මේ කියන්න යන්නේ මුහුණුපොතේ සටහන් වන තවත් එක් පුවතක් පමණක් නොවෙයි, දහස් ගණනකගේ හදවත් සුනුවිසුනු කළ මහා ඛේදවාචකයක් ගැන කතාවක්.
මේ කතාව ඇහෙන්නේ යටියන්තොටින්.
තම පුංචි දරුවාව උපකාරක පන්තියට යැවීම සඳහා පාරට පැමිණි ඒ ආදරණීය මව, මාරයා තමාව සොයා එනු ඇතැයි හීනෙකින්වත් නොසිතන්නට ඇති.
යටියන්තොට තණකොළවත්ත ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් රැගත් බස් රථයකට යටවී මෙලෙස අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ ආදී රාජසිංහ මේලා චතුරාණි (1996 සා/පෙළ) නැමැති සොයුරියයි.
“අම්මා බස් එකට නංවන්න හිටියේ දරුවාව විතරයි, ඒත් මාරයා ඇයවම අරන් ගියා..” ඇගේ නික්මයාමෙන් අසරණ වූ දරු පැටවුන් තිදෙනා ද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අම්මාගේ උණුසුම අහිමි වූ බව තවමත් නොදන්නා ඒ අහිංසක දරු පැටවුන් තිදෙනාට ඉක්මන් සුවය ලැබේවායි අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
දරාගත නොහැකි මේ ශෝකය හමුවේ අසරණ වූ පවුලේ සැමට මේ දුක ඉවසීමට ශක්තිය ලැබේවා!
උපුටා ගැනීම – මුහුණු පොතින්












