ගෙනදීම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවියගේ අරමුණය. සියල්ලන්ගේම සෘණ සිතුවිලි අකාමකා දැමීම ප්‍රත්‍යාන්ගිරා ඇදහිල්ලේ මූලික හරය වී ඇත. සෘණ සිතුවිලි පහළ වූ විට ධනාත්මක සිතුවිලි ඇතුළු වේ. චිත්ත පීඩා සමනය කර බැතිමතුන් නිරෝගී කිරීම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා නමස්කාරයෙන් සිදුවන බව මහේන්ද්‍ර සාමි පවසයි.

“කාලි මාතාවන් ශිවගේ බිරිය වන පාර්වතියගේ එක් අවස්ථාවක්. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවියත් එහෙමයි. පාර්වතියගේ තවත් අවස්ථාවක්. බොහෝ දෙනෙක් ප්‍රත්‍යාන්ගිරා දේවිය ගැන අධ්‍යයනය කරලා නෑ. දැනුවත් වෙලා නෑ. කාලි මෑණියන්ගේ තවත් ස්වරූපයක් තමයි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය කියලා කියන්නේ. බොහේ ගැටලුවලට විසඳුම් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවියගෙන් කඩිනමින් ලැබෙනවා කියලා තමයි විශ්වාසය.
මේ ළඟකදී දවසක් කාන්තාවක් ආවා කෝවිලට. කෙනෙක් ඇයගෙන් රු. දහ අට ලක්ෂයක් ඉල්ලා ගෙන තියෙනවා ණයට. හෙට දෙනවා අනිද්දා දෙනවා කිව්වත් ඒ මුදල ඇයට ආපසු ලැබිලා නෑ. දැන් ඒ ණය මුදල අරන් වසර 4කුත් ගතවෙලා.

තවම ආපසු දීලා නෑ. කර ගන්න දෙයක් නැති තැන ඒ කාන්තාව කෝවිලට ආවා. මට විස්තර කිව්වා. පුද පූජා තියලා ප්‍රත්‍යාන්ගිරා දේවිය ඉදිරියේ කන්නලව් කළා. ඇය ආපසු ගියේ හරිම විශ්වාසයෙන්.
සතියකට විතර පස්සේ ඒ කාන්තාව කෝවිලට ආවා. බාරහාර ඔප්පු කළා. එදා කෝවිලට බාර වෙලා ගිය සතිය ඇතුළත ණය ගත් තැනැත්තා රුපියල් ලක්ෂ 10ක් ගෙනැත් දීලා ඉතිරි මුදලත් ඉක්මනින් ගෙවන බවට පොරොන්දු වුණාලු. ඒ කාන්තාවට හරිම සතුටුයි. භාරවෙලා මෙච්චර ඉක්මනින් ණය මුදලෙන් කොටසක් ලැබීම ගැන.

එයා බාර හාර ඔප්පු කරලා කෝවිල හදන්න මට රුපියල් 50,000කුත් දීලා යන්න ගියේ මටත් වැඳලයි. ඒකයි මම කිව්වේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය ඉදිරියේ බාර වෙලා යන අයට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා කියලා. හලාවත මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍ර සාමිතුමා එසේ පැවැසීය.

නන්දන තෙන්නකෝන්

Previous articleඅමෙරිකානුවන් දිනකට පොල් වතුර කෝප්පයක් පානය කරනවා ඔවුන් එසේ කිරීමට හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි..
Next articleසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම සුබ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights