Home දේශිය පුවත් මම ඔබව ලස්සනට සරසන්න හදවතින්ම කැප වූ අයෙක්මි. සෙනෙහෙබර නිලි රැජිනගේ වියෝව...

මම ඔබව ලස්සනට සරසන්න හදවතින්ම කැප වූ අයෙක්මි. සෙනෙහෙබර නිලි රැජිනගේ වියෝව ගැන ඇයව හැඩ කල ඔහු තැබූ සංවේදී සටහන මෙන්න

0
68

මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී
වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ……මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්….වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත
ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට
ආයෙත් “ධනූ “කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද
ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා

ආදරණීය මා
ධනූ

Previous articleමෙතරම් ගෞරවයක් ලබන්නට තරම් ආදරණීය මාලනිය පිංවන්ත විය.
Next articleරොශාන් ප්‍රනාන්දුට අපල කාලයක්… ජින්ජර් තැබූ ආන්දෝලනාත්ම කතාවට තවත් ගායකයෝ ගේමට එයි. හැමෝම ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් ගැන දැන් ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights