Home ක්‍රීඩා පුවත් ලෝක කුසලාන ෆයිනල් ඇති තරම් පැරදිලා ඇති… හැබැයි මේ තරම් දුක දැනිලා...

ලෝක කුසලාන ෆයිනල් ඇති තරම් පැරදිලා ඇති… හැබැයි මේ තරම් දුක දැනිලා නැ… ‘ හද සසල කරවන වෙන්වීම ගැන තවත් සංවේදී සටහනක් මෙන්න

0
102

ලෝක කුසලාන අවසන් තරග පරදිනවා ඇති තරම් දැකලා ඇති… කන්ඩායමක් විදිහට මගේ රට ක්‍රිකට් වලින් දවසින් දවස පරදිනවා දැකලා ඇති… අපේ ක්‍රිකට් වලට නැතුවම බැරි චරිත ක්‍රිකට් වලට සමු දෙනවා දැකලත් ඇති… ඒ හැම වෙලාවකම දුක් වෙලත් ඇති… හැබැයි ඒ කිසිම තැනක නොදැනුන වේදනාවක් ඊයේ තරගය අපි දිනලත් දැනුණා…

වෙල්ලා…💔

දුනිත්ගේ ලෝකේ… එයාගේ පණ මේ ලෝකෙන් යන්න ගියා!
මේක අමාරු වෙලාවක්… හිත හයිය කරගනිං වෙල්ලා…

මේක තමයි උඹ නැගිටින්නම ඕනි වෙලාව, ඒ උඹේ රත්තරං තාත්තා වෙනුවෙන්… කවදාහරි දවසක උඹේ නායකත්වය යටතේ ලෝක කුසලානයක් උස්සලා උඹ ” තාත්තගේ මං ඒ දේ කරා… මේක ඔයාට ‘ කියලා හයියෙන් කෑ ගහලා කියන්න ඕනේ…

ඔව්.. උඹට ඒක පුලුවන්..

තාත්තා වෙනුවෙන් මගේ රට උඹ ගෙනියන්න ඕනේ උපරිම තැනකට දවසක ගෙනියන්න ඕනේ… ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ කාටවත් කඩන්න බැරි වාර්තා කප්පරක් උඹේ නමින් ලියවෙන්න ඕනේ… තනිවෙලා නැ… රටක්ම ඉන්නවා උඹ එක්ක…!

Stay Strong WELLA! 🙏

Previous article“අද බණ්ඩා මාමා හිටියා නම් එයා කොහොම දුක් වෙයිද කියල මට නම් හිතාගන්න වත් බැහැ…” දක්ෂිණ අධිවේගයේ සිදුවුණු බිහිසුණු අනතුරෙන් දිවි අහිමිවූ ඇය ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..
Next articleවාසනාව උදා කරගන්න, මෙන්න මේ සංකේත ළඟ තියාගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights