2018 වසරේ නිව්යෝර්ක් නුවර ක්ලාර්ක්සන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය වෙන කවර වසරකටත් වඩා විශේෂයක් වෙලා තිබුනා.
නිවේදක විසින්, බ්‍රිට්නි හෝලී හා ග්‍රිෆින් හෝලි යනුවෙන් ඇමතීමත් සමගම මුලුමහත් ශ්‍රවණාගාරයෙම අත්පොළසන් මැද රෝද පුටුවකින් 25 වියැති බ්‍රිට්නි හෝලි හා ගෝල්ඩන් රෙට්‍රීවර් බල්ලෙක් වේදීකාවට පැමිණියා. අත්පොළසන් නාදය මැද බ්‍රිට්නි හෝලී සිය හඬ අවදි කරන්නට උනා.
මම මගේ මාස්‍ටර් උපාධිය හදාරන්න අයදුම් කරලා හිටියේ. ඒත් එකපාරටම නිදන්ගතව තිබුන කොඳු ඇට පෙලේ ආබාධයක් නැවත මතු උනා. ඒක වචනෙත් විස්තර කරන්න බැරි වේදනාවක්. මට මගේ එදිනෙදා වැඩක් වත් තනියම කරගන්න බැරි උනා. ඉගනීමට තිබුන බලාපොරොත්තු ඈත් උනා.. අනාගතය ගැන තිබුන සියළු සිහින බොඳ උනා. අවසානයේ මම මගේ කාමරට විතරක් සීමා උනා. දැඩි මානසික පීඩනයක්, තනිකමක් මාව ගිල ගත්තා. රැයක් දවාලක් ගැන වත් දැනීමක් නැතුව ඔහේ හිටියා.
ඔය කාලයෙදී තමයි ග්‍රිෆින්ව මට හමුවෙන්නේ.. ඔහු ඉතාම බුද්ධිමත් හැම අතින්ම උසස්.. මම ඔහුව සර්විස් ඩෝග් කෙනෙක් කියලා හඳුන්වන්න කොහොමටවත් කැමති නෑ. ඔහු මට ආයෙමත් ජීවිතයට බලාපොරොත්තු ගෙනාවා.. ඉතිං මට හිතුනා නවතපු තැනින් පටන් ගන්න.
වෙලාවකට පොතක්, වෙලාවකට ෆෝන් එක, එක විධානයකින් ඕන කරන හැම දේම ලඟට ගෙනත් දුන්නා. ඒ වගෙම එකම දවසක් වත් මග අරින්නෙ නැතුව හැමදවසකම මාත් එක්කම ලෙක්චර්ස් වලට සහභාගි උනා. ඒ නිසයි මට අද මේ දවස ලැබුනෙ…
ඒ වගෙම වඩාත් වැදගත් දේ ඔහු මගෙ මානසික පීඩනය, තනිකම නැති කරා. ඒ නිසයි මම අද සතුටින්.
ඔහුගේ සහය ඩිප්ලෝමා සහතිකයකට ලඝු කරන්න බෑ. ඔහු ඊට වඩා පරිපූර්ණයි. මම ඉදිරියේදි රැකියාවකට අයදුම් කරන්නේ ඔහුටත් සමගයි. ඔහු නැතිව කිසිම දේකට මම සහභාගී වෙන්නෙ නෑ.. යනුවෙන් බ්‍රිට්නි හෝලි සිය කතාව එසේ නිම කළද අදටත් අප වටා මෙවැනි කතා සිදුවෙමින් පවතී.
බල්ලන් කොන්දේසි විරහිතව මිනිසුන්ට ආදරේ කරමින් සිටියි. ❤️
#dog #doglover #animals #animallover #doglove
Mahesh Wlagedara
__________________
,
උපුටා ගැනීමක්.
