Home දේශිය පුවත් “මම වෙනස් වෙන කෙනෙක්” – චමිලා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් පෙන්නලා මොකක්ද...

“මම වෙනස් වෙන කෙනෙක්” – චමිලා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් පෙන්නලා මොකක්ද මේ කියන්න හදන්නේ.?

0
81

ඇය දක්ෂ රංගන ශිල්පිණියක් . ඒ් වගේම හිත හොද ගැහැණියක්. කියන්න තියෙන දේ එළි පිට කියන, කරන ඇය මීට පැය කීපයකට පෙර අලුත්ම විදිහේ ඡායාරූප ටිකක් මුහුණු පොතට එකතු කර තිබුණා.

” මම වෙනස් විදිහට හිතන කෙනෙක්නේ ..එකම රාමුවක් ඇතුළේ කොටු වෙලා ඉන්න වගේම අනිත් අයට වුවමනා විදියට ජීවත් වෙන්න මම කැමැති නැහැ.. ඒ් වගේම අනිත් අයට අවහිරයක්, කරදරයක් වෙන විදියට ජීවත් වෙන්නත් මම ආස නැහැ. මම මගේ විදියට පාඩුවේ ජීවත් වෙන්න කැමැති කෙනෙක්.

මම කැමතියි මගේ අය මම කරන දේ දිහා බලල සතුටු වෙනවා නම්.. ඉතින් ඒ් වගේ හිතුණු වෙලාවට මම මේ වගේ දේවල් කරනවා. මේ ඡායාරූප ටික ගත්තෙත් ඒ් වගේ අවස්ථාවක. අපේ ජීවිත ඇතුළේ අපි හිතන්නේ නැති වෙනස්කම් වගේම හිතලා කරන වෙනස් වීම් පවා තියෙනවා. ඉතින් මම කැමතියි ම‌ගේ විදියට ඉන්න.සමාජයට කරදරයක් වෙන විදියට වගේම වැරදි අදහසක් නොයන විදියට ජීවත් වෙන්න.

දැන් බලන්න, සමහරු වැරදි කරල සතුටු වෙනවා. තවත් අය මිනිස්සුන්ව කෲර විදියට මරල සතුටු වෙන්න හදනවා. සතුට කියන්නේ ඒ්ක නෙමෙයි. කාටවත් කරදරයක් නැතිව අපිට සතුටු වෙන්න පුලුවන් නම් ඒක තරම් සතුටක් තවත් තියෙනවාද? නැහැනේ.” ඇය මෙහෙම කිව්වේ අපි ඒ ලස්සන ෆොටෝ ටික ගැන වගේම වෙනස ගැන ඇගෙන් අහපු වෙලාවේ.

පහුගිය දිනෙක ෆේස් බුක් හි තිබුණ චමිලාගේ තවත් ඡායාරූපයක් ගැන වැඩි කතාබහක් ඇති වී තිබුණා. ඒ්ක ගැනත් ඇය මෙහෙම කිව්වා.

”ඔය ෆොටෝ එක ගත්තේ මගේ දුවගේ යාලුවෙකුගේ අම්මා කෙනෙක්. ‘ක්ලැරන්ස් ‘ චිත්‍රපටය බලන්න ගිහින් සිටියෙදි තමයි ඒ්ක ගත්තේ. වාඩිවෙලා ඉද්දි මට බැලන්ස් එක නැතිව යද්දි මම කකුළ උස්සලා තියලා තමයි නොවැටී බේරුණේ. ඉතින් ඔය ගැන දන්නේ නැති අය විවිධ දේ ලියා තිබුණා. මම සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රතිචාර දක්වන අය එක්ක තරහා නැහැ. ඒ්ක ගැන ලොකුවට හිතන්නෙත් නැහැ. මොකද හරි දේ දන්නේ නැතිවනේ ලියන්නේ.”

Previous article“ජීවිතේ සුන්දරද මෙතරම්.. ” ප්‍රේමණීය වුණු ඔහු වෙනුවෙන් පූජනී කළ දේ දන්නවාද..?
Next articleමේ සැමරුවේ ඔහුගේ කීවෙනි උපන්දිනයද…? මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සමරපු හැටි
error: Content is protected !!
Verified by MonsterInsights