Home දේශිය පුවත් “තවමත් එය සජීවී මට්ටමක පවතිනවා කියලා විශ්වාස කරනවා.. ” සියල්ලන්ගේම ඇස් මවිත...

“තවමත් එය සජීවී මට්ටමක පවතිනවා කියලා විශ්වාස කරනවා.. ” සියල්ලන්ගේම ඇස් මවිත කරමින් වත්තක තිබී හමුවූ දේ මෙන්න..

0
54

ඉපලෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගෙන ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

අද(20) දහවල් ගවයින් බැඳිමට යමින් සිටි පුද්ගලයකු විසින් එම අත්බෝම්බය මුලින් දැක ඇති අතර පසුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කිරිමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ වතු ඉඩමේ ගසක් අසළ තිබීය දී එම අත්බෝම්බය සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසියට සඳහන් කළේ..

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සජීවි මට්ටමේ පවතින බවට විශ්වාස කෙරෙන මෙම අත්බෝම්බයේ ඇතැම් කොටස් දිරාපත්වෙමින් පවතින බවයි. එමෙන්ම කිසියම් පුද්ගලයකු මීට කලකට ඉහතදී එම අත්බෝම්බය එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටද අනුමාන කෙරෙනවා..

අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර ඊට සම්බන්ධ විමර්ශන ආරම්භ කිරීමටද ඉපලෝගම පොලිසිය කටයුතු කර තිබෙනවා..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සහය ඇතිව එම අත්බෝම්බය ආරක්ෂීතව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ…

Previous articleකඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය ගැන ඇසෙන මේ ආරංචිය මොකද්ද ?
Next articleරටම බලාසිටි මහනුවර ඇසල පෙරහැර ගැන ඇසෙන ඒ පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights