“අද බණ්ඩා මාමා හිටියා නම් එයා කොහොම දුක් වෙයිද කියල මට නම් හිතාගන්න වත් බැහැ…” දක්ෂිණ අධිවේගයේ සිදුවුණු බිහිසුණු අනතුරෙන් දිවි අහිමිවූ ඇය ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

“අද බණ්ඩා මාමා හිටියා නම් එයා කොහොම දුක් වෙයිද කියල මට නම් හිතාගන්න වත් බැහැ…” දක්ෂිණ අධිවේගයේ සිදුවුණු බිහිසුණු අනතුරෙන් දිවි අහිමිවූ ඇය ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

 

දක්ෂිණ අධිවේගයේ සිදුවුණු ඒ බිහිසුණු අනතුර, මේ ගැන බොහෝ දෙනා කම්පා වෙන්නේ සඳමාලිගේ ජීවිතයට ඒ සිදුවුණු අඳුරු සිදුවීම ගැන තවමත් ඇත්තේ අඳුරු මතකයක්.

මේ සංවේදී කතාව ගැන අදත් බොහෝ දෙනෙක් කම්පාවට පත්වෙනවා. සමජ මාධ්‍යවල සංසරණය වන තවත් සවේදී කතාවක් මේ සිද්ධිය ගැන මෙන්න මේ විදිහට අහන්න ලැබුණා.

“අපි ආදරේට කිව්වේ බණ්ඩා මාමා කියලා…බණ්ඩා මාමා මට හම්බ වුන, පුදුම ආදරණීයය මනුස්සයෙක්…බණ්ඩා මාමා මට හම්බ වුනේ ගාල්ල තල්ගහහේන ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී…ඒ අපේ අමරවංශ හාමුදුරුවෝ නිසා…මොකද බණ්ඩා මාමා කසාද බැඳල හිටියේ, අමරවංශ හාමුදුරුවන්ගෙ නංගිව.ඉතින් බණ්ඩා මාමා නිතර එහේ යන එන කොට මට හම්බ වෙලා තියෙනවා.ඒ හිනාව ඒ කතාව හරිම ආදරණීයයි.ඉතින් බණ්ඩා මාමගෙ පොඩි දුව තමා සඳමාලි අක්කා බණ්ඩා මාමා මීට අවුරුදු දෙකකට කලින් අහම්බෙන් අපි අතරින් සමුගත්තා. බණ්ඩා මාමගෙ ලොකු පුතා තමයි ඊශ්‍රායල් ඉඳල එන නිසා එක්කගෙන එන්න සඳමාලි අක්කා ඇතුළු පිරිස පාන්දරින් කටුනායක බලා පිටත් වෙලා තියෙන්නේ දෛවයද, වෙලාවද, කරුමෙද කියන්න දන්නෙ නැහැ.මේක තමා හැටි.

ඕනම තැනක අපි මියැදෙන්න පුළුවන් සඳමාලි අක්කා අහිංසක හීන ගොඩක් එක්ක ජීවිතේ ලස්සන ගමනක් යන්න ආරම්භ කලා විතරයි. ඉක්මනින් ජීවිතේ ගොඩ දාගන්න ගේමක් ගහන්න ඕන කියන තැන ධෛර්යයමත්ව හිටගෙන හිටපු කෙල්ලෙක් තමයි සඳමාලි අක්කා. එයාගෙම අතින් හදපු කේක් මම කාලා නැති උනාට, ගොඩක් අය එයාගෙ කේක් කන්න හරි ආසාවෙන් තවලම කේක් කඩේ හොයාගෙන ආවා කියලා අපි දන්නවා… ඉක්මනින් තමන්ගෙ ආදරවන්තයාව කසාද බැඳල එක වහලක් යටට එන්න පෙරුම් පුරාගෙන හිටපු මේ අහිංසකී අද අපිව දාලා යන්නම ගිහින්.
ඒ වාහනේ අනතුරට පත් වෙන වෙලාවේ වාහනයේ රියදුරා එයාගෙම ආදරවන්තයා… එයාටත් තවම මේ වෙච්ච දේ හිතාගන්න බැරුව ඇති. කවදාවත්ම එයා පදවපු වාහනයේම අනිත් පැත්තෙ අසුනෙ තමන්ගෙ ආදරණීයය සඳමාලිව මියැදෙනව බලන්න හීනෙකින් වත් නොපතන්න ඇති.

අද බණ්ඩා මාමා හිටියා නම් එයා කොහොම දුක් වෙයිද කියල මට නම් හිතාගන්න වත් බැහැ.කොහොම නමුත් වෙන්න තිබුණු දේ වෙලා ඉවරයි. මගේ පැතුම සඳමාලියට කවදාවත්ම සසරේ මෙවන් බියකරු අනතුරක් නොවේවා කියල වගේම, අනේ අර ආදවන්තයා වගේ කොල්ලොන්ට මෙවන් විපතක් නොවේවා කියලා.. ඒ අහිංසකයත් ගේමක් ගහගෙන ජීවිතේ දිනන්න උත්සාහ කරපු කෙනෙක්.. එයාගෙ මනස මේ වෙලාවේ කොහොම ඇත්ද කියලත් මට නම් හිතාගන්න පුළුවන් මේ සසර හරි බියකරුයි. හැමෝම පරිස්සමින් යන එන ගමන සිහි කල්පනාවෙන් යන්න රට ඉඳලා ආපු අයියට තමන්ගෙ නංගි මේ ලෝකේ නෑ කියන හැඟීම දැනෙද්දි..ආයෙත් කියන්නම්… නිදිමතයි නම් නිදියගෙන ඉඳල යන්න…කොච්චර හදිස්සි නම් වෙලාසන ඒ යන ගමන හිමින් යන්න. වේග සීමාව උපරිම 100 කියල තිබුණට 100 ටම යන්න එපා කවදාවත්ම තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයකින් පදවන්න මොකද සඳමාලි වගේම මේක කියවන ඔයත් අපට වටිනවා.”

Local Gossip